විවාහ වෙනකොට අපි දෙන්නට ඉදිකටුවක තරම්වත් දෙයක් තිබුනේ නැහැ, බැඳලා අවුරුදු 11ක් ඉඳලයි දරුවා හැදුවේ-නිරෝෂා තලගල
මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන කෝලම්කුට්ටම, බොනිකර තරු, දෙකඩ කඩ යන ටෙලි නාට්‍ය කිහිපයකින්ම ප්‍රේක්ෂකයින් හමුවට එන අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර රංගන ශිල්පිනියක් වගේම නර්ථන ශිල්පිනියක් තමයි නිරෝෂා තලගල කියලා කියන්නේ. ඉතින් දැන් කාටත් ආදර්ශයක් ලබා දෙමින් කළා ජීවිතයි පවුල් දෙකම සාර්ථකව පවත්වාගෙන යන ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.
ඉතින් ඇයගේ ලෝකෙට දූ පැටියා ඇවිල්ලා දැන් අවුරුදු 3ක් වෙනවා කියලයි ඇය කියන්නේ. ඒ වගේම හරි ඉක්මනට කාලය ගෙවිලා ගියත් දැන්නම් දුව දඟ මල්ලක් කියලත් ඇය කියනවා. ඉතින් විවාහ වෙලා අවුරුදු 11කට පස්සේ ඇයට අම්මා කෙනෙක් වෙන්න වාසනාව දුන් සුරංගනාවි නිසා දැන් ඔවුන් දෙන්නාගේම ජීවිත පිරිලා කියලයි නිරෝෂා කියන්නේ. ඉතින් දුව නිසා ජීවිතේ වෙනස්ම අත්දැකීම් එක්ක වෙනස්ම විදිහට ගතවෙනවා කියලත් ඇය කියනවා.

ඒ වගේම දුව ලැබිලා මාස 6කට විතර පස්සේ ඇය නැවත කලා කටයුතු පටන් ගත්තා. මොකද දැන් අපේ රටේ තියෙන ආර්ථිකයත් එක්ක සැමියා විතරක් රැකියාවක් කරලා ජීවත් වෙන්න අමාරු නිසා. ඉතින් ඇය වෘත්තිය රංගන ශිල්පිනියක් වුණාට ආර්ථික පැත්තෙන් හිතලා නාට්‍යවල රඟපෑවට ඇය ජීවත් වෙන්නේ සහ ඇයගේ ආත්මය තියෙන්නේ නර්තනය එක්ක. කියලයි නිරෝෂා නම් කියන්නේ. ඒ වගේම දුවත් දැන් සින්දු කියන්න, නටන දක්ෂ නිසා ඇය ආසයිලු දුව නර්තන ශිල්පිනියක් වෙනවට.

ඒ වගේම ඇයගේ ආදරණීය සැමියා වන අසේල ඇයටත් වඩා කලාවට ආදරේ කරන කෙනෙක්. ඉතින් ඇය නිළියක් වුණෙත් ඇයගේ සැමියා නිසා කියලත් ඇය කියනවා. ඒ වගේම අදත් ඇය නිදහසේ කලා කටයුතු කරගන්නේ සැමියාගෙන් ලැබෙන සහයෝගය නිසාලු. ඉතින් අවුරුදු 6ක් ආදරේ කරලා තමයි 2008 දි මේ දෙන්න විවාහ වෙලා තියෙන්නේ.
ඉතින් විවාහවෙලා අවුරුදු 11කට පස්සේ තමයි ඇයට දුව ලැබෙන්නේ. නමුත් දරුවෙක් හදන්න ඒ තරම් කාලයක් ගත කරපු එක ගැන ඇය චුට්ටක්වත් පසුතැවෙන්නේ නැහැ කියලයි නිරෝෂා කියන්නේ. කොහොම නමුත් මේ දෙන්නා විවාහ වෙනකොට අසේලට රැකියාවක් තිබිලා නැහැ. ඒ නිසා ගෙදරින් අකමැති වේවි කියා බයක් ඇයට තිබුනත් අසේල ඇයව ඇහැක් වගේ බලා ගනීවි කියන විශ්වාසය ඇයගේ මවුපියන්ට තිබුණා කියලත් නිරෝෂා කියනවා. ඉතින් ඒ විශ්වාසය අදටත් එහෙමම රකින්න ඔහුට හැකිවෙලා තියෙනවා.

කොහොම නමුත් මේ දෙන්න විවාහ වෙනකොට ඔවුන් දෙන්නට කියලා ඉදිකටුවක තරම්වත් දෙයක් තිබුණේ නැහැ කියලයි නිරෝෂා නම් කියන්නේ. ඉතින් ඔවුන් දෙන්නාගේ මහන්සියෙන් තමයි හැමදේම පොඩ්ඩ පොඩ්ඩ ගොඩ නගා ගෙන තියෙන්නේ. කොහොම නමුත් දැන් නම් අපේ රටේ තත්ත්වය එක්ක දරුවගේ අනාගත ගැන තියෙන්නේ මහා බයක් කියලත් ඇය කියනවා. ඒ නිසා දරුවගේ අනාගතය ගැන හිතිලා ඉදිරියේදි ලංකාවෙන් යන්න ඉඩ තියෙනවා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.