Watapita

Just another WordPress site

අද සමාජයේ එක්කෙනෙක් ළඟ නවතින් නැතුව දෙතුන් දෙනෙක්ට මාරු වේවි ආදරය කරන එක ෆැෂන් එකක් වෙලා-නිත්‍යා දේවින්දි

මේ දිනවල පුංචි තිරය ඔස්සේ අතිශය ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබමින් විකාශනය වන පාර දිගේ ටෙලිනාට්‍යයේ රුවිනිගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී රංගන ශිල්පිනියක් තමයි නිත්‍යා දේවින්දි කියලා කියන්නේ. රංගනයට වගේම ඇය ගායනයටත් ඉතාම දක්ෂයි. ඉතින් දැන් විවාහ වෙලා කාටත් ආදර්ශයක් සපයමින් සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන ඇය පහුගිය දවසක යූ ටියුබ් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ඇයනම් කැමති විවාහ වුනාම හස්බන්ඩ් එක්ක වෙනම ජීවත් වෙන්නලු. එතකොට ඔය පවුල් ප්‍රශ්න ගොඩක්ම අඩු වෙනවා කියලයි ඇය කියන්නේ. ඒ වගේම 2019 දෙරණ අවුරුදු කුමරිය තේරීම තරඟය හරහා තමයි ඇය මුලින්ම කළා ක්ෂේත්‍රයට එන්නේ. ඉතින් එහි අවසන් 12දෙනා අතරට තේරිලා තමයි ඇය දැන් මේ තාක් දුරුට කළා ක්ෂේත්‍රය ඔස්සේ සාර්ථක ගමනක් ඇවිත් තියෙන්නේ.

ඒ වගේම දෙන්නෙක් කොච්චර කල් ආදරේ කරලා විවාහ වුනත් කාලයක් එකට ජීවත් වෙනකොට තමයිලු දෙන්නගේ නොගැලපීම් කියන දේවල් එලියට එන්නේ. ඉතින් යාළුවෙලා ඉන්න කාලේ දකින්නැති ගොඩක් දේවල් විවාහ වුනාට පස්සේ දකින්න පෙන්න ගන්නවා කියලත් ඇය කියනවා. ඒ වගේම අද සමාජයේ එක්කෙනෙකුට ආදරේ කරලා නවතින්නේ නැතුව තව දෙතුන් දෙනෙක්ට මාරු වේවි ආදරය කරන එක ෆැෂන් එකක් වෙලා කියලයි නිත්‍යා නම් කියන්නේ.

කොහොම නමුත් ඇය සාමන්‍ය ගෙදරක, සාමාන්‍ය පවුලක සාමාන්‍ය ගෑනු ළමයෙක් විදිහට හැදුනු නිසා ඇයගේ අම්මා තාත්තා ඇයට කියලා තියෙන්නේ කෙනෙක්ට ආදරේ කරලා විවාහ වෙනවනම් එයත් එක්ක ජීවත් වෙන්න තමන් දැනගන්න ඕන කියලාලු. ඒ වගේම ලිවින් ටු ගෙදර කන්සෙප්ට් එක හොදයි කියලත් ඇය කියනවා. හැබැයි හොඳ වුනාට සමහරු අවුරුදු 5ක් 6ක් විතර එක්කෙනෙක් එක්ක ලිවින් ටු ගෙදර ඉඳලා ගැලපෙන්නේ නැහැ කියලා අත්හැරලා දාන පිරිසකුත් ඉන්න නිසා ලිවින්ටු ගෙදර සංකල්පය හැමතිස්සෙම සාර්ථක වෙන්නේ නැහැ කියලයි නිත්‍යා නම් කියන්නේ.

ඒ වගේම දැන් බදින්නෙත් නැතුව සිංගල් මාම් වෙච්ච අයත් අපේ රටේ ගොඩක් ඉන්නවා කියලත් ඇය කියනවා. කොහොම නමුත් කසාද බැඳලා දරුවෙක් හැදුවත් තත්තා දාලා ගියොත් ඉතුරු වෙන්නේ අම්මා විතරයි කියන දේ සිංගල් මාම් කියන සංකල්පය ඇතුලෙම තියෙනවා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *