අපේ රටේ මාධ්‍ය තවමත් ඉන්නේ පැරණි යුගයක, කාලෙකට පස්සේ මේ පාර ගෙදර අවුරුදු සමරනවා-සහන් රංවල
අවුරුදු කාලය ළංවෙත්ම ජන සංගීතය වටින් පිටින් අපිට අහන්න ලැබෙනකොට කාගේත් මතකයට එන නාමයක් තමයි ලයනල් රංවල කියලා කියන්නේ. ඉතින් මේ ජනසංගීතය හා බැඳුන සුවිශේෂීම නාමය වන ලයනල් රංවලයන් විසින් ආරම්භ කළ රංවල බළකාය අද එතුමංගේ පුත් සහන් රංවල පවත්වාගෙන යනවා. ඉතින් ඒ ගැන වගේම මේ පාර අලුත් අවුරුද්ද ගැන කතා බහ කරන්න පහුගිය දවසක පුවත්පතක් විසින් සහන් රන්වලයන්ව කතා බහට එකතු කරගෙන තියනවා අපට දැකගන්න ලැබුණා.
ඉතින් වසන්ගතෙන් පස්සෙ රටේ ජනතාව මෙවර අවුරුදු සමරන්න වැඩි උනන්දුවක් දක්වනවා කියලයි ඔහු කියන්නේ. ඒ වගේම ඔහුගේ රංවල බළකායේ කණ්ඩායට කොළඹ, ගම්පහ මූලික කරගෙන පවත්වාගෙන ආපු කටයුතු මේ වනවිට මාතර, මාතලේ සහ මහනුවර යන නගරවල ශාඛා ආරම්භ කරල තියෙනවා කියලත් ඔහු කියනවා. ඉතින් ලොකු උනන්දුවකින් ඒවාට සහභාගි වන දරුවෝ තරුණියෝ අපිට දකින්න ලැබෙනවා කියලයි සහන් කියන්නේ. ඒ වගේම ඔවුන්ගේ නිර්මාණශීලි වැඩකටයුතු වලටත්ඔවුන්ව සහභාගි කරගන්නවා වගේම ඔහුගේ තාත්තගෙ ගෝලයෝ තමයි මේ වැඩසටහන් මෙහෙයවමින් කටයුතු කරන්නේ.

ඒත් එක්කම පසුගිය දවස්වල අලුත් නිර්මාණ කිහිපයක්ම එළිදක්වන්න ඔවුන් කටයුතු කළා. එකක් අමන්ද්‍යා උත්පලීගෙ ‘රැජිනට ඇන්දා’ ගීතය. ඒ වගේම ඇමරිකාවේ පදිංචි නවක ගායන ශිල්පිනියක් වන සුමුදු ජයනි වෙනුවෙනුත් ඔහු නිර්මාණයක් කරළා තියෙනවා ‘බෑදිය’ කියන ගීතය. කොහොම නමුත් අලුත් අවුරුද්ද ගැන කතා කළාට ඔහු අවුරුද්ද වෙනුවෙන් අවුරුදු දහයකින් ගීතයක් නිර්මාණය කරල නැහැ කියලත් සහන් කියනවා. ඉතින් මෙවර ආරාධනයක් ලැබිලා තියෙනවාලු කෝකිලා අධිකාරි ගායන ශිල්පිනිය වෙනුවෙන් ගීතයක් නිර්මාණය කරන්න කියලා.
ඒ වගේම අපේ රටේ මාධ්‍ය තවමත් ඉන්නෙ පැරණි යුගයක කියලයි සහන් නම් කියන්නේ. ඉතින් සමහර මාධ්‍ය හිතාගෙන ඉන්නවාලු අසූගණන්වල වගේ බටහිර දේම තමයි අපි තවමත් කරන්න ඕන කියල. නමුත් මේ වනවිට ලෝකයේ බොහෝ රටවල් තමන්ගේ අනන්‍යතාවක් එක්ක ඉදිරියට යන්න පටන්ගෙන තියෙනවා කියලත් ඔහු කියනවා. ඉතින් ලෝකය මෙහෙම වෙනකොට අපි විතරක් වෙන රටවල් වගේ වෙන්න හදන එක ඒ තරම් ප්‍රායෝගික නැහැ කියලයි ඔහු කියන්නේ. ඒ නිසා අපි අපේ දේ දියුණුකර ගන්න එක කරන්න ඕන නිසා වෙනුවෙන් මාධ්‍යයටත් යම් කිසි වගකීමක් තියෙනවා කියලත් සහන් කියනවා.

ඒ වගේම ඔවුන් 2019 අගභාගයේ ලංකා රිද්ම කියල දසවැදෑරුම් වැඩපිළිවෙළක් හැදුවා. ඒකෙන් කියවුණේ 2030 වනවිට ලංකාවේ රිද්මය කොතැනට ද ගේන්න ඕන කියන දේ. ඒ වගේම විදෙස් රටවල ඉන්න අපේ රටේ ළමයි වෙනුවෙන් ‘හෙළ සුවඳයි අපේ ළමයි’ කියන වැඩසටහන ආරම්භ කරන්නත් ඔවුන්ට මේ වනවිට හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් ඔක්තෝබර් පළමුවැනිදා ළමා දිනය වෙනුවෙන් විදෙස්ගතවෙලා ඉන්න අපේ රටේ දරුවන් නැවතත් එකතු කරන්න බලාපොරොත්තු වෙනවා කියලයි ඔහු කියන්නේ. ඒ වගේම මේකට ලෝකයේ විවිධ රටවල ජීවත් වන අපේ දරුවන් එකතුවෙලා ඉන්නවා කියලයි ඔහු අවසාන වශයෙන් පවසලා තිබුනේ.