මම මුලින්ම අනගි එක්ක රඟපාද්දී ලොක් වෙලා වගේ හිටියේ, රංගනයට වඩා මම කැමති ගායනයට-නිසල් සත්සරගේ
මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන ඉස්කෝලේ ටෙලිනාට්‍යයේ දුලාන්ගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පියෙක් තමයි නිසල් සත්සරගේ කියලා කියන්නේ. කොහොම නමුත් ඔහුව රංගන ශිල්පියෙක් ලෙස බොහෝ දෙනෙක් හදුනාගෙන හිටියත් ඔහු මුලින්ම කළා ක්ෂේත්‍රයට එකතු වෙන්නේ ගායන ශිල්පියෙක් විදිහටයි. ඒ වගේම ඉස්කෝලේ ටෙලි නාට්‍යයයේ ‘භාග හඳ පායා ආපු දාට’ ගීතය ගායන කරන්නෙත් ඔහු විසින්. ඉතින් ඔහු පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඔහුගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ඉස්කෝලේ ටෙලි නාට්‍යයේ දුලාන්ට ගොඩාක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා කියලයි ඔහු කියන්නේ. ඒ වගේම දුලාන්, අනගි කියන්නේ එකම පන්තියේ හොඳම යාළුවෝ වුණත් එතැන පුංචි ප්‍රේමයකුත් තියෙනවා කියලත් ඔහු කියනවා. කොහොම නමුත් පාසල් ප්‍රේමයත් බොහෝ දෙනෙක් අතරේ තියෙන දෙයක් නිසා මේ නාට්‍යයේ එහෙම ලොකුවටම ප්‍රේමයක් අඟවන්නෙ නැති නිසා බැණලා ප්‍රතිචාර ලැබිලා නම් තවම ලැබිලා නැහැ කියලයි නිසල් කියන්නේ. ඒ වගේම ඔහු දෙරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් 9 තරඟාවලිය හරහා තමයි කළා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ.

ඉතින් ඔහු මුලින්ම කැමරාවට මුහුණ දෙද්දි ලැබුණු අත්දැකීම කවදාවත් අමතක වෙන්නේ නැහැ කියලයි ඔහු කියන්නේ. මොකද මුලින්ම ඔහුට තිබුණේ අනගිව බයිසිකලේ තියාගෙන යන සීන් එකක්ලු. ඉතින් කවදාවත් කරපු නැති දෙයක් නිසා සමහර තැන්වලදී ලොක් වුණා කියලත් ඔහු කියනවා. ඒ වෙලාවේ ඔහුට ඩයලොග් කියවුණෙත් නෑ කියලයි ඔහු කියන්නේ. ඉතින් මුලදී එහෙම අසරණ වුණ අවස්ථාත් තිබුනට පස්සෙ පස්සෙ හරි ගියා කියලත් ඔහු කියනවා.

ඒ වගේම ඔහු පොඩි කාලෙ ඉඳන්ම සංගීතයටලු ගොඩක් ආස කළේ. ඉතින් රංගනය ඔහුට අහම්බෙන් ලැබුණු දෙයක් නිසා දැන් දෙකටම එක සමානව ප්‍රතිචාර ලැබෙනවා කියලත් ඔහු කියනවා. ඒත් ඔහු පෞද්ගලිකව වඩාත් කැමති ඔහු තුළ ඉන්න ගායකයාට නිසා ඉදිරියේ දී දෙකම සමබරව කරගෙන යන්න උත්සාහ කරනවා කියලයි නිසල් කියන්නේ. ඒ වගේම ඔහු හිතන්නේ ආදරය ඔහුට දැන්ම ඕන නෑ කියලාලු. ඉතින් ඒකටත් කාලයක් එයි කියලයි ඔහු අවසාන වශයෙන් පවසලා තිබුනේ.