Watapita

Just another WordPress site

ඔහුගේ කලින් ආදර සම්බන්ධතාවල අත්දැකීම් නිසාම අපි ආදරේ නොකියම හමුවෙලා මාස තුනකින් විවාහ වුණා-නිත්‍යා දේවින්දි

මේ දිනවල අතිශය ප්‍රේක්ෂක ප්‍රතිචාර මධ්‍යයේ විකාශනය වන පාර දිගේ ටෙලිනාට්‍යයේ රුවිනිගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර රංගන ශිල්පිනියක් තමයි නිත්‍යා දේවින්දි කියලා කියන්නේ. ඉතින් දැන් ජනප්‍රිය නාට්‍ය කිහිපයක නිෂ්පාදකවරයෙක් එක්ක විවාහ වෙලා කාටත් ආදර්ශයක් සපයමින් සුන්දර විවාහ ජීවිතයක් ගත කරන ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඇය දෙරණ අවුරුදු කුමරිය තරගයෙන් අවසන් දොළොස් දෙනා අතරට තේරිලා තියෙනවා. ඉතින් ඒ විදිහට දෙරණට සම්බන්ධ වුණු නිසා ඇයට රංගනයට අවස්ථාවක් ලැබුණා කියලයි ඇය කියන්නේ. ඒ 2019 අවුරුද්දේ අන්තිමට. ඉතින් ඒ විදිහට පටන් ගත්ත ගමන තමයි මේ තවත් යන්නේ. ඒ වගේම ඇය රංගන ශිල්පිනියක් කියලාවත් ඇයගේ රූපේ මිනිස්සුන්ට අමතක වෙයි කියලාවත් නටන්නේ නැහැ කියලයි ඇය කියන්නේ. ඒ නිසාම ඇයට ඕන වෙලාවක රංගනය අත ඇරලා ඉස්සර හිටියා වගේ ඉන්න පුළුවන් කියලත් ඇය කියනවා.

ඒ වගේම ඇයගේ ආදරණීය සැමියා වන ගීත්ව ඇයට මුණගැහෙන්නේ ඇය රංගනයට ආපුම කාලේ කියලයි ඇය කියන්නේ. ඒ කලේ ඇය වැඩිය ජනප්‍රිය නැහැ කියලත් නිත්‍යා කියනවා. ඉතින් දැන් ටිකක් හරි ජනතාව දන්නේ පාර දිගේ නාට්‍ය නිසා කියලයි ඇය කියන්නේ. කොහොම නමුත් ජනප්‍රියත්වයක් නැති කාලේ හම්බුණ ගීත් ඇයව හරි ආදරෙන් එයාගේ ජීවිතේට එකතු කර ගත්තා කියලත් ඇය කියනවා. ඒ වගේම මුලින්ම ඔවුන් හමුවෙලා තියෙන්නේ රණවිරු සෙවණ ඉවෙන්ට් එකකට ඔහු ඇයට ආරාධනා කරලා.

ඉතින් ටික දවසකට පස්සේ අපි බඳින්නේ කවදාද කියලා ඔහු ඇයගෙන් ඇහුවාලු. ඊට පස්සේ ඇය කිව්වාලු ඔක්කොටම කලින් ගෙදරින් අහන්න කියලා. ඉතින් අන්තිමට ආදරේ නොකියාම මාස තුනක් වගේ කෙටි කලකින් විවාහ වුණා කියලයි ඇය කියන්නේ. ඒ වගේම ඔහු කවදාවත් ඇයට රඟපාන්න එපා කියලා නැහැලු. ඒ වුණාට අකමැත්තක් තිබ්බාලු ඔහුට කලින් තිබ්බ ආදර සම්බන්ධතාවල අත්දැකීම් එක්ක. නමුත් ඇය ඉන්න විදිහ හැසිරෙන විදිහ එක්ක ඔහුගේ ඒ අකමැති ගතිය නැතිවෙලා ගියා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *