Watapita

Just another WordPress site

සම්මානයට වඩා මට වටින්නේ ප්‍රේක්ෂක ආදරය, හොඳම නිළිය සම්මානය තමයි මගේ ඊළඟ හීනය-දුෂේනි මියුරංගි

අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර රංගන රංගන ශිල්පිනියක් තමයි දුශේනි මියුරංගි කියලා කියන්නේ. ඒ වගේම මේ දිනවල අපේ රටේ ඉතාම ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වන පාර දිගේ ටෙලි නාට්‍යයෙහි බන්ටිගේ චරිතයට පණ පොවන ඇය මෙවර සුමති සම්මාන උළෙලෙහි ජනප්‍රියම නිළියට හිමි සම්මානය ලබා ගැනීමට වාසනාවන්ත වුණා. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ඇය මේ දවස්වල රූපගත කිරීම් එක්ක තමයිලු කාලය ගත කරන්නේ. ඒ නිසා ටිකක් කාර්යබහුලයි කියලත් දුශේනි කියනවා. ඒ වගේම පාර දිගේ ටෙලි නාට්‍යයේත් රූපගත කිරීම් කෙරෙන අතර තවත් අලුත් ටෙලි නාට්‍යයක වැඩ කටයුතු පටන් අරගෙන වැඩ කරගෙන යනවා කියලයි ඇය කියන්නේ.

ඒ වගේම ජනප්‍රියම නිළියට හිමි සම්මානය ලැබීම ගැන ඇය හිතන්නේ ඒක ජනතාවගෙන් ලැබෙන ආදරයක් කියලයි. ඉතින් එය ඇයට ලබා දුන්නට ප්‍රේක්ෂකයන් හට ගොඩාක්ම ස්තූතියි කියලත් ඇය කියනවා. මොකද සම්මානය එක වසරකට එකවරයි ඇයට ලැබෙන්නේ. නමුත් ජනතාවගේ ආදරය කියන දේ හැමදාම ඇයට ලැබෙනවා කියලයි ඇය කියන්නේ. ඒ වගේම ඇය හිතන්නේ සෑම රංගන ශිල්පිනියක්ටම තිබෙන හීනයක් තමයිලු හොඳම නිළිය කියන සම්මානය. ඉතින් ඉස්සරහටත් ඇය ඒ වෙනුවෙන් වැඩ කරනවා කියලත් දුශේනි කියනවා.

ඒ වගේම පාර දිගේ කියන්නේ ඇය වැඩි පුරාම ආදරය කරන ටෙලි නාට්‍යයක් කියලයි ඇය කියන්නේ. ඉතින් ඇයගේ ජීවිතයේ ඒක අලුත් විධියක හැරවුම් ලක්ෂ්‍යයක් කියලත් ඇය කියනවා. ඒ වගේම ආදරය හරි ලස්සනයි කියලයි දුශේනි කියන්නේ. ඉතින් ආදරය ගැන අත්දැකීමක් අපි හැමෝටම තිබෙන නිසා ඒක ලස්සනට විඳින්න පුළුවන් නම් ජීවිතේ ලස්සනයි කියලත් ඇය කියනවා. ඒ වගේම ආදරේ අපිට බෙදාගන්න ඉන්නවා නම් කෙනෙක් ජීවිතේ ඒක ගොඩක් ලස්සන වෙනවා. ඉතින් ඇයටත් ලස්සන ආදර කතා තිබිලා තියෙනවා වුනත් මේ වෙලාවේ එහෙම ආදර කතාවක් නෑ කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *