මගේ ලොකුම හීනය කවදා හරි දක්ෂතම නිලිය සම්මානය ගන්න එක, දැන් මමත් හරි ලස්සනට ආදරය විදිනවා-රංගි රාජපක්ෂ
මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන චන්දෝලි සහ නොනිමි ටෙලිනාට්‍ය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර රංගන ශිල්පිනියක් තමයි රංගි රාජපක්ෂ කියලා කියන්නේ. ඒ වගේම අය දක්ෂ නිරූපණ ශිල්පිනියක් විදිහටත් හදුන්වලා දෙන්න පුළුවන්. කොහොම නමුත් මේ වෙද්දී වෙළෙඳ දැන්වීම් 50කට අධික ප්‍රමාණයකට පෙනී සිටි ඇය රංගන ක්ෂේත්‍රයට පිවිසියේ රාවණා සහ සල්සපුනා ටෙලිනාට්‍ය හරහායි. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් මේ දිනවල ඇය රංගනයෙන් දායක වන ටෙලිනාට්‍ය හතරක රූපගත කිරීම් කටයුතු සිදුවෙන නිසා කාර්යබහුල වෙලා ඉන්නවා කියලයි ඇය කියන්නේ. ඒ වගේම ඇයගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍ය රාවණා ටෙලිනාට්‍ය කියලත් ඇය කියනවා. ඒ වගේම ආදරය කියන්නේ හරිම සුන්දර දෙයක් කියලයි රංගි කියන්නේ. මොකද ඇයත් දැන් හරි ලස්සනට ආදරයට විඳින නිසා. ඉතින් ඇයට දැනෙන විධියට ප්‍රශ්න, බාධක මැද හරි සුන්දර විධියට ආදරය ගලාගෙන යනවා කියලත් ඇය කියනවා.

කොහොම නමුත් රටේ පවතින වර්තමාන තත්ත්වයත් සමඟ කලා ක්ෂේත්‍රයේ ඉදිරි ගමන ගැන පොඩි සැකයක් තිබෙනවා කියලයි ඇය කියන්නේ. මොකද මේ කාලේ හැමෝම ජීවත් වෙන්නෙ හරි අමාරුවෙන් නිසා. ඒ වගේම ඉස්සර තිබුණු පහසුකම් එක්ක වැඩ කළා වගේ දැන් වැඩකටයුතු කරන්න හරි අමාරුයි කියලත් ඇය කියනවා. කොහොම නමුත් රටේ පවතින තත්ත්වයත් සමඟ ඉදිරියට මොන වගේ දෙයක් වෙයිද කියලා හරියටම කියන්න අපහසුයි කියලයි ඇය කියන්නේ. ඉතින් කලාවට තියෙන ආදරය නිසාම වගේම කලාව රැක ගන්න ඕන නිසා තිබෙන ප්‍රශ්න දරාගෙන, ඉවසගෙන කොහොම හරි වැඩකටයුතු කරගෙන යනවා කියලත් ඇය කියනවා.

ඒ වගේම සම්මානයක් කියන්නේ හැමෝගෙම හීනයක් නිසා ඇයත් බලාපොරොත්තු වෙනවාලු කවදහරි දක්ෂතම නිළියට හිමි සම්මානය ගන්න. කොහොම නමුත් ඇයට දැනට ලැබිලා තිබෙන හොඳම සම්මානය වන ප්‍රේක්ෂක ආදරය නොඅඩුව ලැබෙනවා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.