Watapita

Just another WordPress site

මම විවාහ වුනේ මගේ හොඳම යාළුවා එක්ක, හැබැයි හොඳම යාලුවෝ දෙන්නෙකුට එකට පවුල් කන්න අමාරුයි-වොල්ගා කල්පනී

මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන පාරදිගේ ටෙලිනාට්‍යයේ ටුටූගේ චරිතය හරහා වගේම මාණික්කාවත ටෙලිනාට්‍යයේ ගුණාදරීගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සම්මානනීය සුරූපී රංගන ශිල්පිනියක් තමයි වොල්ගා කල්පනී කියලා කියන්නේ. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් මේ ගෙවෙන්නේ බොහොම අසීරු කාලයක් නිසා රටේ තියෙන තත්ත්වයත් එක්ක අලුතෙන් පටන් ගන්න තිබුණු නාට්‍යය කීපයක්ම දින නියමයක් නැතුවම කල් දාන්න වුණා කියලයි ඇය කියන්නේ. ඒ වගේම මහන්සිවෙලා නිර්මාණයක් කළත් එය හිත සතුටින් බලන්න ප්‍රේක්ෂකයන්ට දැන් මානසිකත්වයක් නැහැ කියලත් ඇය කියනවා. ඉතින් මේ පොදුවේ හැමෝම දුෂ්කරතා රැසකට මුහුණදෙමින් ඉන්න මොහොතක් කියලයි ඇය කියන්නේ. මොකද කලා කටයුත්තක් කරගන්න විදිහක් වත් නැති නිසා. නමුත් ඇය හිතන්නේ මේ ගෙවෙන්නේ ජීවිතේ තදින් අල්ලගෙන ඉන්නම ඕනෙ අසීරුම තැනක් නිසා අමාරුම කාලේ අපි ඉවසීමෙන් හයියට ඉන්න ඕනෑ කියලයි.

කොහොම නමුත් පාර දිගේ ටෙලිනාට්‍යයේ ටුටූගේ චරිතයට හිතාගන්න බැරි තරම් ප්‍රතිචාරයක් ලැබෙනවා කියලත් ඇය කියනවා. ඉතින් ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහතා තමයි ඔහුව ක්ෂේත්‍රයට ගේන්නෙත්. ඒ නිසා එතුමාගේ නාට්‍යවල ඇය කිසිම වෙලාවක දිගත් පළලක් හොයන්නේ නැහැ කියලයි වොල්ගා නම් කියන්නේ. ඒ වගේම පාරදිගේ ටෙලා නාට්‍යයේ ටුටූ කියන්නේ ඇයට ලැබුණු වෙනස්ම චරිතයක් කියලත් ඇය කියනවා.

ඉතින් දැන් ඇයගේ පෞද්ගලික ජීවිතේ අම්මා තාත්තා එක්ක සැහැල්ලුවෙන් සතුටින් ජීවත් වෙනවා වුනත් සමහර තැන්වල ජීවිතේ ඉඳලා හිටලා පාළුවක් දැනෙන තැන් එනවා කියලයි ඇය කියන්නේ. නමුත් ඇය කොහොමත් කොන්දේසි විරහිතව ආදරය කරන කෙනෙක් නිසා ඇය ආදරය කරනවා නම් ඒක ඇයට පෙරලා අනෙක් පැත්තට ලැබිය යුතු නැහැ කියලත් ඇය කියනවා. ඉතින් වෙලාවක ජීවිතේ හයියට කවුරු හරි හිටියා නම් හොඳයි කියලා හිතෙන අවස්ථාත් තියෙනවා කියලයි වොල්ගා නම් කියන්නේ.

ඒ වගේම ඇයගේ ආදරේ විවාහ සහතිකයකට වඩා පිරිසුදුයි කියලත් ඇය කියනවා. ඉතින් ඇය විවාහ වුණේ ඇයගේ හොඳම යාඵවා එක්ක නිසා අදටත් ඔහු ඇයගේ යාඵවෙක්ලු. කොහොම නමුත් යාළුවෝ දෙන්නෙකුට පවුල් කන්න අමාරුයි කියලා විතරයිලු ඇය එතැනදී තේරුම් ගත් එකම දේ. ඉතින් විවාහ සහතිකයකට ඇය නැවත ඇයගේ ආදරය බාල්දු කරන්න කැමැති නැහැ කියලත් ඇය කියනවා. මොකද අදටත් නීත්‍යානුකූල විවාහය අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයි කියන තැන තමයි ඇය ඉන්නේ. ඒ නිසාම තාම ඇය නැවත විවාහයකට බලාපොරොත්තුවක් නැහැ කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *