Watapita

Just another WordPress site

මම කාටවත් ආදරේ කරලත් නැහැ, ආදරෙයි කියලත් නැහැ, තනියම ඉන්න අය විතරයි දන්නේ මේ නිදහස් ජීවිතේ රස-සචිත් පීරිස්

අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය ගායන ශිල්පියෙක් වගේම සංගීත අධ්‍යක්ෂකවරයෙක් තමයි සචිත් පීරිස් කියලා කියන්නේ. ඒ වගේම ඔහුගේ නමටත් වඩා ඔහුගේ කටහඩ ඉතාම ජනප්‍රියයි. ඒත් එක්කම මේ වෙද්දී දැන්වීම් දහස් ගණනකට සංගීතය නිර්මාණය කරලා තියන ඔහු ලස්සන තැන් වල තනියම ඇවිදින්න යන කෙනෙක් විදිහටත් ඉතාම ප්‍රසිද්දයි. ඉතින් ඔහු පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඔහුගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ඔහු නිතරම ඇවිදින්න යන නිසා හෝර්ටන් තැන්න, හරිත කන්ද, පූනාගල, හපුතලේ වගේ පැතිවල හරි ලස්සන තැන් හොයාගෙන ඔහු නිතරම යනවා ඇවිදින්නලු. ඒ වගේම පරිසරයේ රස විඳින්න ඔහු හරි ආසයි කියලයි සචිත් කියන්නේ. ඉතින් තනියම යනකොට එකේ රහ වෙනස් නිසා වැඩිපුරම කැමති තනියම යන්න කියලත් ඔහු කියනවා. ඒ වගේම ඔහු කියන විදිහට තනියම ඉන්න අය තමයිලු දන්නේ ඒ නිදහස් ජීවිතේ රස.

ඒ වගේම ඔහු තවම තනිකඩ නිසා ආදරේ ගැන හිතන්නේ නැහැ කියලයි ඔහු කියන්නේ. ඉතින් පෙම්වතියක් හිටියොත් කොහෙද යන්නෙ කීයටද එන්නෙ, කාත් එක්කද ඉන්නේ, මොනාද කරන්නේ කියලා ප්‍රශ්න දාහක් අහන නිසා ඔය ඔක්කොටම උත්තර දෙනවට වඩා තනියම ගෙවෙන ජීවිතේ සැපයි කියලත් ඔහු කියනවා. ඒ වගේම මේ මොහොත වෙනකම් විවාහය ගැන හිතලා නැහැ කියලයි සචින් නම් කියන්නේ.

කොහොම නමුත් සෝෂල් මීඩියාවලින් හායි කියලා කතා කරලා හිතවත් වුණු අය ඉන්නවා වුනත් ඒ කාටවත් ඔහු ආදරේ කරලා නැහැ ආදරෙයි කියලා නැහැ කියලත් සචිත් කියනවා. ඉතින් එහෙම යෝජනා ආවම හරි පරිස්සමින් හිත් නොරිද්දා ඒවා ප්‍රතික්ෂේප කරලා තියෙනවා කියලයි ඔහු කියන්නේ. ඒ වගේම ඔහු දැන් අවුරුදු හතක් අටක් ප්‍රසංග වේදිකාවට ගොඩ වුණේ නැති වුනත් දැන් නැවතත් ගොඩක් ආරාධනා ලැබෙනවා කියලත් සචිත් කියනවා. ඒ නිසා ආයෙමත් ඔහු ප්‍රසංග වේදිකාවට නගින්න හිතුවාලු. කොහොම නමුත් ඔහු ගායනා කල ගීත තියෙන්නේ 15ක් විතර. ගායනයට අමතරව ඔහු වෙළඳ දැන්වීම්වලට සංගීත අධ්‍යක්ෂණය කරන නිසා මේ වෙද්දි වෙළඳ දැන්වීම් 4000කට කිට්ටු වෙන්න කරල තියනවා කියලයි ඔහු අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *