Watapita

Just another WordPress site

මම කැම්පස් එකෙන් අයින් වෙලා අවුරුදු දෙකක් වැඩක් ලැබෙනකම් බලාගෙන හිටියා, අදටත් පිටපතක් නැතුව රඟපාන්නේ නැහැ-රන්දික ගුණතිලක

අපේ කළා ක්ෂේත්‍රය තුල ඉන්න දක්ෂ ජනප්‍රිය මෙන්ම කඩවසම් රංගන ශිල්පියෙක් තමයි රන්දික ගුණතිලක කියලා කියන්නේ. ඉතින් ඔහු මේ දිනවල කළා නිර්මාණ කිහිපයක් හරහාම ප්‍රේක්ෂකයින් හමුවට එනවා. ඒ තමයි රැල්ල වෙරළට ටෙලිනාට්‍යයේ ශිවාගේ චරිතය හරහා, බයෝ ටෙලිනාට්‍යයේ නුරාධගේ චරිතය හරහා වගේම වෙඩි නොවදින ළමයි චිත්‍රපටය හරහාත් ඔහු මේ දිනවල ප්‍රේක්ෂකයින් හමුවට එනවා.

ඉතින් ඔහු කවදාවත් පිටපතක් නැතුව චරිතයක් භාරගන්නේ නැහැලු. ඒකට හේතුව ඔහු යම්කිසි අරමුණකට යනවා නම් අපිට හරි මැප් එකක් සහ ගයිඩ් කෙනෙක් ඉන්නවා නම් පාර වරද්ද ගන්නේ නැතිව හරි තැනට යන්න පුළුවන් නිසා කියලයි ඔහු කියන්නේ. ඒ වගේම ඔහු ජනප්‍රියත්වය පස්සේ යන්නෙ නැති මහපොළොවේ ජීවත්වන කෙනෙක් කියලත් රන්දික කියනවා.

ඉතින් ඔහු රඟපාන වෙලාවට මුදලක් ගෙවනවා වගේම ඒ වෙලාවට ඔහුට බලාගන්න වෙනම කණ්ඩායමක් ඉන්නවා කියලයි ඔහු කියන්නේ. මොකද ඒක ඔහුගේ වෘත්තිය නිසා. හැබැයි ඔහු ගෙදර ආවට පස්සෙ ඒක තියාගන්නේ නැහැලු. ඔහු එතැනින් පස්සෙ මහපාරේ ගමන් කරන, පොදු ප්‍රවාහන සේවයක් පාවිච්චි කරන සාමාන්‍ය මනුස්සයෙක් කියලයි ඔහු කියන්නේ.

ඒ වගේම ඔහු සරසවියෙන් අයින්වෙලා ඔහුට වැඩකට කතා කරයි කියල අවුරුදු දෙකක් බලාගෙන හිටියාලු. ඉතින් ඒ කාලෙ ඔහුගේ වියදම් එහෙම බලාගත්තේ ගෙදරින් නෙමෙයි යාළුවො කියලයි ඔහු කියන්නේ. ඒ වගේම ඒගොල්ලො විශ්වාස කළාලු ඒගොල්ලන්ට වඩා දෙයක් ඔහු කරාවි කියලා. ඒ වගේම ඒ කාලෙ ඔහු හිතුවේ ඔහුට මොනවා හරි වැඩක් ලැබුණොත් කරනවා කියලලු. ඉතින් එතැනින් පස්සෙ ඔහුට හම්බවෙන සියලු වැඩ කළා කියලයි රන්දික අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *