Watapita

Just another WordPress site

මම ලස්සන වෙන්න කියලා කිසිම දෙයක් පාවිච්චි කරන්නේ නැහැ, ජිම් යන එක විතරයි කරන්නේ-සචින්තනී කෞශල්‍යා

මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන කියාදෙන්න ආදරේ තරම් ටෙලිනාට්‍යයේ දිගැසිගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරුපිම් සුන්දර රංගන ශිල්පිනියක් තමයි සචින්තනී කෞශල්‍යා කියලා කියන්නේ. ඒ වගේම අපට ඇයව රංගන ශිල්පිනියක් වගේම නීති ශිෂ්‍යාවක් විදිහටත් හදුන්වලා දෙන්න පුළුවන්. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් මේ දවස්වල කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයේ රංගන කටයුතුවලට කාර්ය බහුලවෙලා ඉන්නවා කියලයි සචින්තනී කියන්නේ. ඒ වගේම කොළඹ විශ්වවිද්‍යාලයේ නීතිවේදි උපාධිය හොඳින් සමත් වුන නිසා දැන් නීතිඥවරියක් වීම සඳහා නීති විද්‍යාලයේ ඉගෙනුම ලබමින් ඉන්නවා කියලත් ඇය කියනවා. ඉතින් නීතිඥ වෘත්තියට වගේම රංගනයටත් ඇය ගොඩක් ආදරය කරන නිසා වෘත්තීන් දෙකම සමබරව කරගෙන යන්න හිතාගෙන ඉන්නවා කියලයි ඇය කියන්නේ.

ඒ වගේම විවාහ වෙන්නත් දැන් කාලෙ හරි වුණාට ඇයට ගැළපෙන විදිහෙ කෙනෙක් තාම හම්බුණේ නැහැ කියලත් ඇය කියනවා. ඉතින් ඇයව තේරුම් අරන් ඇයට ආදරේ කරන වගේම හොඳ අනාගතයක් ගොඩනගා ගන්න උත්සාහ කරන කෙනෙක්ව තමයිලු ඇය බලාපොරොත්තු වෙන්නෙ. ඒ වගේම නිළියක් වුණාම ඇඟේ හැඩය, ලස්සන ගැන හිතන්න ඕන කියලයි සචින්තනී කියන්නේ. හැබැයි එහෙමයි කියලා ඇය ලස්සන වෙන්න කිසිම කෘත්‍රිම නිෂ්පාදනයක් පාවිච්චි කරන්නෙ නැහැලු. ඇය ජිම් ගිහින් ව්‍යායාම කරලා ඇඟ හදන නිසා තමයිලු ඉස්සරට වඩා ඇයව ලස්සන වෙලා තියෙන්නෙ.

ඒ වගේම අවස්ථාව අනුව තැනට ගැළපෙන විදිහට ඇය දිග ඇඳුම් වගේම කොට ඇඳුනුත් අඳිනවා කියලත් සචින්තනී කියනවා. ඉතින් කොට ඇඳුම් අඳින්නෙ සරාගීකම පෙන්නන්න නෙමෙයි, ඒ අවස්ථාවේදී ඇයව ලස්සනට පේන්න සහ නිදහස්ව පහසු විදිහට ඉන්න ඕන නිසා කියලයි ඇය කියන්නේ. කොහොම නමුත් ගැහැනියකගේ සරාගීකම තීරණය වෙන්නෙ කතා කරන විදිහෙන්, හැසිරීමෙන්, ආකල්පවලින් මිසක් නිරුවත ප්‍රදර්ශනය කිරීමෙන් නෙවෙයි කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *