මම දැන් රඟපාන්න ඇවිල්ලා අවුරුදු 25ක් වෙනවා, එදා අපිට තිබුනේ චැනල් 2යි, අද පඳුරකට පයින් ගැහුවත් නළු නිලියෝ-සම්පත් ජයවීර
මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන ‘කී’, ‘කෝලංකුට්ටම’ වගේම ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වන කොඩිගහ යට යන ටෙලි නාට්‍යය තුන හරහාම ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම ප්‍රවීණ රංගන ශිල්පියෙක් තමයි සම්පත් ජයවීර කියලා කියන්නේ. ඉතින් දක්ෂ චරිතාංග රංග ශිල්පියකු වන ඔහු වේදිකාව පුංචි තිරය සිනමාව ජයගත් ත්‍රිත්ව මාධ්‍යයේම ජය කෙලි නැංවු රංගන ශිල්පියෙක් බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ. කොහොම නමුත් මේ දිනවල තිරගත වන ඉගිල්ලෙන මාළුවෝ චිත්‍රපටයේ ඔහුගේ ආන්දෝලනාත්මක රංගනය නිසාත් ඔහු කා අතරත් කතා බහට ලක්වෙනවා. ඉතින් ඔහු පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඔහුගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ඔහු රංගනයෙන් දායක වෙන කෝලංකුට්ටම ටෙලි නිර්මාණයේ දොලේ මහත්තයාට ඉතාම ඉහළ ප්‍රතිචාරයක් ලැබෙනවා කියලයි ඔහු කියන්නේ. ඒ වගේම සෑහෙන පිරිසක් එම ටෙලි නාට්‍යය නරඹන නිසා සමාජයේ හැම තරාතිරකම අයගෙන් භේදයක් නැතුව ප්‍රතිචාර ලැබෙනවා කියලත් ඔහු කියනවා. ඉතින් ඔහු වේදිකාවට පුංචි තිරයට වගේම සිනමාවටත් එකසේ ආදරය කරන නිසා ඔහුට අවශ්‍ය මොන දේ කළත් ගුණාත්මක දෙයක් කරන්නලු.

ඒ වගේම ඔහු 1998 වසරේ මහරගම ජාතික තරුණසේවා සභාවේ නාට්‍ය හා රංග කලා පුහුණු වැඩමුළුවත් සමඟ තමයි රංගන ක්ෂේත්‍රයට එක්වෙන්නේ. ඒ අනුව ඔහුගේ කලා ජීවිතයට මේ වන විට අවුරුදු විසිපහක් වෙනවා කියලයි ඔහු කියන්නේ. ඉතින් මේ කාලය පුරාවට ඔහු රඟපෑ විවිධ චරිත ප්‍රේක්ෂකයෝ විවිධ වකවානුවලදී වැලඳ ගත්තා කියලත් ඔහු කියනවා. ඒ වගේම ඔහු ඒක රැයකින් ජනප්‍රිය වෙච්ච නළුවෙක් නොවෙන නිසා විවිධ නිර්මාණවල යෙදිල ටිකෙන් ටික ආපු ගමනක් තමයිලු ඔහුට තියෙන්නේ. ඉතින් එදා තිබුණේ චැනල් එකයි දෙකයි වුනත් අද වෙද්දී නාළිකාත් බොහොමයි කියලයි සම්පත් කියන්නේ. ඒ වගේම එදා ටෙලි නාට්‍යයක් විකාශය වුණේ දවසට එකයි වුනත් අද දවස පුරාම ටෙලි නාට්‍ය විකාශනය වෙනවා. කොටින්ම කිව්වොත් එදා නළු නිළියන්ව ප්‍රේක්ෂකයින්ට හොඳට මතකයි කියලයි ඔහු කියන්නේ. ඒත් අද පඳුරකට පයින් ගැහුවාහම ඕනෙ තරම් විසිවෙන නළු නිළියන් පිරිසක් ඉන්න කාලයක් කියලත් ඔහු කියනවා.

ඒ නිසාම ගුණාත්මක දෙයක් කරන කෙනෙක්ට විතරයි අද පැවැත්මක් තියෙන්නේ. ඒ වගේම ඔහු යම් දෙයක් මේ වසර විසිපහ තුළ කරපු නිසා වෙන්න ඇතිලු ඔහුව අදටත් ටෙලි නාට්‍ය නිර්මාණයක දකින්න ලැබෙන්නේ. ඉතින් අද වෙනකොට ඔහුව ප්‍රේක්ෂකයා ග්‍රහණය කරගෙන ඉන්නේ නම් දොලේ මහත්තයා ලෙස නිසා ඒ රංගනය ඉතාම සාර්ථකයි කියලයි ඔහු අවසාන වශයෙන් පවසලා තිබුනේ.