මම රඟපෑ පළමු ටෙලිනාට්‍යයෙන්ම සම්මානයක් ලැබෙයි කියලා මම කවදාවත් හිතුවේ නැහැ, මම ආදරේට ගොඩක් අවංකයි-නිවර්තනා දේවගේ
අපේ කළා ක්ෂේත්‍රය තුල ඉන්න දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී රංගන ශිල්පිනියක් තමයි නිවර්තනා දේවගේ කියලා කියන්නේ. ඒ වගේම නර්තනයටත් ඇය ඉතාම දක්ෂයි. ඉතින් මෙවර රයිගම් ටෙලීස් සම්මාන උළෙල 2022 හි වසරේ නැගී එන ටෙලි නාට්‍ය නිළිය ලෙසින් ඇය සම්මාන ලැබුවේ ‘ලෝකා’ නාට්‍යයේ ඇය රංගනයෙන් දායක වුන ප්‍රසාදිගේ චරිතය නිසයි. ඉතින් ඒ ගැන වගේම ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරන්න පහුගිය දවසක පුවත්පතක් විසින් ඇයව කතා බහට එකතු කරගෙන තියෙනවා අපට දැකගන්න ලැබුණා.

කොහොම නමුත් සම්මානය ඇයට හිමිවෙන්නෙ කියලා වේදිකාව මත ඇයගේ නම කියවෙද්දි ඇයට අදහාගන්නත් බැරි වුණා කියලයි ඇය කියන්නේ. මොකද ඇය හීනෙකින්වත් හිතුවේ නැහැලු ඇයට සම්මානය ලැබෙයි කියලා. ඉතින් එදා ඇයට ජීවිතේ ලැබුණු ලොකුම සතුටක් එක් වුණු දවසක් කියලත් ඇය කියනවා. ඒ වගේම පුංචි තිරයේ ඇය කරපු පළමු ටෙලි නාට්‍යය තමයි ලෝකා කියලා කියන්නේ. ඉතින් එහි තිර රචකයා වුණේ අකිල සපුමල් මානවඩු. ඒ වගේම ඔහු තමයි ඇයගේ නාට්‍යය ගුරුවරයා.
ඒත් එක්කම ලෝකා කියන්නෙ කැලණිය විශ්වවිද්‍යාලයට සම්බන්ධ ඔහුගේ ඇත්ත කතාවක් කියලයි නිවර්තනා නම් කියන්නේ. ඒ වගේම ඇය උසස් පෙළ කරන කාලේ A/L චිත්‍රපටය තුළින් තමයි ඇය කලාවට සම්බන්ධ වෙන්නෙ. ඉතින් ඇය මේ වෙද්දි කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ උපාධිය හදාරනවා කියලත් ඇය කියනවා. ඒ වගේම ඇය දැන් ඉන්නේ එහි අවසන් වසරේ. ඒ නිසා මේ දවස්වල ඇයගේ විභාග කටයුතු එක්ක කාර්යබහුල වෙලා ඉන්න අතරතුර වෙළෙඳ දැන්වීම් වැඩත් කරනවා කියලයි ඇය කියන්නේ.

ඒ වගේම ඇය ආදරේට ගොඩක් අවංක කෙනෙක්. කියලත් නිවර්තනා කියනවා. ඒ වගේම ඇය වේදිකාවට ගොඩක් ආදරේ කරන කෙනෙක් නිසා කැමරාවක් ඉදිරියේ රඟපානවට වඩා ඇය කැමැති ප්‍රේක්ෂකාගාරයක් ඉදිරියේ රඟපාන්නලු. කොහොම නමුත් රංගනය කියන්නෙ ඇයගේ වෘත්තිය නෙවෙයි කියලත් ඇය කියනවා. ඉතින් රංගනය ඇයගේ විනෝදාංශය සහ ඇය ආදරේ කරන දෙයක් විතරක් නිසා කවදාවත් ඇය වෘත්තීය සහ රංගනය කියන දෙක පටලවගන්නෙ නැහැ කියලයි ඇය කියන්නේ. ඉතින් ජීවත් වීම උදෙසා ඇය කවදාවත් රංගනය කරන්නෙ නැහැ කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.