මට එක එක විදිහේ අයගෙන් ආදර යෝජනා ගලාගෙන එනවා, ඒ නිසාම මම ආයෙත් බඳින්නේ නැහැ කිවුවොත් ඒක බොරුවක්-රයිනි චාරුකා
අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දෙමව්පියන්ගේ අඩිපාරේ යමින් කලා ලොවට පා තැබූ දක්ෂ ජනප්‍රිය ගායන ශිල්පිනියක් තමයි රයිනි චාරුකා කියලා කියන්නේ. ඒ වගේම ජීවිතයේ විවිධ හැලහැප්පීම්වලට මුහුණ දුන් ඇය අද ගෙවන ජීවිතය ගැන පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් ඇය පසුගිය සැප්තැම්බර් මාසෙ ඉදන්ම එක දිගට විදේශ රටවල ප්‍රසංගවලට සහභාගී වෙන නිසා ලංකාවෙ රැඳෙන්න කාලයක් නැති තරම් කියලයි ඇය කියන්නේ. ඒ වගේම මේ අවුරුද්දටම සති දෙකයිලු ඇය මේ වන විට මම ලංකාවේ හිටියේ.

කොහොම නමුත් ඇයට ජීවිතේ ගැන මීට වඩා පරිස්සමින් තීරණ ගන්න තිබුණ කියලා අද හිතෙනවා කියලත් ඇය කියනවා. ඉතින් ඒ කාලෙ පෙනි පෙනී දැන දැනම තමයිලු සමහර තීරණ ගත්තෙ. ඒ වගේම වයසත් එක්ක යම් යම් දේවල් තේරුම් යද්දි අපි කාට වුණත් හිතෙනවා අපරාදෙ මෙහෙම දෙයක් කළේ කියලා. ඉතින් ඒ දේ නොකර හිටියනම් හරි කියලා වගේ දේවල් දැනුත් ඇයට හිතෙනවා කියලයි රයිනි නම් කියන්නේ. නමුත් ඇය ජීවිතේ ගැන කවදාවත් පසුතැවෙන්නෙ නැහැලු. මොකද ඇය කැමති නැහැලු ඇයගේ ජීවිතේ ගැන ඒ විදිහට දකින්න. ඉතින් ජීවිතේ හැම අවස්ථාවකින්ම හැමෝටම යම් දෙයක් ඉගෙනගන්න ලැබෙන නිසා ඇයටත් ඒක පෙර පුහුණුවකට ලැබුණ අවස්ථාවක් කියලා හිතලා අද ගොඩක් සතුටින් ඉන්නවා කියලයි ඇය කියන්නේ.

ඒ වගේම මොනවා නැතත් ඇයට ආදරේ ඕන කියලත් රයිනි කියනවා. ඉතින් ඇය ආදරයට ගොඩක් ආදරේ කරන කෙනෙක්ලු. ඒ නිසාම ඇය ආයෙ කවදාවත් ආදරේ කරන්නෙ නැහැ ආයෙ බඳින්නෙ නැහැ කියල කිව්වොත් ඒක බොරුවක් වෙනවා කියලත් ඇය කියනවා. ඉතින් එක දෙයක් නිසා ඇයට පුංචි බයක් තියෙනවා වුනත් ඒ හැරෙන්න වෙන දෙයක් නැහැ කියලයි ඇය කියන්නේ. ඒ වගේම ඇයට ආදරය ඕන නිසා ඇය අනිවාර්යයෙන්ම ආදරවන්තියක් වෙනවා කියලත් ඇය කියනවා.

කොහොම නමුත් ඇයට දැන් ආදර යෝජනා එක එක විදිහෙ අයගෙන් එනවාලු. ඉතින් සාමාන්‍ය මිනිස්සුන්ගෙන් වගේම ඉහළ තත්ත්වයේ අයගෙනුත් යෝජනා ආවට ඇය කැමති වෙන්නේ නැත්තේ ඇයටත් ඒ අය ගැන හැඟීමක් දැනෙන්න ඕන නිසා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.