Watapita

Just another WordPress site

තාත්තා හැමවෙලේම කියන්නේ ඔහුගේ නම රැකගෙන රඟපාන්න කියලා, මම ක්ෂේත්‍රයට එන්නේ පුංචිම චරිතෙකින්-සමීර ඊරියගම

ළඟදීම අවසන් වෙන්න නියමිත මේ දිනවලත් පුංචි තිරය ඔස්සේ විකාශනය මෙගා ටෙලිනාට්‍යයක් වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයේ මිලන්ගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම කඩවසම් රංගන ශිල්පියෙක් තමයි සමීර ඊරියගම කියලා කියන්නේ. ඒ වගේම තාත්තගේ අඩි පාරේ යමින් රංගනයට පිවිසි ඔහු පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඔහුගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් 2009 ඉඳන් ඔහු මේ ෆීල්ඩ් එකේ හිටියත් බොහෝ දෙනෙක් ඔහුව හඳුනගත්තේ දෙවෙනි ඉනිමේ මිලාන් හරහා කියලයි ඔහු කියන්නේ. ඒ වගේම අදටත් ඒ චරිතයට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා කියලත් ඔහු කියනවා. ඉතින් ඔහු වගේ අය මිනිස්සුන්ට හිනාව ගේන කට්ටිය නිසා බණිනව නම් ගොඩක් අඩුයි කියලයි සමීර කියන්නේ. ඒ වගේම ඔහුගේ තාත්තා තමයි ජනප්‍රිය ප්‍රවීණ රංගන ශිල්පියෙක් වන හේමන්ත ඊරියගම.

ඉතින් තාත්තා ඔහුව ඩ්‍රාමා පන්තියකට දාලා කිව්වේ ඔහුගේ නම කන්නෙ නැතුව ඉගෙන ගෙන යන්න කියලාලු. ඊට පස්සේ ඔහු මුලින්ම චන්දන හේවාපතිරණ සහ ධර්මප්‍රිය ඩයස්ගෙන් ඉගෙන ගෙන තියෙනවා. ඉතින් ඒකෙන් තමයි ඔහුව පබළු නාට්‍යයට සම්බන්ධ කරළා තියෙන්නේ. ඒක මගේ පළමු රංගන අත්දැකීම. ඊට පස්සේ චන්දන මහතාගේම ‘කුණු දැමීම තහනම්’ කියන නාට්‍යයේ තුන්වැනි සහාය අධ්‍යක්ෂවරයා විදියට ඔහුව සම්බන්ධ කරලා තියෙන්නේ රංගනය ගැන ඉගෙන ගන්නත් එක්කමයි. ඉතින් ඔහොම තමයි ඔහු කළා ක්ෂේත්‍රයට සම්බන්ද වෙලා තියෙන්නේ.

ඒ වගේම ඔහුගේ තාත්තා නිතරම කියන්නේ තාත්තාගේ නම කැත කරන්නේ නැතුව වැඩේ ඉගෙනගෙන හරියට කරන්න කියලාලු. ඉතින් ෆීල්ඩ් එකේ අයට වුණත් ඔහු පුතා වුනාට ස්ක්‍රීන් ටෙස්ට් එකක් තියලා බලලා ගන්න කියලා තමයිලු තාත්තා කියන්නේ. ඒ වගේම ඔහු ආවේ පොඩි තැන ඉඳන් නිසා ඔහු සුළු චරිත වගේම ප්‍රධාන, උපප්‍රධාන චරිතත් කරලා තියෙනවා. ඉතින් ඔහු චන්දන හේවාපතිරණගේ තීර්ථ තරණය, ළෙන්ගතු අසපුව කියන නාට්‍යවල ප්‍රධාන චරිත කළා කියලයි ඔහු අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *