මම මේ අවුරුද්දේ විවාහ වෙනවා, හැබැයි බිරිඳකගේ වගකීම ගන්න කලින් භාරගත්ත වැඩ ටික ඉවර කරලා ඉන්න ඕන-රංගි රාජපක්ෂ
මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන චන්දෝලී, නොනිමි, මල්පිපෙන කාලේ සහ අදිසි කියන ටෙලි නිර්මාණ හතර හරහාම ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර රංගන ශිල්පිනියක් තමයි රංගි රාජපක්ෂ කියලා කියන්නේ. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ඇයගේ රංගන ජීවිතය ආරම්භ වෙන්නේ රාවණ ටෙලිනාට්‍යය හරහා කියලයි ඇය කියන්නේ. ඒත් රාවණ විකාශනය වෙන්න කලින් සල්සපුනා ටෙලිනාට්‍ය විකාශනය වුණා කියලත් ඇය කියනවා. ඒ වගේම ඇයට රංගනය එන්න පාසල් කාලේ ඉඳලාම හිතේ ලොකු කැමැත්තක් තිබුණා කියලයි රංගි කියන්නේ. ඒ නිසාම ඇය මුලින්ම බ්‍රයිඩල් ෂූට් කරලා තියෙනවා. ඉතින් ඊට පස්සේ ඇයට වෙළඳ දැන්වීම් වලටත් එන්න අවස්ථාව ලැබෙන්නෙත් ෆේස්බුක් එකේ දාපු ෆොටෝ එකක් දැකලා. ඊට පස්සෙ වෙළඳ දැන්වීම් ගොඩකට ඇයට අවස්ථාව ලැබුන නිසා මේ වෙනකොට වෙළෙඳ දැන්වීම් 50 වැඩිය කරලා තියෙනවා කියලත් ඇය කියනවා.

ඒ වගේම ඇය ක්ෂේත්‍රයට තාමත් ආධුනිකයි කියලයි ඇය කියන්නේ. ඉතින් රාවණ ටෙලි නාට්‍යයෙන් පස්සේ ඇයට ගොඩක් හොඳ නිර්මාණ ආවත් කැපිලි කෙටිලි තවමත් නැතුවාම නෙමෙයි කියලත් ඇය කියනවා. ඒ වගේම එක ටෙලියක හිටි පමණින් පැවැත්මක් හදාගන්න බැරි වුනත් තමන් කරන වැඩේ ගැන තමන් ගැන හොඳ විශ්වාසයක් තියෙනව නම් පැවැත්මක් හදාගන්න අමාරු නැහැ කියලයි ඇය නම් කියන්නේ.

ඒ වගේම මේ වනවිට ඇය පෙම්වතියක් කියලත් රංගි කියනවා. ඉතින් මේ වසරේ විවාහ දිවියට පිවිසෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා කියලයි ඇය කියන්නේ. හැබැයි ඇය භාරගත්ත වැඩ කීපයක් තියෙන නිසා ඒ වැඩ ටිකක් ඉවර වුණාම විවාහයට සූදානම් වෙනවාලු. මොකද විවාහයෙන් පස්සේ ක්ෂේත්‍රය අත්හරින්නේ නැති වුනත් ඇයට යම් මට්ටමකට සීමා සහිත වෙන්න වෙන නිසා. කොහොම නමුත් ඇයගේ සැමියා ඇයගේ කලා වැඩ වලට කිසිම වෙලාවක තහංචි දාලා නැහැ කියලත් ඇය කියනවා. ඒත් බිරිඳක් විදිහට ඇයට සීමා වෙන්න වෙන නිසා විවාහය කියන වගකීම භාරගන්න කලින් භාරගත්ත වැඩ වලින් ටිකක් නිදහස් වෙන්න ඕන කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.