මම දැන් විවාහ වෙලා අවුරුදු 14ක් වෙනවා, ග්ලවුස් දාගෙන බත් කන්නේ නියපොතු සවුත්තු වෙන නිසයි-සචිනි අයේන්ද්‍රා
සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන්ම කතා බහට ලක්වෙන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර රංගන ශිල්පිනියක් තමයි සචිනි අයේන්ද්‍ර කියලා කියන්නේ. ඒ වගේම 2003 වසරේදී ලක් රූ රැජන වීමත් සමඟින් එම වසරේම ලෝක රූ රැජන තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ අවස්ථාව ද ඇයට හිමිවූවාය. ඒත් එක්කම ආදරණීය වස්සානය චිත්‍රපටයෙන් සිය රංගන ජීවිතය ඇරඹූ ඇය සංඛාරා, හාර්ට් එෆ් එම් ආදි චිත්‍රපට රැසකට මේ වෙද්දී රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඉතින් මියුසික් වීඩියෝ හරහා මෙන්ම වෙළඳ දැන්වීම් හරහාද නිරන්තරයෙන්ම ප්‍රේක්ෂකයින් හමුවට එන ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ඇය රංගන ශිල්පිනියක් නොවුනානම් ව්‍යාපාරික කාන්තාවක් වෙයි කියලයි ඇය කියන්නේ. ඒත් ඇය මොනවගේ ක්ෂේත්‍රයක හිටියත් අනිවාර්යයයෙන්ම කලා ක්ෂේත්‍රයටම එයි කියලත් ඇය කියනවා. කොහොම නමුත් ඇය දැනටත් ව්‍යාපාර දෙකක් කරගෙන යනවාලු. මොකද ඇය කැමති ඇය දන්න දෙයක් කරලා ඉස්සරහට යන්න නිසා. ඒ වගේම ඇය ක්ෂේත්‍රයට එන්නේ මුලින්ම 2002 වසරේ. ඒ නිරූපණ ශිල්පිනියක් විදියට. ඉතින් ඇය චිත්‍රපටියක් තෝරා ගනිද්දී ඒ චරිතය හොඳයි ද? ඒ චරිතයේ ඇයට කරන්න තියෙන්නේ මොනවද? ඇයට පෙනී සිටින්න තියෙන දර්ශන මොනවා ද? ඒවාගේ දේවල් සොයා බලලා තමයිලු ඇය ඒ චරිතය තෝරගන්නේ. උදාහරණයක් ගත්තොත් ලිංගික දර්ශන තියනවා නම් ඒවගේ සීමාව බලලා තමයිලු ඇය චරිතය තෝරා ගන්නේ.

ඒ වගේම ඇයට ඇයගේ සැමියාව මුලින්ම හමුවෙන්නේ ඔහුගේ ව්‍යාපාරික ස්ථානයේ අවුරුදු උත්සවයක් විනිශ්චය කරන්න ගිහිල්ලා කියලයි ඇය කියන්නේ. ඉතින් ඇය හෙව්ව විදියේ කෙනෙක් තමයිලු ඔහු. ඒ වගේම දැන් ඔවුන් විවහ වෙලා අවුරුදු 14ක් වෙනවා. ඉතින් දැන් ඔවුන්ට දියණියන් දෙන්නෙක් ඉන්න නිසා දරුවෝ දෙන්නා බලාගෙන සමගියෙන් ඉන්නවා කියලත් ඇය කියනවා.
කොහොම නමුත් ඇය පාසල් යන කාලේ ඉඳලම බත් කන්න ඇයගේ අත පාවිච්චි කරවා අඩුයි කියලයි ඇය කියන්නේ. ඇය අධ්‍යාපනය ලැබුවේ මහනුවර හිල්වුඩ් බාලිකා විද්‍යාලයෙන්. ඉතින් ඒ කාලේ ඇය හොස්ටල් තමයි ඉඳලා තියෙන්නේ. එහේදී හැන්දෙන් ගෑරුප්පුවෙන් තමයිලු හැමෝම කෑම ගන්නේ. ඉතිං ඇය ඉස්සර ඉඳන්ම අතින් කෑවා අඩුයි කියලත් ඇය කියනවා. ඒ වගේම බත් කියන්නේ අතිං අනලා කන්න ඕන දෙයක් වුනත් ඇයට බත් අනලා කන්න බැරි ඇයගේ නියපොතු ගොඩක් දිග නිසා කියලයි ඇය කියන්නේ. ඉතින් එක පාරක් බත් කෑවොත් නියපොතු ටික ඉවරයිලු. මොකද නියපොතු කහපාට වෙන නිසා.

කොහොම නමුත් ග්ලවුස් දාලා කෑම ගන්න එක අපේ රටේ ගොඩක් අයට මැජික් එකක් වුණාට ගොඩක් වෙලාවට පිටරටවල ඉන්න ශ්‍රී ලාංකිකයොත් ග්ලවුස් දාලා තමයිලු බත් කන්නේ. ඉතින් හොඳ රෙස්ටුරන්ට්වලත් අතින් කන කෑමක් තිබ්බොත් අනිවාර්යයෙන්ම ග්ලවුස් දෙනවා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.