Watapita

Just another WordPress site

මගේ හිතේ ඇඳිලා තිබුණු රූපය, ගතිගුණ සියල්ල ඔහුට තියෙනවා, අපි හමුවුනේ fb එකෙන්-නුවන්ධිකා සේනාරත්න

දෙරණ ඩ්‍රීම් ස්ටාර් රියැලිටි වැඩසටහන හරහා කළා ක්ෂේත්‍රයට එකතු වුනු දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර ගායන ශිල්පිනියක් තමයි නුවන්ධිකා සේනාරත්න කියලා කියන්නේ. ඒ වගේම ඇය පසුගිය දා සුබ නැකතින් විවාහ දිවියට එළඹුණා. ඉතින් ඇයගේ ආදර කතාව වගේම අලුත්ම තොරතුරු ගැනත් දැනගන්න පහුගිය දවසක පුවත්පතක් විසින් ඇයව කතා බහට එකතු කරගෙන තියෙනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් පසුගිය ජනවාරි 27 වනදා ඇයගේ විවාහය සිද්ධ වුන නිසා මේ අලුත් අවුරුද්ද ඇයගේ ජීවිතේ නැවතත් ඉපදිමක් වගේ තමයි කියලයි ඇය කියන්නේ. ඒ වගේම නුවන්ධිකාගේ අත ගත්ත ඔහු ජයංග කෞශල්‍ය මෘදුකාංග ඉංජිනේරුවරයෙක් කියලත් ඇය කියනවා.

ඉතින් මේ ආදරණීය යුවලගේ ආදර කතාව ආරම්භ වෙන්නෙ ඔහු ඇයගේ ගීත ගායනයට ආදරය කරපු රස විඳපු කෙනෙක් විදියට. කොහොම නමුත් ඇය දෙරණ ඩ්‍රීම් ස්ටාර් තරඟාවලියේ ගීත ගායනා කරද්දී ඒ ගීත ගායනයට මුලින්ම ආදරය කරලා තියෙන්නේ ජයංගගෙ අම්මා. ඉතින් දිගටම ඒ ගායනයන් නරඹද්දී ඔහුටම හිතිලා තියෙනවා ඇය ගැන හොයලා බලන්න. ඉතින් ඒ හොයද්දී මුලින්ම මගේ FB එකට තමයි රික්වෙස්ට් එකක් දාලා තියෙන්නෙ. ඒ වගේම ඇය ඒ දිනවල තරඟයත් එක්ක ඉන්න කාලෙ ඇයගේ ගීත ගායනයට ආදරේ කරපු ගොඩාක් දෙනෙක්ගෙන් රික්වෙස්ට් ඇවිල්ලා තිබුණා කියලත් නුවන්ධිකා කියනවා. ඉතින් ඇය ඒවා එක්සෙප්ට් කරද්දී ජයංගගෙ ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකත් එක්සෙප්ට් කරලා. ඉතින් ඒ අතරතුර කාලයේ ඔහු ඇයට FB හරහා චැට් කරලා තිබුණත් ඇය ඒවා බලලා නැහැ.

නමුත් ඔහු දිගටම ඇයගෙත් එක්ක කතාබහ කරන්න උත්සාහ කරලා තියෙනවාලු මාස 6 ක් 7 ක් වගේ කාලයක්. ඉතින් එහෙම කාලයක් යද්දී ඇයට එක දවසක ඔහුගෙන් මැසේජ් එකක් ආවා වෙබ් සයිට් එකක් හදමුද කියලා. ඒ කාලෙ ඇයට කොහොමත් වෙබ් සයිට් එකක් හදන්නත් උවමනාවක් තිබුනත් ඇය මේ පුද්ගලයා කවුද කියලා හරියටම දන්නේ නැති නිසා ඇය ඒවට ඊප්ලයි කරන්න ගියෙ නැහැ කියලයි ඇය කියන්නේ. හැබැයි ඒ විදියට ඇයගෙන් මේ සම්බන්ධව කතා කරද්දී ඇයගේ රසිකයෙකුට ඊප්ලයි කරන විදිහට මැසේජ් එකක් දැම්මා කියලත් ඇය කියනවා. ඉතින් ඊට පස්සේ කොහොමහරි මාස 7 ක් 8 ක් වගේ ඒ කතාබහ දුර දිග ගියා කියලයි ඇය කියන්නේ.

ඒ වගේම 2021 වසරේ ඇයගේ උපන් දිනය දවසට කලින් දවසේ ඔහු සහ ඔහුගේ සහෝදරයා ඇයව බලන්න ආවාලු. ඒ ජුනි 22 වැනිදා. නමුත් ඇයගේ උපන් දිනය ජුනි 23 කියලත් ඇය කියනවා. ඉතින් ඇය ඔහුව මුලින් දැකපු දවසේ ඇයට කැමැත්තක් ඇති වුණේ ඔහුගේ රූපෙට කියලයි නුවන්ධිකා නම් කියන්නේ. හැබැයි ඔහු නම් ඇයට කියලා තියෙන්නේ මුලින්ම ආදරේ හිතුණේ කට හඬට කියලා තමයි. ඒ වගේම ඕනෑම කෙනෙක් විවාහයට තමන් කැමැති කෙනෙක් තෝරගද්දී ඒ කෙනාගේ හිතේ මැවිලා තියෙන රූපයක් තිබුනත් ඇයගේ හිතේ ඇඳිලා තිබුණු ඒ රූපෙට ඔහුගේ රූපය සමානකමක් තියෙනවා කියලත් ඔහු කියනවා. ඒ වගේම කතාබහ කරද්දී වුණත් ඔහු හොඳ කෙනෙක් කියලා හිතුණාලු. ඉතින් ඔහු බලාපොරොත්තු වුණු රූපය, ගතිගුණ, කරුණාවන්තකම ඒ හැමදේම ඔහු තුළ තිබුණා කියලයි ඇය කියන්නේ. ඒ වගේම ඇයගේ විවාහ වෙන වයසත් හරි වගේම ජයංග එක්ක ඇයට ලස්සන ගමනක් යන්න හැකිවෙයි කියලා මට හිතුන නිසා ඉක්මනින් විවාහ වුණා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *