Watapita

Just another WordPress site

අපි අවුරුදු 7ක් ආදරේ කරලා විවාහ වුනේ, මට වෙඩින් එකට කලින් දවසෙත් ප්‍රැක්ටිස් පස්සේ දවසෙත් ප්‍රැක්ටිස්- ප්‍රමෝද් මධුෂාන්

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන දක්ෂ ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයෙක් තමයි ප්‍රමෝද් මධුෂාන් කියලා කියන්නේ. ඒ වගේම 2022 ජූනි 24 වැනිදා කුලුඳුලේම එක්දින තරග සඳහා ජාතික ක්‍රිකට් කණ්ඩායමට එක් වූ ඔහු ඔස්ට්‍රේලියාවට එරෙහිව එදා ක්‍රීඩා කළත් කාගෙත් කතාබහට ලක්වෙන ක්‍රීඩකයෙක් වුනේ පසුගිය ආසියානු කුසලාන තරගයේදීය. එදා ඔහු පාකිස්ථානයට එරෙහිව කඩුලු හතරක් ලබා ගැනීම කා අතරත් කතා බහට ලක්වෙන කරුණක් වුණා. ඉතින් ඔහු පහුගිය දවසක සුබ මොහොතින් විවාහ දිවියට ඇතුළත් වුන බවත් දැන්නම් අපේ රටේ බොහෝ දෙනෙක් දන්නවා. ඉතින් ඒ ගැන වගේම ඔහුගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරන්න පහුගිය දවසක පුවත්පතක් විසින් ඔහුව කතා බහට එකතු කරගෙන තිබුණා.

ඉතින් විවාහ වෙලා තවම ටික දවසයි වුනත් අලුත් ජීවිතේ සුන්දරයි කියලා හිතෙනවා කියලයි ප්‍රමෝද් නම් කියන්නේ. ඒ වගේම විවාහ මංගල්‍යය පැවැත්වුණේ පහුගිය ජනවාරි 26 වැනිදා. ඉතින් මාස දෙකක් වගේ පොඩි කාලයකින් තමයිලු ඔවුන් වෙඩින් එකට ලෑස්ති වුණේ. කොහොම නමුත් වෙඩින් එකට බොහෝ ක්‍රිකට් ක්‍රීඩකයන්ට ආරාධනා කරන්න බැරි වුනේ ඒ දවස්වල ක්‍රිකට් කණ්ඩායමේ බොහෝ ක්‍රීඩකයන් රටින් පිට සහ ලංකාවේ තිබුණු තරගවලට සහභාගි වෙලා හිටිය නිසා කියලත් ඔහු කියනවා. ඒ නිසා ළඟින් ආශ්‍රය කළ යහළුවන්, නෑදෑ හිතවතුන් ටික දෙනෙක්ගේ සහභාගීත්වයෙන් තමයිලු විවාහ උත්සවය පැවැත්වුණේ.

කොහොම නමුත් ඔහුට වෙඩින් එකේ වැඩ ඉවර වුණු ගමන් ක්‍රිකට් කණ්ඩායම නතර වෙලා හිටපු හෝටලයට යන්න වුනාලු. ඉතින් ඒ, ඒ දිනවල තිබුණු තරග සඳහා සම්බන්ධ වෙන්න. ඒ වගේම වෙඩින් එකට කලින් දවසෙත් පුහුණුවීම්, වෙඩින් එකට පහුවදාත් පුහුණුවීම් තිබුණා කියලත් ඔහු කියනවා. ඊට පස්සේ දවසේ මැච් එකක් තිබ්බාලු. ඉතින් ඒ සේරම එක්ක බිරිය එක්ක ගෙදර කාලය ගත කරන්න බැරි වුණා කියලයි ඔහු කියන්නේ. ඒ වගේම විවාහ වුණා කියලා ඔහුගේ ක්‍රීඩා පැත්ත මඟහැර ගන්න බැහැ කියලත් ඔහු කියනවා. ඉතින් ඒක ඔහුගේ බිරිය හොඳින් අවබෝධ කරගෙන ඉන්න නිසා කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ කියලයි ප්‍රමෝද් නම් කියන්නේ.

කොහොම නමුත් 2016 අවුරුද්දේ තමයිලු ඔහුට ඇය මුණගැහෙන්නේ. ඇයගේ නම හංසනී. ඒ වගේම ඔහු ජාතික කණ්ඩායමට ඇතුළත් වෙනතුරුම ඇය ඔහුගේ පස්සෙන් ඉඳලා උදවු කළා කියලත් ඇය කියනවා. ඉතින් ඇය ඔහු සෙල්ලම් කරපු හැම තරගයක්ම නරඹන්න ඇවිත් තියෙනවාලු. ඒත් එක්කම ඔවුන් දෙන්නා අවුරුදු හතක් ආදරේ කරලා තමයිලු විවාහ වුණේ. ඒ වගේම ක්‍රිකට් ක්‍රීඩාවට විවාහ ජීවිතේ බාධාවක් කියලා ඔහු නම් හිතන්නේ නැහැලු. ඉතින් ඔහු කොහොමත් පවුල් ජීවිතෙයි ක්‍රිකට් ක්‍රීඩාවයි පටලවා ගන්නේ නැහැ කියලයි ඔහු අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *