මම ක්ෂේත්‍රයට ඇවිත් දැන් අවුරුදු 18ක් වෙනවා, මම මුලින්ම රඟපෑවේ අවුරුදු 4දි බින්දු චිත්‍රපටයේ- සචින් චතුරංග
මේ දිනවල ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය වන පාර දිගේ ටෙලිනාට්‍යයේ අභියගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම කඩවසම් රංගන ශිල්පියෙක් තමයි සචින් චතුරංග කියන්නේ. ඒ වගේම ඔහු ගායනයට මෙන්ම වාදනයටත් එක ලෙස දක්ෂයි. ඉතින් පහුගිය දිනවල ලංවී ටෙලිනාට්‍ය හරහාත් ප්‍රේක්ෂකයින් හමුවට පැමිණි ඔහු පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් මේ දිනවල පාර දිගේ ටෙලිනාට්‍යයේ වැඩකටයුතු කරගෙන යන ගමන් තවත් ටෙලිනාට්‍ය දෙකක වැඩකටයුතු පටන් ගත්තා කියලයි ඔහු කියන්නේ. ඒ වගේම Rawds බෑන්ඩ් එකේ වැඩකටයුතු කරගෙන යනවා කියලත් සචින් කියනවා. ඒ වගේම ඔහු රංගනයෙන් දායක වුණා ළංවී ටෙලිනාට්‍යයට ගොඩාක් හොඳ ප්‍රතිචාර ලැබුණාලු. ඉතින් නාට්‍ය අවසන් වුණා නිසා ‘ඔයාලා නැතුව පාළුයි, ඔයාලගේ ආදර කතාව නැතුව පාළුයි’ කියලා තාමත් ප්‍රේක්ෂකයෝ කියනවා කියලයි ඔහු කියන්නේ.
ඒ වගේම ඔහු අලුත් සිනමා නිර්මාණයක වැඩකටයුතු පටන් අරගෙන තියෙනවා. ඒ Case Number 447 නිර්මාණයේ නම. මෙය ජෙගනාදන් චන්ද්‍රාසන් කියන දමිළ අධ්‍යක්‍ෂවරයාගේ සිනමා නිර්මාණයක්. ඉතින් එවැනි ප්‍රවීණයන් සමඟ වැඩ කරන්න ලැබීමත් සතුටක් කියලත් ඔහු කියනවා. ඒ වගේම ඔහු දැන් ක්ෂේත්‍රයට ඇවිල්ලා වසර 18ක් පමණ වෙනවා කියලයි ඔහු කියන්නේ. ඉතින් ඔහුට අවුරුදු හතරෙදි වගේ තමයි රඟපාන්න පටන් අරගෙන තියෙන්නේ. ඒ වගේම ඔහු මුලින්ම රංගනයෙන් දායක වුණු සිනමා නිර්මාණය තමයි ‘බින්දු’ කියන්නේ.

ඉතින් 2010 වසරෙදි බින්දු චිත්‍රපටය අවසානයේ ඒ අලියව ඔහුට දාලා යන්න බැරි තැනට පත් වුණා කියලත් සචින් කියනවා. මොකද අලියා ඔහුව හොඬවැලෙන් තද කරගෙන හිටියාලු. ඒ වගේම ලොරියෙන් බහින්නවත් දුන්නෙ නැති නිසා එදා ඔහුටත් ඇඬුණා කියලයි සචින් කියන්නේ. ඒ වගේම ඔහු බඹර වළල්ල, සිරි පැරකුම්, පුංචි අපිත් බය නෑ දැන්, තණ්හා රති රඟා චිත්‍රපටවලට රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඒත් එක්කම බින්දු චිත්‍රපටය සඳහා ලෝකයෙන්ම හොඳම දෙවැනි ළමා නළුවාට හිමි සම්මානය 2010 වසරේ ඔහුට ලැබුණා කියලත් සචින් කියනවා. ඒ වගේම බින්දු චිත්‍රපටයට ජපන් සම්මාන ලැබුණා කියලයි ඔහු අවසාන වශයෙන් පවසලා තිබුනේ.