මම අනිත් අයට උදව් කරන්නේ ප්‍රසිද්දිය බලාගෙන නෙවෙයි, මම සමාජ සේවා වැඩ කරලා ලොකු තෘප්තියක් ලබන නිසා-පුෂ්පිකා ද සිල්වා
2021 වර්ෂයේ ලාංකික විවාහක රූ රැජන තරගාවලියේදී මෙන්ම 2022 වසරේ ලෝක විවාහක රූ රැජන තරගාවලියේදීත් බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්වුණු චරිතයක් තමයි පුෂ්පිකා ද සිල්වා කියලා කියන්නේ. ඒ වගේම මේ දිනවලත් ඇය සමාජ මාධ්‍ය තුළත් අතිශයින් ජනප්‍රියයි. ඉතින් නිරූපණ ක්ෂේත්‍රයේම ඇය තවත් කාන්තාවක් සමග මත ගැටුමක් ඇති ඇතිකරගෙන කියලත් මේ වෙද්දී අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ. ඉතින් ඒ ගැන වගේම ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරන්න පහුගිය දවසක පුවත්පතක් විසින් ඇයව කතා බහට එකතු කරගෙන තියෙනවා අපට දැකගන්න ලැබුණා.
ඉතින් ඇය ඇයගේ පාඩුවේ ජීවත් වෙන කෙනෙක් වුනත් හැම තිස්සෙම ඇයට ඇති වෙන ප්‍රශ්න නිසා සමාජයේ නිතරම කතාබහට ලක්වෙනවා කියලයි පුෂ්පිකා නම් කියන්නේ. ඒ වගේම ජනප්‍රියත්වය, ධනය, බලය, තරුණකම මේ හැම දෙයක්ම තාවකාලිකයි කියලත් ඇය කියනවා. ඉතින් හැම දවසකම මිනිසුන්ගේ හදවතේ ජීවත් වෙන චරිතයක් වෙන එක පහසු නැහැ කියලයි ඇය කියන්නේ. කොහොම වුණත් ඵල ඇති රුකටනේ ගල් ගහන නිසා තමයිලු ඇය ගැනම සමහරු මේ තරම් හොයන්නේ.

ඒ වගේම පොළොන්නරුවේ ඉඳලා ජීවිතේ ඉලක්ක හොයාගෙන ඇවිල්ලා 2010, 2011 වසරවල දෙරණ මිස් ශ්‍රී ලංකා තරගයෙන් නිර්මාණය වුණු ඇය ඒ දුෂ්කර ගමන ගැන අද ගොඩක් සතුටු වෙනවා කියලත් කියනවා. ඒත් එක්කම මේ වෙද්දී හතර වතාවක් අපේ රට නියෝජනය කරමින් ජාත්‍යන්තරයට ගියපු, රට වෙනුවෙන් පුළුවන් මට්ටමින් ජයග්‍රහණ ලබාගත් කෙනෙක් තමයි ඇය. කොහොම නමුත් කිසිම දෙයක් නොකර ඉන්න මනුස්සයෙකුට වඩා මොකක් හරි යහපත් සේවයක් කරන කෙනෙකුට කොහොමත් නොහිතන චෝදනා එල්ල වෙනවා කියලයි පුෂ්පිකා නම් කියන්නේ. ඉතින් ඇයත් කිසිම කෙනෙකුට උදව් කරන්නේ නැතිව ඇයගේ පෞද්ගලික දේවල් විතරක් කරගෙන හිටියා නම් කාටවත් ඇය විශේෂ මාතෘකාවක් වෙන එකක් නෑ කියලත් ඇය කියනවා.

ඒ වගේම ඇය සමාජ සේවා කටයුතුවල නිරත වෙන්නේ ප්‍රසිද්ධිය සහ ජනප්‍රියත්වය බලාපොරොත්තුවෙන් කියලත් අපේ රටේ බොහෝ පිරිසක් කියනවා. නමුත් ඇයට 2011 අවුරුද්දේ ශ්‍රී ලාංකික රූ රැජන වුණු ඇයට ප්‍රසිද්ධිය සහ ජනප්‍රියත්වය අලුත් දෙයක් නෙමෙයි කියලයි පුෂ්පිකා නම් කියන්නේ. ඒ නිසාම ඇය මේ වගේ දේවල් කරන්නේ කිසි ප්‍රසිද්ධියක් බලාපොරොත්තුවෙන් නම් නෙමෙයි කියලත් ඇය කියනවා. ඒ වගේම ලෝකයේ පිළිගත් ප්‍රින්සස් ඩයනා, මදර් තෙරේසා, මයිකල් ජැක්සන් වැනි පුද්ගලයන් කළ සමාජ සත්කාර සමාජ මාධ්‍යවලට දැම්ම නිසා තමයිලු අපි ඒ ගැන දන්නේ.
ඉතින් ඇයත් සමාජ මාධ්‍ය පාවිච්චි කරන්නේ හැම වෙලාවකම හොඳ දෙයක් මේ සමාජයට ඉදිරිපත් කරන්න කියලයි ඇය කියන්නේ. ඒ වගේම සමාජ මාධ්‍ය හරහා පුෂ්පිකා ද සිල්වා කියන චරිතය බ්‍රෑන්ඩ් එකක් විදියට නිර්මාණය වුණේ ඇය කරන සමාජ සේවා කටයුතු නිසාමයි කියලත් ඇය කියනවා. ඒ වගේම සමාජයට සේවය කිරීමෙන් ඇය ලොකු තෘප්තියක් ලබනවාලු. කොහොම නමුත් ඇය කරන කරන හැම දෙයක්ම විවේචනය කරන පිරිසකුත් ඉන්නවා. ඉතින් ඒ අය ඇය කරන සමාජ සේවා කටයුතුවලට පවා විවේචන එල්ල කරනවා. කොහොම නමුත් ඒ අයට ඒ වචනයක් පාසා වන්දි ගෙවන්න දවසක මේ සොබාදහමින් දඬුවම් ලැබේවි කියලයි ඇය නම් කියන්නේ.

ඒ වගේම ඇය කවදාවත් අපේ රටේ නීතිවිරෝධී දේවල් කරලා නැහැලු. ඉතින් ඇය මේ වෙනකල් කිසිම කෙනෙකුට මඩ ගහපු කෙනෙක් නෙමෙයි වගේම ඇය ඇයගේ දරුවා එක්ක ඇයගේ පාඩුවේ ජීවත් වෙන කෙනෙක් කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.