මම කළු චරිතයකට ගොඩක් ආසාවෙන් හිටියට මට ලැබෙන්නෙම සුදු චරිත, සිංදු කියන්න පුළුවන් වුනත් ආසාව රඟපාන්න-සචින් චතුරංග
මේ දිනවල පුංචි පුංචි තිරය ඔස්සේ අතිශය ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබමින් විකාශනය වන පාර දිගේ ටෙලිනාට්‍යයේ අභියාගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම කඩවසම් රංගන ශිල්පියෙක් තමයි සචින් චතුරංග කියලා කියන්නේ. ඒ වගේම ඔහු දක්ෂ ගායන ශිල්පියෙක් මෙන්ම වාදන ශිල්පියෙක් විදිහටත් හදුන්වලා දෙන්න පුළුවන්. ඉතින් ඔහු පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඔහුගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් මේ දවස් වල අලුත් වැඩ කිහිපයක්ම ආරම්භ කරලා තියෙනවා කියලයි ඔහු කියන්නේ. ඊට අමතරව පාර දිගේ රූපගතකිරීම්වලට සම්බන්ධ වෙනවා වගේම ‘මන්දාරම් කොළඹ’ කියලා තව අලුත් නාට්‍යයක් පටන් ගත්තා කියලත් සචින් කියනවා. ඒ වාගේම ‘එකසිත දෙතැනක’ කියලා නාට්‍යයකටත් ඔහු රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඉතින් දැන් පාර දිගේ අභියාගේ චරිතයට හුඟක්දෙනා ආදරෙයි කියලයි ඔහු කියන්නේ. ඒ වගේම අභියාගේ මෝඩ වැඩවලට ආදරේ කරන පිරිසකුත් ඉන්නවා. කොහොම නමුත් පාර දිගේ සෙට් එක එක්ක පටන් ගත්ත රෝඩ්ස් ඔවුන්ගේ සංගීත කණ්ඩායම ලස්සන ගමනක් යනවා. ඉතින් ඔවුන්ගේම කියලා සංගීත රටාවක් සොයාගෙන තමයි ඔවුන් මේ ගමන යන්නේ.

ඒ වගේම ඔහුට පුංචි කාලේ ඉඳලාම ගායනා හැකියාව තිබුණා වුනත් ඔහු ඒක පස්සේ එච්චර පන්නපු කෙනෙක් නෙමෙයි කියලයි සචින් කියන්නේ. ඉතින් ඔහු ගායනයට ආස වුණේ හර්ෂණ දිසානායක නිසා එයාගේ සින්දු අහලාලු. ඒ වගේම ඔහුගේ පියා ගීත රචකයෙක් නිසා තාත්තාගේ ලොකු කැමැත්තක් තිබුණාලු ඔහු සංගීත පැත්තට යොමු වෙනවාට. ඒ වගේම වගීෂා සල්ගාදු කියන්නේ මෑත කාලයේ බිහිවුණු දක්ෂ නිළියක් කියලත් සචින් කියනවා. ඉතින් ඔවුන් බොහෝම සහෝදරත්වයෙන් ‘ළංවී’ නිර්මාණයට දායක වුණාලු. ඉතින් එහි රංගනයට ඔවුන් දෙන්නාටම හිතාගන්න බැරිතරම් ප්‍රතිචාරයක් ලැබුණා කියලයි ඔහු කියන්නේ.

ඉතින් වගීෂායි ඔහුයි කැමරාව ඉදිරියේ පෙම්වතුන් වුණාට ඇත්ත ජීවිතේ හරියට කතා කරලාවත් නැහැ කියලත් ඔහු කියනවා. ඒ වගේම ඉස්සරහට අලුත් වැඩ කීපයක්ම එන්න තියෙනවාලු. ඉතින් ඔහුට ගොඩක්ම ලැබෙන්නේ කළු චරිත වුනත් ඔහු හුඟක් කැමති නම් සුදු චරිතවලට කියලයි සචින් නම් කියන්නේ. කොහොම නමුත් ඔහු චරිතවලට කොටු වෙන්න කැමති කෙනෙක් නෙමෙයි කියලයි ඔහු අවසාන වශයෙන් පවසලා තිබුනේ.