Watapita

Just another WordPress site

මගේ බිරිඳ දැන් වෛද්‍යවරියක් වුනාට ඉස්සර ස්වර්ණවාහිණියේ නිවේදිකාවක්, ඒ නිසා ඇයට මාව තේරුම් ගන්න පුළුවන්-ප්‍රදීප් ධර්මදාස

මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන දිව්‍යාදරී ටෙලිනාට්‍යයේ මොරිස්ගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම කඩවසම් රංගන ශිල්පියෙක් වගේම දක්ෂ අධ්‍යක්ෂකවරයෙක් තමයි ප්‍රදීප් ධර්මදාස කියලා කියන්නේ. ඒ වගේම දිව්‍යාදරී ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය කරන්නෙත් ඔහුමයි. ඉතින් ඔහු පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඔහුගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් මේ දිනවල දිව්‍යාදරී නාට්‍යයේ ෂූටිං සහ ඊට අමතරව යූ ටියුබ් එකට කරන වැඩ ටික එක්ක බිසී වෙලා ඉන්නවා කියලයි ඔහු කියන්නේ. ඒ වගේම ඔහු අධ්‍යක්ෂණය කළ නාට්‍ය අතරින් දීර්ඝ නාට්‍යයක් ලෙස කරන දෙවැනි එක දිව්‍යාදරී කියලත් ප්‍රදීප් කියනවා. ඉතින් ඔහු රඟපාන්න ආපූ දවස්වල ඉදන්ම ඔහුට තිබුණෙ සිනමා හීනයක් කියලයි ඔහු කියන්නේ. ඒ නිසාම තමයිලු අධ්‍යක්ෂණය කියන දේට ඔහු වැඩිපුර කැමති. ඒ වගේම ඔහු රඟපෑමට අකමැති නැති වුනත් ඒකට හොඳ හැඟීමක් එක්ක ප්‍රවේශ වෙන්න ඕනෑ කියලත් ඔහු කියනවා. ඉතින් ඔහුගේ වැඩකදී වුණත් ඒ චරිතයට ඔහුව සෙට් වෙන්නෙ නැත්නම් ඔහු රඟපාන්නෙ නැහැලු.

ඒ වගේම මේ දවස්වල දිව්‍යාදරීට ලැබෙන ප්‍රතිචාර ඉතා හොඳයි කියලයි ප්‍රදීප් කියන්නේ. ඉතින් නාට්‍යයට සහ එහි චරිතවලට වගේම පුද්ගලිකව ඔහුට ලැබෙන ප්‍රතිචාරත් ඉතාම ඉහළයි කියලත් ඔහු කියනවා. ඒත් එක්කම ඔහුගේ බිරිඳ දිනුජා රූපසිංහත් ස්වර්ණවාහිනියෙ හිටපු නිවේදිකාවක්. කොහොම නමුත් අද ඇය වෛද්‍යවරියක්. ඒ වගේම ඔවුන්ට දැන් දරුවො තුන්දෙනෙක් ඉන්නවා. ඒ පුතාලා දෙන්නයි, දුවයි. ඉතින් ඔහුගේ බිරිඳ යූ ටියුබ් චැනල් එකකුත් කරන නිසා ඒකෙ නිෂ්පාදන කටයුතු ටිකත් කරලා දෙන්නෙ ඔහු කියලත් ප්‍රදීප් කියනවා. ඒ වගේම සෞඛ්‍ය ක්ෂේත්‍රය ගැන බොහෝ දැනුවත් කිරීම් දිනුජා ඒ චැනල් එක ඔස්සේ කරන නිසා ඒක දැන් හරි ජනප්‍රියයි.

කොහොම නමුත් මේ දෙන්නා වෙනම ක්ෂේත්‍ර දෙකක වුනත් එදා ඇයත් නිවේදන කලාවෙ සිටි නිසා ඔහු වැඩ කරද්දී බොහෝ දේ ගැන හොඳ අවබෝධයකින්, වටහා ගැනීමකින් කටයුතු කරන්න පුළුවන් වෙලා තිබෙනවා කියලයි ප්‍රදීප් කියන්නේ. ඉතින් ඇයගේ යූ ටියුබ් වැඩේදී ඔහුගෙන් ඇයට සපෝට් එකක් වගේම ඇයගෙනුත් ඔහුගේ වැඩවලදී සපෝට් එකක් ලැබෙන නිසා සාමකාමීව පවුල් ජීවිතේ ගෙවෙනවා කියලයි ඔහු අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *