Watapita

Just another WordPress site

සල්ලි වලට වඩා මට ගෞරවය වටිනවා, මම මාසෙන් පාඩම් කරලා A3ක් දාලා කැම්පස් ගිය කෙනෙක්-නිවර්තනා දේවගේ

වේදිකාව, සිනමාව මෙන්ම පුංචි තිරය හරහාද කාගේත් ආදරය දිනාගත් දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර රංගන ශිල්පිනියක් තමයි නිවර්තනා දේවගේ කියලා කියන්නේ. ඒ වගේම මෙවර රයිගම් ටෙලි සම්මාන උලෙළේදී වසරේ නැඟී එන ටෙලි නාට්‍ය නිළියට හිමි සම්මානය දිනාගැනීමට ඇය වාසනාවන්ත වුණා. ඒ ජයප්‍රකාශ් සිවගුරුනාදන් අධ්‍යක්ෂණය කළ ලෝකා ටෙලි නිර්මාණයේ ප්‍රසාදිගේ චරිතය වෙනුවෙන්. ඉතින් ඒ ගැන වගේම ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරන්න පහුගිය දවසක පුවත්පතක් විසින් ඇයව කතා බහට එකතු කරගෙන තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් මේ ලැබුණ සම්මානය ඇයගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යයක් වගේ කියලයි ඇය කියන්නේ. ඒ වගේම ඇය මුලින් සම්බන්ධ වුණේ සිනමාවට. මොකද ටෙලි නාට්‍යවල වැඩ කරන්න ඇය වැඩි කැමැත්තක් දැක්වුවේ නැති නිසා. කොහොම නමුත් අකිල සපුමල් කියන ඇයගේ ගුරුවරයාගේ තිර රචනයක් තමයි ලෝකා කියන්නේ. ඉතින් ඔහු ආරාධනා කළ නිසා එයට සම්බන්ධ වුණා කියලත් නිවර්තනා කියනවා. ඉතින් ඒ වගේම ඇය රඟපෑ පළවෙනි ටෙලි නාට්‍යයටම සම්මානයක් ලැබෙයි කියලා තුන් හිතකවත් තිබුණේ නෑ කියලයි ඇය නම් කියන්නේ. ඒත් මේ ලැබුණු සම්මානය ගැන ඇයට පුදුමාකාර සතුටක් දැනෙනවා කියලත් ඇය කියනවා.

ඒ වගේම ඇය පාසැල් යන කාලේ ඉදන්ම වේදිකා නාට්‍යවලට සම්බන්ධ වෙලා තියෙනවා. කොහොම නමුත් ඇයගේ තාත්තා ඇය රඟපාන්න යනවට කැමැති වුණේ නැහැලු. ඒ නිසාම තාත්තා ඇයට චිත්‍රපටයට යන්න අවසර දීලා තියෙන්නේ රූගත කිරීම් පටන් ගන්න කලින් දවසේ. ඉතින් ඇයගේ පළවෙනි චිත්‍රපටයේ මංගල දර්ශනයටවත් යන්න තාත්තා අවසර දුන්නේ නෑ කියලත් ඇය කියනවා. ඒ වගේම ඇයට ආපු අවස්ථා ගොඩක් මඟ හැරුණා කියලයි ඇය කියන්නේ.

කොහොම නමුත් ඇය පුංචි කාලේ ඉඳන් හිතුවක්කාර කෙනෙක් කියලත් නිවර්තනා කියනවා. ඒ නිසාම ඇය එපා කියන දේමලු ඉස්සර ඉදන්ම කරන්නේ. ඒ වගේම ඇය ලොකුවට ඉගෙන ගන්න කැමැත්තක් දක්වපු කෙනෙක් නෙමෙයි නිසා ක්‍රීඩා පිටියෙයි නැටුම් කාමරෙයි තමයිලු වැඩිපුරම කාලය ගත කළේ. ඉතින් ගෙදරින් නිදහස් වෙලා විශ්වවිද්‍යාලයට එන්න ඕනකම නිසා මාසෙන් පාඩම් කරලා A3ක් අරගෙන කැලණිය විශ්වවිද්‍යාලයට ගියා කියලත් ඇය කියනවා.

ඒ වගේම දැන් ඇයගේ තාත්තා ඇය ගැන ගොඩක් ආඩම්බර වෙනවා කියලත් ඇය කියනවා. ඒ නිසාම සම්මානය ලැබුණ වෙලාවේ තාත්තාට ඇඬුණාලු ඒ සතුටට. ඉතින් අනාගතයේදී ඇය කථිකාචාර්‍යවරියක් වෙන්න වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ සල්ලිවලට වඩා ඇය ඇයගේ ගෞරවය ගැන හිතන කෙනෙක් නිසා කියලයි ඇය කියන්නේ. ඒ වගේම රංගනය ඇයගේ ආසාව, විනෝදාංශය වගේම ඇයගේ ඇඟේ තියෙන දේ වුනත් රංගනය වෘත්තිය කරගන්න ඇයගේ කැමැත්තක් නෑ කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *