Watapita

Just another WordPress site

මම වැඩිපුරම ආස කළු චරිත වලට, ගයාන් අයියා පාර දිගෙන් අයින් වුනත් අපේ Rawds බෑන්ඩ් එක දිගටම තියෙනවා-සචින් චතුරංග

මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන ලංවී ටෙලිනාට්‍යයේ ඉරෝන්ගේ චරිතයෙන් වගේම පාර දිගේ ටෙලිනාට්‍යයේ අභියාගේ චරිතය හරහාත් ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම කඩවසම් රංගන ශිල්පියෙක් තමයි සචින් චතුරංග කියලා කියන්නේ. ඉතින් ඔහු පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඔහ්ගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් ඔහුගේ රංගනය වෙනුවෙන් දැන් ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාරවලට ඔහුත් හරිම ආදරෙයි කියලයි සචින් කියන්නේ.

ඒ වගේම ලංවී ටෙලිනාට්‍යයේ ඔහුගේ චරිතය නිසාම වගීෂායි ඔහුයි ඇත්තටම එකතු වුණොත් හොඳයි කියන අය ගොඩක් ඉන්නවා කියලත් ඔහු කියනවා. කොහොම නමුත් ඔහු පෙම්වතෙක් නිසා ඔහුගේ සැබෑ ජීවිතේ අත්දැකීම් මේ චරිතය වෙනුවෙන් උපයෝගී වෙන්න ඇති කියලයි සචින් නම් කියන්නේ. මොකද සචින් කියන්නෙ හරි ආදරණීය චරිතයක් නිසා. ඉතින් ඔහු හිතන විදිහට ඇත්තම සචින් තමයිලු ඉරෝන් චරිතයට ගෙනාවේ.

ඒ වගේම ඔහුට ගොඩක්ම ලැබෙන්නෙ කළු චරිත වුනත් ඔහු ඒ චරිතවලට ගොඩක් කැමතියි කියලත් සචින් කියනවා. මොකද අද සමාජයෙත් සුදු චරිතවලට වඩා ගොඩක් දෙනෙක් ආදරය කරන්නෙත් කළු චරිතවලට නිසා. නමුත් ඔහුට සුදු චරිතයක් ලැබුණොත් භාර නොගන්නෙත් නැහැ කියලයි ඔහු කියන්නේ. මොකද ඔහු එකම චරිතවලට කොටුවෙන්න කැමැතිත් නැති නිසා. ඉතින් ඔහුට හෙට ලැබුණොත් සුදු චරිතයක් ඒකත් හොඳට කරනවා කියන තැන තමයිලු ඔහු ඉන්නෙ. ඒ වගේම රංගන ශිල්පියෙක් වුණාම ලැබෙන චරිත අභියෝග ජයගන්න හැකිවෙන්න ඕනැ කියලත් ඔහු කියනවා.

ඒ වගේම පාර දිගේ අභියාගේ චරිතයටත් ගොඩක් දෙනෙක් ආදරෙයි කියලයි ඔහු කියන්නේ. මොකද ඔහු කරන ඒ මෝඩ වැඩවලට මෝඩ කතාවලට ආදරය කරන පිරිසක් ඉන්න නිසා. ඉතින් කොහේදි හෝ හමුවෙලා කතා කළත් ඒ චරිත රංගනයන් ගැන ගොඩක් අය කියනවාලු. ඉතින් ඔහුට හරි සතුටුයිලු රංගන ශිල්පියෙක් වෙලා මෙතරම් ආදරයකට පාත්‍රවෙන්න ලැබීම ගැන.

කොහොම නමුත් මේ වෙද්දි ඔවුන් එක්ක මේ ගමන තුළ ළඟින්ම හිටපු භානුට රංගනයෙන් දායක වුණු ගයාන් ගුණවර්ධන යම් පෞද්ගලික හේතුන් මත පාර දිගේ නිර්මාණය තුළින් ටිකක් ඈත් වුනත් මේ තුළින් ආරම්භ කරපු සංගීත කණ්ඩායම ‘Rawds’ ලස්සන ගමනක් යනවා කියලයි ඔහු කියන්නේ. ඉතින් ඔහු හිතනවාලු ඔවුන්ගේ මේ බැඳීම කිසිදා නොබිඳෙන බැඳීමක් වෙයි කියලත්. මොකද ඒ තරමට ඔවුන්ගේ මේ කණ්ඩායම එකමුතු නිසා. ඉතින් දැන් පාර දිගේ ටෙලි නිර්මාණය වගේම සංගීත කණ්ඩායමේ වැඩත් කරගෙන සාර්ථක ගමනක් යනවා කියලයි ඔහු අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *