Watapita

Just another WordPress site

රටක් ආදරය කරන ජනප්‍රිය ගායක ගයාන් ගුනවර්ධන සුරූපී නිලි පූජානි භාග්‍යා සමඟින් යුග දිවියට ගිහින් ද?

අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය මෙන්ම කඩවසම් ගායන ශිල්පියෙක්, නිවේදන ශිල්පියෙක් මෙන්ම රංගන ශිල්පියෙක් තමයි ගයාන් ගුනවර්ධන කියලා කියන්නේ. ඉතින් ඔහු ගැන පහුගිය කාලයේ කා අතරත් කතා බහට ලක්වුණේ පාර දිගේ ටෙලිනාට්‍යයේ ඔහු රංගනයෙන් දායක වුන භානුකගේ චරිතය නිසයි. ඒ වගේම පහුගිය දා කල ලොවෙන් සමුගත් අපේ රටේ දක්ෂ ප්‍රවීණ ගායන ශිල්පියෙක් වන නුවන් ගුනවර්දනගේ පුතු වන ඔහු මේ වනවිට පියාගේ අඩි පාරේ යමින් දක්ෂ ගායන ශිල්පියෙක් විදිහටත් කටයුතු කරනවා.

ඉතින් ඒ වගේම අපේ කළා ක්ෂේත්‍රය තුල දැකගන්න ලැබෙන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් මෙන්ම සුරූපී නිරූපණ ශිල්පිනියක් තමයි පූජානි භාග්‍යා කියලා කියන්නේ. ඒ වගේම ඇය මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන මැස්සා ටෙලිනාට්‍ය හරහාත් ඇය ප්‍රේක්ෂකයින් හමුවට එනවා. ඉතින් ඇය රංගනයට වගේම නර්තනයටත් ඉතාම දක්ෂයි. ඒ වගේම 2017 හිරු අවුරුදු කුමරිය ලෙස අභිෂේක ලැබූ ඇය මේ වනවිට අපේ රටේ අති දක්ෂ රංගන ශිල්පිනියක් වී හමාරයි.

ඉතින් ගයාන්ව ඇයට මුණ ගැහිලා තියෙන්නේ 2019 දි හුස්මක් තරමට ටෙලි නාට්‍යයේදි. ඊට පස්සේ ටිකෙන් ටික ඔවුන් දෙන්නා හොඳම යාළුවෝ වුණා කියලයි පූජානි කියන්නේ. ඉතින් මේ දෙන්නා අතර ආදර සම්බන්ධයක් තියෙන බව දැන්නම් හැමෝම වගේ දන්නවා. ඉතින් පූජානි කියන විදිහට ගයාන් සහ ඇය අතර ලොකු බැඳීමක් තියෙනවාලු. මොකද ඔවුන් දෙන්නාගේ අදහස් ගොඩක් දේවල් සමාන නිසා. ඒ නිසාම සැමියා විදිහට වුණත් තෝරාගන්න සුදුසුකම් ගයාන් ළඟ තියෙනවා කියලයි ඇය කියන්නේ.

කොහොම නමුත් මේ ආදරණිය යුවල එකතු වෙලා පහුගිය දවසක හරි අපුරු ලස්සන වෙඩින් ෆොටෝශූට් එකක් කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් මේ සුන්දර අවස්ථවේ මේ දෙන්නව මේ තරම් ලස්සනට කැමරා කාචයට හසු කරගෙන තිබුනේ අපේ රටේ ඡායාරූපකරන ක්ෂේත්‍රයේ ඉහලපෙලේ නමක් දිනාගෙන ඉන්න දක්ෂ ජනප්‍රිය ඡායාරූපකරන ආයතනයක් වන Eternal Romance කියන ඡායාරූපකරන ආයතනය විසිනුයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *