මට රඟපානවට වඩා අමාරු සිංහල කතා කරන එක, මම සතුන්ට ආදරය කරන නිසා කැරපොත්තට බය නැහැ-රුක්ෂලා විජේසිංහ
මේ දිනවල පුංචි තිරය ඔස්සේ අතිශය ප්‍රේක්ෂක ප්‍රතිචාර මද්‍යයේ විකාශනය වන කෝලම් කුට්ටම ටෙලිනාට්‍යයේ නතාෂා සොයිසාගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම නවක රංගන ශිල්පිනියක් තමයි රුක්ෂලා විජේසිංහ කියලා කියන්නේ. ඉතින් තවමත් පාසල් අධ්‍යාපනය ලබමින් සිටින ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ඇයට රඟපාන්න අවස්ථාව උදා වෙලා තියෙන්නේ සද්ධාමංගල සූරියබණ්ඩාරගේ IMPAS රංගන පාසල හරහා. ඒ වගේම කෝලම් කුට්ටමට ඇයව ගත්තේ සිවගුරුනාදන් මහතා වුනත් කැමරා අධ්‍යක්ෂ ප්‍රභාත් සහ එහි රඟපාන අනෙක් හැමෝමත් ඇයට බොහෝ දේ ගැන කියලා දුන්නා කියලත් ඇය කියනවා. ඒත් එක්කම ඇය පාසල් අධ්‍යාපනය හදාරන්නේ ගේට්වේ ජාත්‍යන්තර පාසලේ. ඉතින් වැඩ ටික හරියට බැලන්ස් කර ගත්තොත් ප්‍රශ්නයක් නැතුව හැමදේම කරගන්න පුළුවන් කියලයි ඇය කියන්නේ.
ඒ වගේම කරන දේ ඒ මොහොතට අවංක වෙලා කළොත් ප්‍රතිඵල ගන්න පුළුවන් නිසාත් විභාගයත් ළඟ නිසා හැමදේම කැපවෙලා කරනවා කියලත් රුක්ෂලා කියනවා. ඉතින් අධ්‍යාපනය පැත්තකට දාලා රංගනය කරන්නෙ නැහැ කියලත් ඇය කියනවා. රංගනයට ආසයි වගේම ඉගෙනීමට බොහෝම ආසයි කියලයි ඇය කියන්නේ. ඒ වගේම ඇය ඇය අනාගතයේදී හොඳට ඉගෙනගෙන ප්‍රතිඵල අරගෙන, රංගනයත් හොඳට කරන්න උත්සාහ ගන්නවාලු. කොහොම නමුත් රංගනයේදී ඇයට සිංහල භාෂාව උච්චාරණය කිරීම තමයි අපහසු කියලත් ඇය කියනවා.

ඉතින් සද්ධා සර්ගෙ IMPAS එකට ගියාට පස්සෙ තමයිලු ඇයට මෙච්චර දුරට හරි සිංහල කතා කරන්න හුරු වුණේ. මොකද ඇය පොඩි කාලයේ ඉඳලාම ඉංග්‍රීසි භාෂාවෙන් අධ්‍යාපනය ලබන නිසා නිතරම නැඹුරු වුණේ ඉංග්‍රීසි භාෂාවට නිසා. ඒ වගේම ඇය සත්තුන්ට ගොඩාක් කැමති කෙනෙක් නිසා බල්ලො පූසො විතරක් නෙවෙයි කැරපොත්තන්ටත් බය නැහැ කියලයි ඇය කියන්නේ. ඒ නිසාම ඇය ඔක්කෝම සතුන්ට අනුකම්පා කරනවා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.