අවුරුදු 3ක ආදරකතාවක් මට තියෙනවා, විවාහ වෙන්න හැමදේම ලෑස්ති කරාට පස්සේ තමයි මම ඒක හැමෝටම කියන්නේ-පූජානි භාග්‍යා
පුංචි තිරය ඔස්සේ නිරන්තරයෙන්ම ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර රංගන ශිල්පිනියක් තමයි පූජනී භාග්‍යා කියලා කියන්නේ. ඒ වගේම 2017 හිරු අවුරුදු කුමරිය ලෙස අභිෂේක ලැබූ ඇය දක්ෂ නිවේදන ශිල්පිනියක් මෙන්ම නර්ථන ශිල්පිනියක් විදිහටත් හදුන්වලා දෙන්න පුළුවන්. ඉතින් පහුගිය කාලයේ පුංචි තිරය ඔස්සේ විකාශනය වුනු හුස්මක් තරමට, අසංවර වැස්සක්, අපි අපේ වැනි නිර්මාණ හරහා අතරට ආ ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් පහුගිය කාලේ නිර්මාණ ගණනාවකටම ආරාධනා ලැබුනත් ඇය ඉස්සර වගේ දැන් එක දිගට වැඩ කරන්නේ නැහැ කියලයි ඇය කියන්නේ. ඒ වගේම හැමදාම ඇයට ලැබුණෙ ගැමි චරිත කියලත් ඇය කියනවා. ඒ නිසා පසුගිය විවේකීව හිටපු කාලේ ඇයගේ දිග කොණ්ඩේ කපලා කලර් එකක් දාලා බාහිර පෙනුම ටිකක් වෙනස් කරගත්තා කියලයි ඇය කියන්නේ. ඒ වගේම ඇයගේ එකම හීනය වුනේ සිනමා නිළියක් වෙන එක කියලත් ඇය කියනවා. ඉතින් ඇයගේ පෙනුම එක්ක ඇයට ඒ අවස්ථාව ලැබේවි කියලා හිතුවත් ඇයට ඒ අවශ්‍ය කාලෙදි ඒ අවස්ථාව ලැබුණෙ නැහැ කියලයි පූජානි නම් කියන්නේ. ඒ වගේම පහුකාලීනව අවස්ථා කීපයක්ම ලැබුනත් ඒ චරිත ඇයට ගැළපෙන්නේ නැති නිසා ප්‍රතික්ෂේප කළා කියලත් ඇය කියනවා.

ඒ වගේම ඇයගේ ආදර කතා ඇය කියන්න ඉන්නේ විවාහ වෙනවා කියලා සියලු දේ සැලසුම් වුණාට පස්සේ කියලයි ඇය කියන්නේ. කොහොම නමුත් අවුරුදු 3ක ආදර කතාවක් ඇයට තියෙනවා කියලත් ඇය කියනවා. ඒ වගේම ගයාන් ඇයට මුණ ගැහෙන්නේ 2019 දි හුස්මක් තරමට ටෙලි නාට්‍යයේදි කියලයි ඇය කියන්නේ. ඊට පස්සේ ටිකෙන් ටික ඔවුන් දෙන්නා හොඳම යාළුවෝ වුණාලු. ඉතින් ඔවුන් දෙන්නා විවාහ වෙලා කියලා සමාජ මධ්‍යවල ප්‍රචාරය වුන නිසා ඔවුන්ව ගොසිප්වලින් නම් හුඟක්දෙනා කසාද බන්දලාත් ඉවරයි කියලයි ඇය කියන්නේ.

කොහොම නමුත් ගයාන් සහ ඇය අතර ලොකු බැඳීමක් තියෙනවා කියලත් ඇය කියනවා. මොකද ඔවුන් දෙන්නාගේ අදහස් ගොඩක් දේවල් සමාන නිසා. ඒ නිසාම සැමියා විදිහට වුණත් තෝරාගන්න සුදුසුකම් ගයාන් ළඟ තියෙනවා කියලයි ඇය කියන්නේ. ඉතින් දෛවය ලියලා තිබුණොත් දවසක ගයාන් සහ ඇය ගැන කතා කරන්න දවසක් ඒවි කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.