හැමෝම මට මැනේජර් කියලා කතා කරාට මම තාම ඉස්කෝලේ යනවා-ජනප්‍රිය නවක නිලි රුක්ෂලා විජේසිංහ
මේ දිනවලා අතිශය ප්‍රේක්ෂක ප්‍රතිචාර ඔස්සේ විකාශනය වන කෝලම් කුට්ටම ටෙලිනාට්‍යයේ දොලේ මහත්තයාගේ මැනේජර්ගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම නවක රංගන ශිල්පිනියක් තමයි රුක්ෂලා විජේසිංහ කියලා කියන්නේ. ඒ වගේම තවමත් පාසල් යන අවුරුදු 17ක තරුණියක් වන ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ඇය IMPAS ආයතනයේ ශිෂ්‍යයෙක් නිසා කෝලම් කුට්ටම ටෙලිනාට්‍යයට සද්ධා සුර්යමංගල මහතා අවස්ථාව ලබා දුන්නා කියලයි ඇය කියන්නේ. ඒ වගේම ගොඩක් දෙනෙක් ඇයට දැන් කතා කරන්නේ දොලේ මහත්තයාගේ මැනේජර් කියලාලු. ඉතින් හොඳට චරිතය කරනවා කියලත් ගොඩක් දෙනෙක් ඇයට කියනවා කියලයි රුක්ෂලා කියන්නේ. ඉතින් මිනිස්සුන්ට දැනෙන චරිතයකින් රූපවාහිනි තිරයක පෙනී සිටින්න ලැබීමම ලොකු වාසනාවක් කියලත් ඇය කියනවා.
ඒ වගේම ඇය ප්‍රසිද්ධ වේදිකාවක රඟපෑවේ තුන වසරේදී කියලයි රුක්ෂලා කියන්නේ. ඒ ලයනල් වෙන්ඩ්ට් රඟහලේ. ඉතින් එතැන ඉඳලා ඇය දිගටම පාසලේ නාට්‍ය වල හිටියා කියලත් ඇය කියනවා. ඒත් එක්කම ඇය All Island shakespeare Competition, Trinity competition වගේ සමස්ත ලංකා තරඟ වල හොඳම නිළිය සම්මාන පවා ලබාගෙන තියෙනවා. කොහොම නමුත් පාසල තමයිලු ඇයගේ රඟපෑමේ පළමු පියවර.

ඒ වගේම පාසලේදීත් අධ්‍යාපන කටයුතු වලට බාධාවක් නොවන විදියට මලල ක්‍රීඩා, පිහිනීම නාට්‍යකරණය වගේ විෂය බාහිර කටයුතු උපරිම මට්ටමෙන් සමබරව කළා කියලත් ඇය කියනවා. ඒ වගේ ප්‍රවේශමෙන් කාලය කළමනාකරණය කර ගත්තොත් හැමදේම කරගන්න ලොකු අමාරුවක් වෙන එකක් නැහැ කියලයි ඇය කියන්නේ. ඉතින් ඇය දැන් කැපවීමෙන් අධ්‍යාපන කටයුතු කරගෙන යෑම සහ උසස් පෙළ කඩඉමට හොඳින් මුහුණදෙන්න ඕනෑ කියලත් ඇය කියනවා. ඒ අතරේ අවස්ථාව ලැබෙන විදිහට රංගන කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.