Watapita

Just another WordPress site

මට මේ පාරත් ජනප්‍රියම නළුවා වෙන්න බැරි වුනත් ඒ ළඟටම යන්න ලැබුණු එකත් ලොකු සතුටක්-සචින් ලියනගේ

මේ දිනවල සිරස නාලිකාව ඔස්සේ විකාශනය වන කියා දෙන්න ආදරේ තරම් ටෙලිනාට්‍යයේ නිර්වාන් සහ අනුත්තර කියන ද්විත්ව චරිතයක් හරහා වගේම ස්වාධීන රූපවාහිනියේ විකාශනය වන ජානු ටෙලිනාට්‍ය හරහාත් ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම කඩවසම් රංගන ශිල්පියෙක් තමයි සචින් ලියනගේ කියලා කියන්නේ. ඉතින් ඔහු පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඔහුගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් මේ දිනවල ඔහුට ලැබෙන ප්‍රතිචාර ඉතා ඉහළයි කියලයි ඔහු කියන්නේ. ඒ වගේම කියා දෙන්න ආදරේ තරම් ටෙලි නිර්මාණය විකාශය ආරම්භ වෙලා මේ වෙද්දි අවුරුදු දෙකකට ආසන්න කාලයක් වුනත් ඒ කාලය ඇතුළත ලැබුණු ප්‍රතිචාර ගැන ඇත්තටම සතුටුයි කියලත් ඔහු කියනවා.

හැබැයි අද වෙද්දි නිර්වාන් කියන චරිතය නම් ප්‍රේක්ෂකයන්ට ටිකක් එපාවෙලා වගේ තියෙනවා කියලයි ඔහු කියන්නේ. මොකද ඒක එක තැන ප්ලේ වෙන ගතියක් තියෙන නිසා. නමුත් ඉදිරියට වෙන සිදුවීම් එක්ක නිර්වාන්ට නැවතත් ඒ තිබුණු ආදරය ලැබෙයි කියලා විශ්වාස කරනවා කියලත් ඔහු කියනවා. කොහොම නමුත් එකම නිර්මාණයක් තුළ කළු සහ සුදු චරිත රංගනයක යෙදීම ඇත්තටම අපහසු කාර්යයක් වගේම ඒක ලොකු අභියෝගයක් කියලයි ඔහු කියන්නේ. නමුත් එකම නිර්මාණයක් තුළ සුදු චර්තයක් සහ කළු චරිතයක් රඟදැක්වීමට නවක රංගන ශිල්පියෙක් විදියට ඔහුට අවස්ථාව ලැබීම ගැන ගොඩක් සතුටුයි කියලත් සචින් කියනවා.

ඒ වගේම ඔහු ගිය වසරේත් මේ වසරේත් ජනප්‍රියම නළුවා කියන සම්මානය ළඟටම ගියා ප්‍රේක්ෂක මනාපයත් එක්ක. හැබැයි ගිය වසරේත් දෙවන ස්ථානය තමයි ඔහුට ලබාගන්න හැකි වුණේ. කොහොම නමුත් මෙවරත් ජනප්‍රියම රංගන ශිල්පීන් තිදෙනා අතරට එන්නට ඔහුට හැකි වුණා. ඉතින් මෙවර ලක්ෂ 17කට වැඩි ප්‍රේක්ෂක මනාපයන් ඔහුට ලැබිලා තිබුණා. ඒ වගේම ඇත්තටම සම්මානය ඔහුට නොලැබුණත්, නව පරපුරේ රංගන ශිල්පියෙක් විදියට ඒ ලැබුණු ආදරේම ඔහුට හොඳටම ප්‍රමාණවත් කියලයි ඔහු කියන්නේ.

ඒ වගේම ඔහුත් එක්ක අවසානෙට කරට කර මේ ජයග්‍රාහි සම්මානය ලබාගන්න හිටියෙ කලා ක්ෂේත්‍රයේ හොඳ පෙරළිකාරයෙක් වුණු උද්දික ප්‍රේමරත්න. ඉතින් එවැනි චරිතයක් එක්ක ඔහුත් ඒ තැනටම නිර්දේශ වීමම ඔහු ලබපු ජයග්‍රහණයක් කියලයි සචින් කියන්නේ. ඒත් එක්කම ජනතාවගෙන් එතරම් ආදරයක් ලැබීමම ලොකු වාසනාවක් පිනක් විදියට සලකනවා කියලයි ඔහු අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *