Watapita

Just another WordPress site

දුප්පත්කම නිසා ඩිග්‍රිය අත්හැරියට මම තාමත් ආසයි ඒක කම්ප්ලීට් කරන්න, මම ඉස්සර ගොඩක් දුක් විදපු කෙනෙක්-සඳුන් පෙරේරා

ඔබ මගේ හදවතේ පැළදුවා, ආදරය ආගමකි, ආයෙත් වරක්, පූජා කරන්නම් වැනි ගීත හරහා අපේ රටේ අතිශය ප්‍රේක්ෂක ආදරයක් වගේම ආකර්ශනයක් දිනා ගත්ත දැන්නම් ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි දක්ෂ ජනප්‍රිය ගායන ශිල්පියෙක් තමයි සඳුන් පෙරේරා කියලා කියන්නේ. ඒ වගේම රසිකයන්ගේ අසීමිත ආදරය සමඟින් මෙවර People’s Award සම්මානයෙන් පිදුම් ලැබීමටත් ඔහු වාසනාවන්ත වුණා. ඉතින් ඒ ගැන වගේම ඔහුගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරන්න පහුගිය දවසක පුවත්පතක් විසින් ඔහුව කතා බහට එකතු කරගෙන තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් මේ දවස් වල සුපුරුදු විධියට ප්‍රසංග වේදිකාවත් සමඟ තමයි වැඩිපුර රැඳිලා ඉන්නවා කියලයි ඔහු කියන්නේ. ඒ වගේම අලුත් ගීත දෙකක වැඩකටයුතු කරගෙන යන අතර ජීවිතයේ විශේෂම දෙයකට ලෑස්ති වෙනවා කියලත් ඔහු කියනවා. ඉතින් ඒ තමයි ඔහුගෙ චූටි පුතා ඉපදෙන්න ළඟයි කියලයි සඳුන් කියන්නේ. ඒ වගේම 2016 වසරේ පටන් ඔහු විඳපු මිනිසුන්ගෙ ආදරය එකට එකතු කරලා සම්මානයක් විධියට ඔහුගෙ අතට ගෙනල්ලා දුන්නා කියලත් ඔහු කියනවා. ඉතින් රසිකයන්ගේ ආදරය ඔහුට සම්මානයක් විදිහට ලැබුණු එක ඒ ගැන ලොකු සතුටක් තියෙනවා කියලයි ඔහු කියන්නේ.

ඒ වගේම ඔහු සාමාන්‍ය පෙළ විභාගයට A සාමාර්ථ 7ක් සහ C සාමාර්ථ 2ක් සහිතව සමත් වෙලා උසස් පෙළ හැදෑරීමට කොළඹ නාලන්දා විද්‍යාලයට ඇතුළත් වෙලා තියෙනවා. ඒත් එක්කම සාමාන්‍ය පෙළ දක්වා ඔහු සංගීතය පැත්තෙන් සමස්ත ලංකා මට්ටම වනතුරු ජයග්‍රහණ ලබලා තිබුනත් උසස් පෙළ හදාරන කාලෙ සංගීත කාමරයේ පැත්තකටවත් ගියේ නැහැ කියලත් ඔහු කියනවා. මොකද ඒ කාලේ ඔහු කරලා තියෙන්නේ ඉගෙන ගන්න එක විතරයි.

ඉතින් ඔහු උසස් පෙළ හැදෑරුවෙ වාණිජ අංශයෙන් නිසා උසස් පෙළ විභාගයට A සාමාර්ථ 2ක් සහ B සාමාර්ථ 1ක් සහිතව සමත් වෙලා වාණිජවේදී උපාධියක් සඳහා විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්නත් ඔහුට හැකි වුණා. නමුත් ඒ කාලෙ තිබුණු දරිද්‍රතාව සහ තවත් ගැටලු කිහිපයක් නිසා ඔහුට විශ්වවිද්‍යාල අධ්‍යාපනය නවත්වන්න සිදුවුණා කියලයි සඳුන් කියන්නේ. මොකද ඔහුට උගන්වනවාට වඩා ඔහුගේ පවුලට එදිනෙදා අවශ්‍යතා සපුරාගෙන ජීවත් වෙන්න ඕනි වාතාවරණයක් තිබුන නිසා. කොහොම නමුත් අදටත් ඔහු හරි ආසයිලු කවදාහරි ඩිග්‍රි එක කම්ප්ලීට් කරන්න.

ඒ වගේම ඔහු බින්දුවෙන් ජීවිතේ පටන් අරගෙන ලොකු ගමනක් ආපු ගායකයෙක්. ඉතින් මුල් කාලේ ඔහු සින්දු කරන්න සල්ලි හොයන්න කැසිනෝ ආයතනයක ඩීලර් කෙනෙක් විධියටත් වැඩ කරලා තියෙනවා. ඒ වගේම මුලදී ඔහු ලහිරු මුදලිගේ එක්ක ගීත දෙකක් කළා වුනත් ඒක ජනප්‍රිය වුණේ නැහැ කියලයි සඳුන් කියන්නේ. කොහොම නමුත් ඔහොම යද්දී තමයි ඔහුට ‘ආයෙත් වරක්’ ගීතය වාසනාව අරගෙන ආවේ. ඉතින් ඒක රිලීස් වුණාට පස්සේ අවුරුදු ගාණක් වුණු මහන්සියේ ප්‍රතිඵල ලැබුණා කියලයි ඔහු කියන්නේ. ඒ වගේම මුල් කාලේ නොකා නොබී දිවා රෑ නොබලා පයින් ඇවිදපු දුර ඔහුටවත් හිතාගන්න බැහැලු. මේ ගමන එන්න ඔහු ඒ තරම් දුකක් විඳලා තියෙනවා. ඉතින් දුර හීන දැක්කොත් කවදාහරි අපිට ඒ දේවල් හැබෑ කරගන්න පුළුවන් කියලයි ඔහු අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *