ගායිකාවක් වෙන්න අසාවෙන් හිටපු මම අන්තිමට රංගන ශිල්පිනියක් වුණා, මගේම ගීතයක් ළඟදීම එනවා-නිත්‍යා දේවින්දි
පුංචි තිරය ඔස්සේ නිරන්තරයෙන්ම ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර රංගන ශිල්පිනියක් තමයි නිත්‍යා දේවින්දි කියලා කියන්නේ. ඉතින් ඇය මේ දිනවල ස්වර්ණවාහිනී නාලිකාව ඔස්සේ විකාශනය වන පාර දිගේ ටෙලිනාට්‍යයේ රුවිනිගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එනවා. ඒ වගේම ඇය කරන්න යන අලුත්ම වැඩක් ගැන අපිට අහන්න ලැබුණා. ඉතින් ඒ ගැන ඇයගෙන්ම අහලා දැනගන්න පහුගිය දවසක පුවත්පතක් විසින් ඇයව කතා බහට එකතු කරගෙන තිබුණා.

ඉතින් රුවිනි කියන්නේ පාරදිගේ නාට්‍යයේ මුලදි නම් එතරම් ලොකුවට කතා කරපු චරිතයක් නෙවෙයි වුනත් පස්සෙ පස්සෙ ගොඩක් ඒ චරිතය එළියට එන්න ගත්තා කියලයි ඇය කියන්නේ. ඒ නිසාම රෙහාන්ගෙ නංගීගේ චරිතයට මේ වෙනකොට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා කියලත් ඇය කියනවා. ඒ වගේම ඇය තවම කළා ක්ෂේත්‍රයට ඇවිල්ල අවුරුදු තුනක් වගේ පොඩි කාලයක් කියලයි ඇය කියන්නේ. හැබැයි මෑතකාලීනව පාර දිගේ ටෙලි නාට්‍යය හරහා ගොඩක් ඇය මිනිස්සු අතරට ගියා කියලත් නිත්‍යා කියනවා.

ඉතින් දැන් ක්ෂේත්‍රයට එන්න නවකයන්ට ගොඩක් ක්‍රම විවෘත වෙලා තියෙනවා වුනත් කළා ක්ෂේත්‍රයට ගේන්න ඕනෑ හැම වෙලාවෙම දක්ෂ කෙනෙක්ලු. මොකද ලස්සන කියන්නෙ දෙවියන් වහන්සේ දීපු වරප්‍රසාදයක් විතරයි කියලයි ඇය නම් කියන්නේ. ඉතින් ඒකෙන් ඒ කෙනා රඟපාන්න සුදුසු ද කියන්න බැහැ කියලත් ඇය කියනවා. මොකද රංගනය තුළ දී හදා ගන්න ගොඩක් දේවල් තියෙන නිසා. ඒ නිසා ඇය හිතන්නෙ රංගන ශිල්පිනියක් වෙන්න ලස්සන විතරක් තිබිල මදි කියලාලු. ඒ වගේම කෙනෙකුට ඇඟ ඇතුළෙන්ම කලාවට දක්ෂතාවයත් තියෙන්නම ඕනේලු කලා ක්ෂේත්‍රය තුළ දිගටම රැඳෙන්න නම්.

ඒ වගේම ඇය පාසල් කාලයේ දක්ෂ ගායිකාවක් කියලත් නිත්‍යා කියනවා. ඉතින් ඇය මේ ළඟදි ඩුබායිවල පැවැති සංගීත ප්‍රසංගයකටත් සහභාගි වුණාලු. කොහොම නමුත් ගායිකාවක් වෙන්න කැමැත්තෙන් හිටියත් අවසානයේ දී රංගන ශිල්පිනියක් වුණා කියලයි ඇය කියන්නේ. හැබැයි ඇය බලාපොරොත්තුවෙන් ඉන්නවාලු ඉදිරියේදි ඇයගේම ගීතයක් එළිදක්වන්න. ඉතින් මේ දිනවල ඇය ඇයගේම කියල ගීතයක් එළිදක්වන්න වැඩ සූදානම් කරන ගමන් ඉන්නවා කියලත් ඇය කියනවා. ඒ වගේම සංගීත ප්‍රසංගවලටත් ආරාධනා ලැබුණොත් ඇය අනිවාර්යයෙන්ම සහභාගි වෙනවා කියලයි නිත්‍යා කියන්නේ.

ඉතින් ගායනය රංගනය කියන දෙකටම ඇය ගොඩක් කැමතියි කියලත් නිත්‍යා කියනවා .මොකද ඔය දෙකම ඇය හරිම ආසාවෙන් කරපු දෙකක් නිසා. ඒ නිසා පොදුවේ ඇය කලාවට හරිම කැමතියි කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.