Watapita

Just another WordPress site

රෙහාන්ගේ මම කැමති වගේම අකමැති දේවලුත් තියනවා, ඒ නිසා ඇත්ත ජීවිතේ මම හොයන්නේ වෙනස්ම කෙනෙක්-දුශේනි මියුරංගි

මේ දිනවල අතිශය ප්‍රේක්ෂක ප්‍රතිචාර මද්‍යයේ පුංචි තිරය ඔස්සේ විකාශනය වන ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය වන පාර දිගේ ටෙලිනාට්‍යයේ සරනිගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සම්මානනීය සුරූපී රංගන ශිල්පිනියක් තමයි දුශේනි මියුරංගි කියලා කියන්නේ. ඒ වගේම ඇය තමයි පසුගිය සුමති සම්මාන උළෙලේදි ජනප්‍රියම රංගන ශිල්පිනිය විදිහට සම්මාන ලැබුවේ. ඉතින් ලංකාවේ ජනප්‍රියම නිළිය හැටියට මේ කාලයේ ඇයගේ තැන රැකගෙන ඉන්න ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ජනප්‍රියම නිළිය වුණ එක ගැන නිහතමානීව සතුටු වෙනවා කියලයි ඇය කියන්නේ. ඒ වගේම මේ සම්මානය ඇයට වඩා අයිති ප්‍රේක්ෂකයන්ට කියලත් ඇය කියනවා. මොකද ප්‍රේක්ෂකයින් නිසා තමයි ඇයට ජනප්‍රිය නිළිය කියන සම්මානය හිමිවුණේ. ඒ නිසාම මේ සම්මානය ඇයට ආදරය කරන සියලුම ප්‍රේක්ෂකයන්ට පුදකරනවා කියලයි දුශේනි කියන්නේ. ඒ වගේම මේ ආපු ගමනේදි බාධක තිබුණා වුනත් ඇය බාධක ළඟ වැටිලා නතර වුණේ නැහැ කියලත් දුශේනි කියනවා. ඉතින් ඇය හැමදාම උත්සාහ කළේ බාධක බිඳගෙන ඉස්සරහට යන්නලු.

ඒ වගේම පාර දිගේ ටෙලිනාට්‍යයේ සරණිගෙ චරිතය ඇයට ගැටලුවක් වුණේ නැහැ කියලයි ඇය කියන්නේ. හැබැයි බන්ටිගේ චරිතය වෙනස් විදිහෙ එකක් නිසා මුල් කාලෙදි බන්ටි විදිහට රඟපාන්න ටිකක් අමාරු වුණා කියලත් ඇය කියනවා. ඉතින් මුල් කාලෙදි නුහුරු වුණාට ශිවගුරුනාදන් මහත්තයගේ සහ සද්ධාමංගල සූරියබණ්ඩාර මහත්තයගේ ගුරුහරුකම් නිසා පස්සෙ ඇයට ඒ චරිතය සාර්ථකව රඟපාන්න පුළුවන් වුණා කියලයි ඇය කියන්නේ.

ඒ වගේම ඇය සැබෑ ජීවිතයේදි බලාපොරොත්තු ගොඩක් තියාගන්නෙ නැතුව අද දවසේ සතුටින් ජීවත්වෙලා ඉන්න කැමැති කෙනෙක් කියලත් ඇය කියනවා. මොකද බලාපොරොත්තු ගොඩක් තියාගත්තාම ජීවිතය ගෙවන්න අමාරු නිසා ඇය සරල විදිහට අද දවසේ සතුටින් ජීවත්වෙන හරි ආදරණීය කෙනෙක් කියලත් දුශේනි කියනවා. ඒ වගේම ආදරය කියන්නෙ හරිම සුන්දර දෙයක් වගේම ජීවිතයට අත්‍යවශ්‍ය දෙයක් කියලත් ඇය කියනවා. ඉතින් ආදරෙන් ජීවිතය බෙදාගන්න පුළුවන් කෙනෙක් හැමෝටම ඉන්න ඕන කියලයි ඇය කියන්නේ.

කොහොම නමුත් මේ වෙද්දි ඇය වැඩිපුර අවධානය දීලා තියෙන්නෙ රංගන කටයුතුවලට නිසා දැන්ම ආදරය ගැන හිතන්න අදහසක් නැහැ කියලත් ඇය කියනවා. හැබැයි ගැළපෙන කෙනෙක් හමුවුණාම ඇයත් ආදරය කරලා විවාහ වෙන්න බලාපොරොත්තු වෙනවාලු. ඒ වගේම සද්දාමංගල සූරියබණ්ඩාර මහතා නිර්මාණ කරපු රෙහාන්ගේ චරිතයෙ ඇය කැමැති ගතිගුණ වගේම අකැමැති ගතිගුණත් තියන නිසා රෙහාන්ගේ ගතිගුණ එක්ක ඇයට හම්බ වෙන සහකරුව සංසන්දනය කරන්න බැහැ කියලයි ඇය කියන්නේ. ඉතින් ඇයට හම්බ වෙන කෙනාගේ තියන ගතිගුණ එක්ක ඒක තීරණය වෙනවා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *