නිලියක් වෙන එක මම පුංචි කාලේ ඉදන්ම දැකපු ලොකු හීනයක්, මගේ හීනය සැබෑ වුනේ අවුරුදු කුමරිය වුනාට පස්සේ-සචින්ත්‍යා අරුන්දතී
මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන අතිශය ජනප්‍රිය ටෙලි නාට්‍ය දෙකක් වන කියා දෙන්න ආදරේ තරම් සහ කෝලම්කුට්ටම කියන ටෙලිනිර්මාණ දෙක හරහාම ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී නවක රංගන ශිල්පිනියක් තමයි සචින්ත්‍යා අරුන්දතී කියලා කියන්නේ. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් ඇය දැන් රංගනයට අමතරව ශ්‍රී ලංකා තාක්ෂණික විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ ඉගෙන ගන්නවා කියලයි ඇය කියන්නේ.

ඒ වගේම රංගන ශිල්පිනියක් වෙනවා කියන එක පුංචි කාලේ ඉඳලාම ඇයට තිබුණු ලොකු ආසාවක් කියලත් සචින්ත්‍යා කියනවා. ඉතින් එතනට යන්න ඇයට පාරක් හදාගන්න උවමනාව තිබුන නිසා තමයි ඇය 2022 සිරස වසන්ත කුමරිය තරඟයට ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඉතින් එහි කිරුල දිනා ගනිමින් තමයි ඇය කළා ක්ෂේත්‍රයට පිවිසෙන්නේ. ඒ වගේම ඇයගේ මුල්ම නාට්‍ය තමයි කෝලන්කුට්ටම ටෙලි නාට්‍යය.

ඉතින් ඇයට අවුරුදු කුමරි තරගයකට සහභාගි වෙන්න ලොකු ආසාවක් තිබුණා කියලත් ඇය කියනවා. ඒ වගේම ඇය ඇයගේ පාසලේ 2018 අවුරුදු කුමරිය වෙලා තියෙනවා. ඊට පස්සේ 2019 ස්වර්ණමාලි අවුරුදු කුමරිය තුන්වෙනි ස්ථානය ලබාගැනීමටත් ඇයට හැකි වෙලා තියෙනවා. ඒත් නාලිකාවක අවුරුදු කුමාරි තරගයකට සහභාගි වෙන්න ලොකු ඕනකමක් තිබුණා කියලයි ඇය කියන්නේ. ඉතින් කලාවට එන්න තිබුණු ආසාව නිසාම ඇය අවුරුදු කුමරිය තරගයකට ඉදිරිපත් වුණා කියලත් ඇය කියනවා. ඒ වගේම ඇයගේ සිහිනය වාසනාව ගෙනාවේ 2022 සිරස වසන්තය.

ඉතින් කොයිතරම් අමැරු වුණත් ඇය ඇයගේ හීනවලට කොහොම හරි යන කෙනෙක් කියලයි සචින්ත්‍යා කියන්නේ. හැබැයි දෛවය විසින් ඒ අවස්ථාව ඇයට ලබා නොදුන්නා නම් ඇය ඉගෙන ගන්න ක්ෂේත්‍රයකින් ඉදිරියට යාවි කියලත් ඇය කියනවා. ඉතින් ඇය තාම ක්ෂේත්‍රයට අලුත් නිසා හොඳ නිර්මාණ ලැබුණොත් දිගටම ක්ෂේත්‍රය තුල රැඳෙනවා කියලයි ඇය කියන්නේ. ඒ වගේම දිගටම කලාවේ ගමනක් යන්න ලොකු ආසාවක් තියෙනවා කියලත් ඇය කියනවා. මොකද ඇය තවම පොඩි කාලේ හීන දැකපු රංගන ශීල්පිනිය වෙලා නැති නිසා. ඉතින් ක්ෂේත්‍රය තුල ලොකු ගමනක් මට යන්න පුළුවන් වේවි කියලා විශ්වාස කරනවා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.