Watapita

Just another WordPress site

වෙනස් ජාතීන් දෙකක් එකතු වුණාම ආදරය කරන්න ලේසියි, මම ආදරය කරන්නෙත් සිංහල කෙනෙකුට-නිරංජනී ෂන්මුගරාජා

අපේ කළා ක්ෂේත්‍රය තුල ඉන්න දක්ෂ ජනප්‍රිය මෙන්ම සම්මානනීය සුරූපී දමිළ රංගන ශිල්පිනියක් තමයි නිරංජනී ෂන්මුගරාජා කියලා කියන්නේ. ඒ වගේම ඇය නිවේදනයට වගේම නර්තනයටත් ඉතාම දක්ෂයි. ඉතින් ඇය පහුගිය දවසක යූ ටියුබ් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා අපිට වැඩිපුර අහන්නට දකින්නට ලැබෙන වර්තමාන සමාජයේ ආදර කතා ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ආදරේ කරන දෙන්නෙකුට ප්‍රශ්න එන්නේ ඒ දෙන්න අතරේ හරිහැටි තේරුම් ගැනීමක් නැති නිසා කියලයි ඇය කියන්නේ. ඒ වගේම කෙනෙක් අනිත් කෙනාට හරිහැටි වටිනාකම් දෙන්නැති එකත් දෙන්නෙක් අතර ප්‍රශ්න ඇති වෙන්න හේතුවක් වෙනවා කියලත් ඇය කියනවා. ඉතින් සමහා අයට ජීවිතේ ලොකු ලොකු දේවල් නැතත් පොඩි දෙයකින් වුනත් ලොකු සතුටක් ගේන්න පුළුවන් කියලයි ඇය කියන්නේ.

ඒ වගේම සමහර පවුල් තියෙනවා කොච්චර ලොකු දෙයක් හස්බන්ඩ් වයිස් වෙනුවෙන් කලත්, වයිෆ් හස්බන්ඩ් වෙනුවෙන් කලත් සැහීමකට පත් වෙන්නේ නැති අය. ඉතින් ඒ හැමදේම තම තමන්ගේ මානසික මට්ටම අනුව වෙනස් වෙනවා කියලත් ඇය කියනවා. කොහොම නමුත් ඇය නම් කියන්නේ දෙන්නෙක් කසාද බැඳලා ඩිවෝස් වෙන්න කලින් දරුවන් ඉන්නවා නම් ඩිවෝස් වෙන්න කලින් සිය පාරක් හිතන එක වටිනවා කියලයි ඇය කියන්නේ. මොකද දරුවන් ඉන්න දෙමව්පියන් ඩිවෝස් වෙනවා කියන එක දැන්නම් වැඩිපුර දකින්න තියෙන ලොකු ප්‍රශ්නයක් නිසා.

ඒ වගේම දෙන්නෙක්ට එකට ජීවත් වෙන්න බැරිනම් ඒ දෙන්නා වෙන් වෙන එක සාපේක්ෂයි කියලයි ඇය නම් කියන්නේ. හැබැයි දෙන්නෙක් බඳින්න කලින් ඒක හිතුවනම් ගොඩක් වටිනවා කියලත් ඇය කියනවා. නමුත් විවාහ වුනාට පස්සේ ගහ මරාගෙන ජීවිතේම විනාස කරගෙන ජීවත් වෙනවට වඩා වෙන් වෙන එක හොඳයි කියලයි නිරංජනීනම් කියන්නේ. ඉතින් කවදාවත් හදිස්සි වෙලා බඳින්න එපා කියලත් ඇය කියනවා.

ඒ වගේම දැන් දැන් ලංකාවේ ගොඩක් දමිළ, සිංහල, මුස්ලිම් වෙනස් ජාතින් විවාහ වෙන නිසා ඒ විවාහයන් එකම ජාතියේ අය විවාහ වෙනවට වඩා රැඳිලා තියෙනවා කියලයි ඇයනම් කියන්නේ. ඉතින් එතැනදී අමුතු ආදරයක් තියෙනවා කියලයි ඇය නම් කියන්නේ. ඉතින් ඒ පවුල ඇතුලේ වෙන්ස්වුණු සංස්කෘතියක්, වෙනස් වුනු භාෂාවක් වගේම වෙන්ස්වුණු රසාස්වාදයක් තියෙන නිසා ඒ වෙනස විදිමින් ආදරයෙන් ඉන්න ඒ අයට පුළුවන් කියලත් නිරංජනී කියනවා.

ඒ වගේම ඇය ආදරය කරන්නෙත් සිංහල කෙනෙකුට නිසා ඒ ආදරය ඇයගේ මුළු හදවතමට වගේම ඇයගේ ආත්මයටම දැනිලා තියෙනවා කියලයි ඇය කියන්නේ. ඉතින් ඇය ළඟදීම විවාහ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *