Watapita

Just another WordPress site

මමත් ඉස්සර ගොඩක් දුප්පත්, ඉතින් අසරණ මිනිස්සුන්ගේ මූණුවලට හිනාවක් ගේනඑක දැන් මගේ ජීවිතේ කොටසක් වෙලා-පියුමි හංසමාලි

සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන්ම පුවත් මවන නම ඇසූ සැනින් කවුරුත් හදුනන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී රංගන ශිල්පිනියක් වගේම නිරූපණ ශිල්පිනියක් තමයි පියුමි හංසමාලි කියලා කියන්නේ. ඉතින් පහුගිය දවසක ඇය පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ඇය පොඩි කාලේ ඉඳන්ම කොටට අඳින්න හරිම ආස වුනත් ඇය තැනකට ආවත් හරි හැමදාම මිනිස්සු දැක්කේ ඇය කොටට අඳින එකයි ඕපන් අඳින එකයි කියලයි පියුමි කියන්නේ. ඒත් ඒ අයටම දැන් තේරිලා තියෙනවාලු එහෙම අඳින එක එක්තරා ෆැෂන් එකක් කියලා. ඉතින් දැන් කවුරුත් කියන්නේ නෑනේ පියුමි අඳින විදිහ අවුල් කියලා. මොකද සරලවම අඳින පලඳින විදිහ කියන්නේ එක ෆැෂන් එකක් වගේම ෆැෂන් එකකින් මිනිස්සු මනින්න බෑ කියලත් ඇය කියනවා.

ඒ වගේම හිනාවක් අහලකවත් නැති මිනිස්සුන්ගේ මූණට හිනාවක් ගේන එකයි අසරණ සත්තුන්ට පිහිටවෙන එකයි දැන් ඇයගේ ජීවිතේ කොටසක් වෙලා කියලයි පියුමි කියන්නේ. ඉතින් ඇය හරි ආසයිලු ඒ වගේ දේවල් කරන්න. ඒ වගේම කවුරුත් නොදන්නවා වුනාට ඇයගේ ළඟ ලොකුවට සල්ලි නැති කාලෙත් ඇය මිනිස්සුන්ට ඇති තරම් උදව් කරලා තියෙනවා කියලත් පියුමි කියනවා.

ඒ වගේම ඇය ඉස්සර හරි දුප්පත් පවුලක කෙනෙක් කියලයි පියුමි කියන්නේ. ඉතින් ඇයගේ තාත්තා නැතිවුණාට පස්සේ අම්මා තමයි ගොඩක් දුක් මහන්සි වෙලා අමාරුවෙන් ඇයව හදාගෙන තියෙන්නේ. ඒ නිසා නැතිබැරිකමයි බඩගින්නයි ඇය හොඳටම දන්නවා කියලත් පියුමි කියනවා. ඒ වගේ කඳුළු එක්ක ගනුදෙනුවක් ඇයට තිබිලා තියෙන ඒ නිසා හිනාවක වටිනාකම ඇයට ගොඩාක් දැනෙනවා කියලයි පියුමි කියන්නේ.

කොහොම නමුත් ගොඩක් අය ඇයට කියන්නේ ඇය ප්‍රසිද්ධ වෙන්න බලාගෙන මේ දේවල් කරනවා කියලයි. ඉතින් තවත් ප්‍රසිද්ධ වෙන්න වුවමනාවක් නෑ කියලත් පියුමි කියනවා. මොකද පියුමි හංසමාලි කිව්වම නොදන්න අයට වඩා දන්න අය වැඩි නිසා. අනික තමයි ඇය කාට හරි උදව්වක් කරන ගානේ ඒක වීඩියෝ කරලා ෆේස්බුක් දාන්නේ නෑ. ඒ වගේම තාමත් පියුමි කිව්වම ගොඩක් අය ඇයව දන්නේ නිරූපණ ශිල්පිනියක් වගේම රංගන ශිල්පිනියක් විදිහට. ඒත් ඇය දැන් ව්‍යාපාර කටයුතුවලටත් අතගහලයි ඉන්නේ. ඉතින් ඒ වැඩත් ලස්සනට පිළිවෙළට කරගෙන යනවා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *