මම දැන් කළා ක්ෂේත්‍රයට ඇවිල්ලා අවුරුදු 38ක් වෙනවා, අපේ රටේ මිටි මහත අය ගන්නේ විහිළුකාරයෝ විදිහට-ප්‍රියන්ත සෙනෙවිරත්න
මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන කියා දෙන්න ආදරේ තරම් ටෙලිනාට්‍යයේ ලිනක්න්ගේ චරිතය හරහා වගේම හිත ළඟ හිනැහුණා ටෙලිනාට්‍ය හරහාත් ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම ප්‍රවීණ රංගන ශිල්පියෙක් තමයි ප්‍රියන්ත සෙනෙවිරත්න කියලා කියන්නේ. ඉතින් ‘බෙනා මාමා’ කියූ සැණින් එකල ලොකු කුඩා කවුරුත් සැණින් හැඳිනූ ඔහු පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඔහුගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින්මේ දවස්වල කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යය සහ හිත ළඟ හිනැහුනා ටෙලි නාට්‍යයේ රූගත කිරීම්වලට සම්බන්ධ වෙලා කටයුතු කරනවාට අමතරව හිරු සුපර් ඩාන්සර් සීසන් ෆෝ නර්තන රියැලිටි තරගාවලියේ වැඩකටයුතුත් කරගෙන යනවා කියලයි ඔහු කියන්නේ. ඒත් එක්කම මේ මාර්තු 31 වෙනකොට ඔහු මේ ක්‍ෂේත්‍රයට ඇවිත් අවුරුදු 38ක් වෙනවා. ඉතින් පළමුවරට ඔහු ජනප්‍රිය වේදිකාවට පැමිණියේ ‘මකුළුදැල්’ කියන වේදිකා නාට්‍ය හරහා. ඊට පස්සේ චන්දකින්නරී, ක්ලීන් අවුට්, ධන සෘණ, සිකුරු හතේ, සුහද කොකා වගේ චිත්‍රපට රැසකට මෙන්ම ටෙලි නාට්‍ය ගණනාවකටම සම්බන්ධ වෙන්නත් ඔහුට අවස්ථාව ලැබුණා.

කොහොම නමුත් රංගන ශිල්පියෙක් වෙන්න නම් උස මහත ශරීරයක් තියෙන්නම ඕන කියන සම්මත අදහසක් තියෙනවා. ඉතින් මිටි මහත අය ගනන් ගත්තේ විහිළුකාරයෝ විධියටලු. නමුත් ඕනෑම කෙනෙකුට ගතානුගතිකත්වයෙන් මිදීලා හිතන්න පුළුවන් නම් සම්ප්‍රදාය දැනගෙන සම්ප්‍රදායෙන් ඔබ්බට හිතන්න පුළුවන් නම් හොඳ නිර්මාණ කරන්න පුළුවන් කියලත් ඔහු කියනවා.

ඒ වගේම අද ඔහු ඉන්න තැන අනුව වගේම ඔහුගේ සාර්ථකත්වයට මූලිකම හේතුව කැපවීම සහ හැදෑරීම කියලයි ඔහු කියන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම කළා ක්ෂේත්‍රයත් හදාරන්න ඕන කියලයි ඔහු කියන්නේ. මොකද කලාව තුල විද්‍යාත්මක, සංවේදී, තාක්ෂණික, සාහිත්‍යමය, ඉතිහාසය වශයෙන් හැදෑරිය යුතු ස්ථාන බොහොමයක් තිබෙන නිසා. ඒ වගේම මිනිස්සු ඇසුරු කරමින්, පන්තිවලට සහභාගි වෙමින්, ෆිල්ම් බලලා මේ ඕනම විධියකට මේක කරන්න පුළුවන් කියලත් ඔහු කියනවා. කොහොම නමුත් විනයක් නැති කෙනකුට කොතැනකවත් පවතින්න බැහැ කියලයි ඔහු අවසාන වශයෙන් පවසලා තිබුනේ.