මට තාමත් විසේ තියෙනවා, මේක මගේ කියලා එක්කන් ආව නම් අද පූර්ණිකා වෙනුවට ගොඩක් අය ගෙදර-පේෂල මනෝජ්
අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන්ම කතා බහට ලක්වෙන දක්ෂ ජනප්‍රිය ගායන ශිල්පියෙක්, නිවේදන ශිල්පියෙක් මෙන්ම තබ්ලා වාදන ශිල්පියෙක් තමයි පේෂල මනෝජ් කියලා කියන්නේ. ඒ වගේම ජනප්‍රිය නිවේදන ශිල්පිනියක් වන පුර්ණිකා පිරිස් සමඟ විවාහ වෙලා ඉන්න ඔහු ආදරණීය දරුවන් දෙදෙනාත් එක්ක ආදරණීය සුන්දර ජීවිතයක් ගත කරන බව කාටත් රහසක් නම් නෙවෙයි. ඉතින් ඔහු පහුගිය දවසක යූ ටියුබ් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ඔහු දැන් තාත්තා කෙනෙක් වුනත් ආදරවන්තයෙක් විදිහට අවසාන වැලන්ටයින් කොන්සට් එකට ගියේ ගිය අවුරුද්දේ කියලයි පේෂල කියන්නේ. ඒ වගේම වයසට යන්න යන්න ආදරවන්තයින්ගේ ආදරය වැඩි වෙනවා කියලත් ඔහු කියනවා. ඉතින් ඕනෑම කෙනෙකුට තව කෙනෙක් දැක්කම ආකර්ශනයක් ඇති වෙලා ප්‍රියමනාපයි කියලා හිතුනට පස්සේ තමයිලු ආදරයක් ඇති වෙන්නේ. ඒ වගේම ඔහුටත් එහෙම ආදර සම්බන්ධතා ගොඩක් තිබිලා තියෙනවාලු. නමුත් ඒ එකක්වත් හරි ගියේ නැහැ කියලයි ඔහු නම් කියන්නේ.

හැබැයි දැන් ඔහුට හිතෙනවාලු හොඳ වෙලාවට හදිස්සි වුනේ නැත්තේ කියලා. ඉතින් මේක මගේ කියලා හදිස්සි වෙලා ගෙදර එක්කන් ආවනම් අද වෙද්දී පූර්ණිකා වෙනුවට ගොඩක් අය ගෙදර ඉන්න තිබුණා කියලත් පේෂල කියනවා. ඒ වගේම අවුරුදු 45ක් 50ක් වෙලත් බැඳලා නැත්නම් ඔහු කොල්ලෙක් කියලයි පේෂල කියන්නේ. හැබැයි සමහර අය ඉන්නවාලු ඇගෙන් කොල්ලෙක් වුනාට මනසින් වයසක මිනිස්සු වගේ හැසිරෙන අය. හැබැයි අදටත් බස් වල එහෙම ආදරය කරන වයසින් වැඩි කපල් දැක්කම ඔහුට ගොඩක් සතුටු හිතෙනවාලු. මොකද තමන්ගේ බිරිඳට හැමදාම එක වගේ ආදරේ කරන්න පුළුවන් එක ගොඩක් වටිනවා කියලයි ඔහු කියන්නේ.

ඒ වගේම වයසක කපල් එකක් දැක්කම නාකි විසේ කියන එකට ඔහු කැමතිම නැහැලු. ඉතින් තරුණයන්ට විතරක් නෙමෙයි විසේ කියන දේ එක එක කාලෙට එක එක විදිහට තියෙනවා කියලත් පේෂල කියනවා. ඒ වගේම ඔහුටත් තාම විසේ තියෙනවා කියලයි පේෂල නම් කියන්නේ. මොකද මැරෙනකන්ම මිනිස්සුන්ට විසේ කියන දේ තියෙන නිසා. නමුත් විසෙයි ආදරෙයි කියන්නේ එහෙන්පිටින්ම වෙනස් දෙයක් කියලයි ඔහු අවසාන වශයෙන් පවසලා තිබුනේ.