රඟපාන්න ආපු දවසේ ඉදන් මට ඕන විදිහට මම කොන්ඩෙවත් කපලා නැහැ, හැමදේම කරන්නේ රංගනය වෙනුවෙන්-රන්දික ගුණතිලක
මේ දිනවල රිදී තිරය ඔස්සේ විකාශනය වන ‘වෙඩි නොවදින ළමයි’ සිනමා නිර්මාණයේ සුපුන්, එහෙමත් නැත්නම් බස් කොන්දොස්තරගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පියෙක් තමයි රන්දික ගුණතිලක කියලා කියන්නේ. ඒ වගේම ඔහු මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන බයෝ සහ රැල්ල වෙරළට ආදරෙයි ටෙලිනාට්‍යයේ සිවාගේ චරිතය හරහාත් ප්‍රේක්ෂකයින් හමුවට එනවා. ඉතින් ඔහු පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඔහුගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් මේ ඔහු රංගනයෙන් දායක වුණා දෙවැනි ෆිල්ම් එක කියලයි ඔහු කියන්නේ. ඒ වගේම ඔහු ඉගෙන ගන්නෙ රංගනය පිළිබඳ විශේෂවේද ගෞරව උපාධියට නිසා දන්න දෙයින් උගත් දෙයින් ප්‍රායෝගිකව කටයුතු කරලා ඒක ජොබ් එක කරගන්න එක හොදයි කියලත් ඔහු කියනවා. ඒ වගේම ඔහු රඟපාන්න ආ දවසෙ ඉඳලා ඔහු ඔහුට ඕනෑ විදියට කොණ්ඩෙවත් කපලා නැහැ කියලයි රන්දික කියන්නේ. ඉතින් චරිතවලට අදාළව කාටහරි ඕනැ දෙයක්, ඕනැ විදියට තමයිලු ඔහු කරන්නේ. ඒ නිසාම ඔහු ඔහුගේ පුද්ගලික ජීවිතය ගැන දරුණුවට හිතන කෙනෙක් නෙවෙයිලු. ඉතින් ඔහු බොහොම සාමාන්‍ය අය වගේම කනවා, බොනවා, ගෙදරට වෙලා නිදා ගන්නවා කියලත් ඔහු කියනවා.

ඒ වගේම ඔහු ෆැෂන් කරන්න ආස වුනත් ඒක ගෙදරට කරන්නෙ නැහැලු. ඉතින් ඒ වගේම වෙන කාටවත් බලන්න සහ වෙන කාගෙවත් ප්‍රදර්ශනයට නෙවෙයිලු ඇඳුම් පවා තෝරා ගන්නෙ. ඒ නිසා ඔහුට ආසා හිතෙන විදියට ඔහු අඳිනවා කියලයි රන්දික නම් කියන්නේ. ඒ වගේම ඔහුගේ ආදරේ සොරා ගත්ත කෙනා ප්‍රසිද්ධ රහසක් කියලත් ඔහු කියනවා. ඉතින් ආදරේ කියන්නෙ ඉතින් ඒක තමයි ලෝකෙ තියෙන සුන්දරම හැඟීම නිසා මිනිස්සුන්ට වගේම මේ ලෝකයේ සෑම සතෙකුටත් ලැබෙන හොඳම දෙයත් ආදරේ කියලයි ඔහු කියන්නේ.

ඒ වගේම ඔහු රඟපෑමට අමතරව මේක් අප් ආටිස්ට් කෙනෙක්, පසුතල නිර්මාණ ශිල්පියෙක්, මෝස්තර නිර්මාණ පසුවන ශිල්පියකු ලෙසත් වැඩ කරනවා. ඒත් එක්කම වේදිකා කළමනාකරණය වෙනුවෙන්ද දායක වෙනවා කියලයි ඔහු අවසාන වශයෙන් පවසලා තිබුනේ.