එයා දැන් බැඳලා ඉවර වුනාට මම බැන්දේ දැන්, මගේ බිරිඳ මට වඩා උස එක මටවත් ඇයටවත් ප්‍රශ්නයක් නෙවෙයි-ප්‍රදීප් රාමවික්‍රම
පහුගිය දිනවල අතිශය ප්‍රේක්ෂක ප්‍රතිචාර මද්‍යයේ විකාශනය වුනු ‘එයා දැන් බැඳලා’ ටෙලි නාට්‍යයයේ මනීගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට ආපු දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පියෙක් තමයි ප්‍රදීප් රාමවික්‍රම කියලා කියන්නේ. ඉතින් එයා දැන් බැඳලා ඉවර වුනාට ප්‍රදීප් සැබෑවටම බැන්දේ මේ ඊයේ පෙරේදා. ඉතින් මනීට ජීවය දුන් ඔහුගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරන්න පහුගිය දවසක පුවත්පතක් විසින් ඇයව කතා බහට එකතු කරගෙන තියෙනවා අපට දැකගන්න ලැබුණා.
ඉතින් ඔහුට මහ ලොකුවට සල්ලි නැති නිසා වැඩි සද්ද බද්ද නැතිව වෙඩින් එක ගත්තා කියලයි ඔහු කියන්නේ. ඒ වගේම විවාහය නොකියා බැරි පිරිසකුත් ඉන්නවා වුනත් ඔවුන්ට නොකියපු එක ගැන පොඩි වොරි එකකුත් තියෙනවාලු. ඉතින් ඔහු එච්චර ආර්ථික තත්ත්වයකින් දියුණුවුණ නැති මනුස්සයෙක් නිසා ඔවුන් දෙන්නට දෙන්නගෙ කතාබහ ඇතුළේ එහෙම බඳින්න සිද්ධ වුණා කියලත් ප්‍රදීප් කියනවා.

ඉතින් ඔහුට ඔහුගේ ආදරණීය බිරිඳ උදයංගනීව හම්බවෙන්නේ ඇක්ටින් ස්කූල් එක හරහා කියලයි ඔහු කියන්නේ. ඒ මීට අවුරුදු තුනකට කලින්. ඒ වගේම එයත් සෞන්දර්ය විශ්වවිද්‍යාලයෙන් උපාධියක් ලබාගත් තරුණියක්. නමුත් ඔවුන් දෙන්නා සරසවියේ ඉන්නකොට දෙන්නම අඳුරන්නේ නැහැලු. මොකද ඔහු ඩ්‍රාමා ෆැකල්ටි එකේ එයා සංගීත අංශයේ හිටපු නිසා. ඒ වගේම ඇය ප්‍රදීප්ව වඩා වසර තුනකට පහළ බැජ් එකේ හිටපු කෙනෙක් කියලත් ඔහු කියනවා. නමුත් ඇය මහේන්‍ද්‍ර පෙරේරාගේ ඇක්ටින් ස්කූල් එකට ඉගෙන ගන්න එන නිසා එහිදී තමයි මේ දෙන්න ආදරය කරන්න පටන් අරගෙන තියෙන්නේ. ඒ වගේම ඇය ඔහුට වඩා උසයි කියලත් ප්‍රදීප් කියනවා.

ඉතින් ඔවුන්ගේ ආදරයටමහේන්‍ද්‍ර පෙරේරා සර් තමයිලු මැදිහත් වෙන්නේ. ඉතින් ඔහු කතාබහ කරලා මේක එක තැනකට ගෙනාවා කියලයි ප්‍රදීප් නම් කියන්නේ. ඒ වගේම මනී කියන චරිතය ප්‍රසන්න සර්ට හඳුන්වා දෙන්නෙත් වගේම ඔහුගේ ජීවිතයේ ඇත්ත ආදරය හොයලා දෙන්න මූලිකයෙක් වෙන්නෙත් මහේන්‍ද්‍ර සර් කියලත් ඔහු කියනවා. ඉතින් ඔහුගේ බිරිඳ දැනට සේවය කරන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේලු. ඒ වගේම ඔවුන්ගේ ආදර කතාවට දැන් අවුරුදු 3 ක් වෙනවා කියලයි ඔහු කියන්නේ. ඒ වගේම ඇය සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සංගීතය සම්බන්ධයෙන් ඉගෙන ගත්තු චරිතයක් නිසා එයා හොඳ වයලින් ප්ලේයර් කෙනෙක් කියලත් ප්‍රදීප් කියනවා.

කොහොම නමුත් විවාහ වෙද්දී මුදු දෙක හදන්න විතරයිලු ඔවුන්ට සල්ලි තිබුණේ. ඉතින් අනෙක් මිනිස්සු සතුටු කරන්න ගිහින් ඔවුන් විනාශ වෙන්න ඕනෑ නැහැ කියලා හිතුණා කියලයි ඔහු කියන්නේ. අනික බොරු ආටෝප පෙන්වලා එහෙම වෙඩින් ගන්න වුවමනාවක් තිබ්බේ නෑ කියලත් ප්‍රදීප් කියනවා. ඉතින් ඔවුන්ට පුළුවන් මට්ටමින් කසාද බැන්දා කියලයි ඔහු අවසාන වශයෙන් පවසලා තිබුනේ.