Watapita

Just another WordPress site

ආදරය කියන්නේ සුන්දර හැඟීමක්, හැබැයි හැඟීම්වලට වහල් නොවී ජීවිතේ පරිස්සම් කරගන්න ගෑනූ ළමයි දැනගන්න ඕන-ප්‍රවීනා දිසානායක

පහුගිය කාලයේ පුංචි තිරය ඔස්සේ විකාශනය වුනු නාඩගම්කරයෝ ටෙලිනාට්‍යයේ ගීතිකාගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට ආව දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී නවක රංගන ශිල්පිනියක් තමයි ප්‍රවීනා දිසානායක කියලා කියන්නේ. ඒ වගේම ඇය දක්ෂ නර්ථන ශිල්පිනියක් විදිහටත් හදුන්වලා දෙන්න පුළුවන්. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ඇය මේ දවස්වල ඇයගේ උසස් අධ්‍යාපන කටයුතු පැත්තට ටිකක් වැඩිපුර අවධානය යොමුකරලා තියෙනවා කියලයි ඇය කියන්නේ. ඒ අතරේ අලුත් ටෙලි නාට්‍යය දෙකකට රංගනයෙන් දායක වුන නිසා ඉදිරියේදී ඒ දෙකම ප්‍රේක්ෂකයින්ට බලාගන්න පුළුවන් කියලත් ඇය කියනවා. ඒ වගේම ඇය පාසල් යන කාලේ ඉදන්ම ගොඩාක් කලාවට බර කෙනෙක් කියලයි ප්‍රවීනානම් කියන්නේ. ඒ නිසාම නර්තනය එක්කම තමයිලු ගොඩාක් වෙලාවට ඇයගේ පාසල් ජීවිතේ ගෙවුණේ. ඉතින් ඒ කාලේ හරිම සුන්දරයි කියලත් ඇය කියනවා.

ඒ වගේම අනිත් ගැහැණු ළමයි වගේම ඇයත් සාමාන්‍ය විදිහට ඇයගේ රූපය ගැන සැලකිලිමත් වෙනවාලු. ඉතින් ගොඩාක්ම ඇය කොණ්ඩේ ගැන තමලුයි බලන්නේ. හැබැයි ඇයටත් වඩා ඇයගේ අම්මා තමයිලු ඇයගේ කොණ්ඩෙට ආදරේ කරන්නේ. ඒ නිසාම ඇයගේ අම්මා කොණ්ඩේ ගාන්නම ගෙදර හදපු පොල්තෙල් එකක් එහෙම තියාගෙන ඉන්නවා කියලයි ඇය කියන්නේ.

ඒ වගේම ආදරේ කියන්නේ ඉතින් හැමෝටම දැනෙන සුන්දර හැඟීමක් කියලත් ඇය කියනවා. කොහොම නමුත් ඒ ගැන කතා කරන්න නම් ඇයට තාම අත්දැකීමක් නෑ කියලයි ඇය කියන්නේ. ඉතින් ආදරය කරද්දී මුලින්ම අවබෝධය සහ අවංකකම තියෙන්න ඕනේ කියලත් ඇය කියනවා. ඒ වගේම දෙන්නට දෙන්නා අනෙකාගේ ජීවිතයට ලොකු හයියක් වෙන්න පුළුවන් නම් එහෙම දෙන්නෙක්ට හැමදාම ආදරෙන් ඉන්න පුළුවන් කියලයි ඇය නම් කියන්නේ.

ඒ වගේම ඇය නම් කියන්නේ ගෑනු ළමයෙක් දැනගන්න ඕනලු තමන්ගේ ජීවිතේ පරිස්සම් කරගන්න. මොකද ගෑනු ළමයෙක්ට එකපාරක් වැරදුණොත් වැරදුණාම නිසා. ඒ නිසා ඇය ගෑනු ළමයින්ට කියන්නේ හැඟීම්වලට වහල් වෙන්නේ නැතුව බුද්ධිමත්ව කටයුතු කරන්න කියලයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *