ළඟදීම මම නිර්වාන්ටයි අනුත්තරටයි දෙන්නටම සමු දෙනවා, ප්‍රේක්ෂකයෝ ඇති කියද්දී දිගටම රඟපාන්න මම කැමති නැහැ-සචින් ලියනගේ
මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන කියා දෙන්න ආදරේ තරම්, ජානු සහ සංසාරිණී කියන ටෙලි නිර්මාණ තුන හරහාම ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම කඩවසම් රංගන ශිල්පියෙක් තමයි සචින් ලියනගේ කියලා කියන්නේ. ඒ වගේම මෙවර රයිගම් ටෙලි සම්මාන උළෙලේ නිර්දේශිත නම් අතර ඔහුගේ නම තිබුණත් ජනප්‍රියම නළුවාට හිමි සම්මානය ඔහුගෙන් ගිලිහී යනවා. ඉතින් ඒ ගැන වගේම ඔහුගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරන්න පහුගිය දවසක පුවත්පතක් විසින් ඔහුව කතා බහට එකතු කරගෙන තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් සම්මානයක් කෙනෙකුට ලැබෙන්නත් පුළුවන් නොලැබෙන්නත් පුළුවන් නිසා ඒ ගැන දුකක් නැහැ කියලයි සචින් නම් කියන්නේ. නමුත් තුන් වතාවක්ම දෙවැනි ස්ථානය දිනාගන්න පුළුවන් වුණ එක ගැන ගොඩක් සතුටු වෙනවා කියලත් ඔහු කියනවා. ඒ වගේම ඔහු කළා ක්‍ෂේත්‍රයට ඇවිත් බොහොම ටික කාලයයි වගේම ඔහු ප්‍රධාන චරිතය නිරූපණය කරන පළමුවැනි ටෙලි නාට්‍යයෙන්ම තමයි මේ අවස්ථාව ඔහුට උදාවෙන්නෙ. ඉතින් ඔහුගේ ගමනත් එක්ක බලනකොට අද ලොකු තැනක ඉන්නවා කියලා හිතනවාලු.

ඒ වගේම කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍ය ඔහුගේ ජීවිතයේ හැරවුම් ලක්‍ෂයක් බවට පත්වුණා කියලයි ඔහු කියන්නේ. කොහොම නමුත් ඔහු ඉල්ලීමක් කරළා තියෙනවා සිරස ටීවී ආයතනයෙන් ඔහුට කියා දෙන්න ආදරේ තරම් ටෙලිනාට්‍යයෙන් ඉවත් වෙන්න අවශ්‍යයි කියලා. නමුත් ඔවුන්ගේ අදහස වෙලා තියෙන්නේ දැන්ම ඉවත් නොවී තව ටික කාලයක් ඉන්න කියන ඒකයි. ඉතින් ඔහු ඒ අදහස පිළිගත්තා කියලත් සචින් කියනවා. මොකද ඔහු අද යම් තැනක ඉන්නවා නම් ඒ ඔවුන් නිසා. ඒ වගේම බොහෝ දුරට මේ අවුරුද්දෙ ඒ චරිතය වෙනුවෙන් ඉඳීවි කියලයි සචින් නම් කියන්නේ.

ඒ වගේම ඔහු දැනට මේ ටෙලි නාට්‍යයේ කොටස් පන්සියයකට පමණ රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඉතින් දැන් දැන් ඔහු දකින දෙයක් තමයිලු ප්‍රේක්‍ෂකයන් මේ නාට්‍ය ඇතී කියන තැනට ඇවිත් තියෙන එක. ඒ නිසා එතනදි ඔහු නවතින ඒක තමයි හොඳම දේ කියලත් සචින් කියනවා. ඒ වගේම ඔහු පෞද්ගලිකව කැමති නැහැලු ඒ තරම් දීර්ඝ නාට්‍යවල රඟපාන්න. ඒ වගේම ඔහු නිරූපණයට සමුදීල දැන් ගොඩක් කල් කියලත් ඔහු කියනවා. මොකද දැන් තියෙන කාර්යබහුලත්වයත් එක්ක රංගනයට එහා දෙයක් කරන්න වෙලාවක් නැහැ කියලයි ඔහු කියන්නේ. ඉතින් ඔහු පිටපත් රචකයෙක් නිසා කරන්න දේවල් ගොඩක් තියෙනවා කියලයි ඔහු අවසාන වශයෙන් පවසලා තිබුනේ.