Watapita

Just another WordPress site

දැන් හැමෝම මට කතා කරන්නේ ජින්තු කියලා, පොඩි කාලේ ඉදන්ම මම ආසාවෙන් හිටියේ නළුවෙක් වෙන්න-යොහාන් සඳරුවන්

මේ දිනවලා පුංචි තිරය ඔස්සේ විකාශනය වන සැලෙනා නුවන් ටෙලිනාට්‍යයේ ජින්තුගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම නැවක් රංගන ශිල්පියෙක් තමයි යොහාන් සඳරුවන් කියලා කියන්නේ. ඒ වගේම ඔහු ගුවන් විදුලි නිවේදකයෙක් මෙන්ම හඬ කැවීම් ශිල්පියෙක් විදිහටත් හදුන්වලා දෙන්න පුළුවන්. ඉතින් ඔහු පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඔහුගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ඔහු දැනට කළා කටයුතු වලට අමතරව බැංකුකරණය සම්බන්ධයෙන් වැඩිදුර අධ්‍යාපනය හදාරමින් ඉන්නවා කියලයි යොහාන් කියන්නේ. ඒ වගේම ඔහු විවිධ තැන්වල ඇවිදින්න ආස නිසා ට්‍රැවලින් සම්බන්දව යූ ටියුබ් නාළිකාවක් කරගෙන යනවා කියලත් ඔහු කියනවා.

ඒ වගේම මේ දිනවල ඔහු රඟපාන ‘සැලෙනා නුවන්’ ටෙලි නාට්‍යය විකාශය වෙනවා වගේම තව අලුත් ටෙලි නාට්‍යයක් සියත නාළිකාව හරහා විකාශය වෙන්න නියමිතයි කියලයි ඔහු කියන්නේ. ඒ වෛතාලය කියලා අලුත් ටෙලිනාට්‍යයක්. ඒත් එක්කම ඔහු කෙම්මුර අඩවිය ගුවන් විදුලි නාට්‍යය සඳහාත් ගුවන්විදුලි හඬකැවීම්වලටත් සම්බන්ධ වෙලා ඉන්නවා.

ඒ වගේම සැලෙනා නුවන් ටෙලිනාට්‍යයේ ජින්තුගේ චරිතයට හොඳ ප්‍රතිචාර ලැබෙනවා කියලත් ඔහු කියනවා. ඒ නිසාම ප්‍රේක්ෂකයෝ පාරෙදි ඔහුව හදුනාගෙන ජින්තු කියලා තමයිලු කතා කරන්නේ. ඉතින් ඔහු දැන් කලාවට ඇවිත් අවුරුදු දෙකක් විතර වෙනවා. ඉස්සර ඉදන්ම පාසලේදී ප්‍රාථමික පන්තිවල අනාගත බලාපොරොත්තුව ඇහුවම ඔහු කිව්වෙ නළුවෙක් වෙනවා කියන එක කියලත් යොහාන් කියනවා. මොකද ඒ කාලෙ ඉඳන්ම ඔහුට ඉලක්කයක් තිබුණාලු රංගනයට එන්න. ඊට පස්සේ ඔහු මංගල සේනානායක මහත්මයාගෙ මඟුල් කෑම නාට්‍යයට සම්බන්ධ වෙලා රංගනය පිළිබඳ අභ්‍යාසය ලබා ගත්තා කියලයි ඔහු කියන්නේ.

ඒ වගේම අද ඔහු යම් තැනක ඉන්නවා නම් ඒ ඔහුගේ අම්මයි තාත්තයි නිසා කියලත් යොහාන් කියනවා. ඉතින් ඉස්සරහට අධ්‍යාපන කටයුතු කරගෙන යන ගමන් සංගීත ක්‍ෂේත්‍රයට යොමු වෙන්න බලාපොරොත්තුවක් තිබෙනවා කියලත් ඔහු කියනවා. ඒත් එක්කම වේදිකා නාට්‍ය සඳහා අවස්ථාවක් ලැබුණොත් සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා කියලයි ඔහු අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *