Watapita

Just another WordPress site

තමන්ගේ කෙල්ලව සතුටු කරන්න කොල්ලෙක්ට ගටක් තියෙන්න ඕන, දිනිති තමයි මගේ ජීවිතේ වෙනස් කලේ-සංගීත් සතරසිංහ

අපේ කළා ක්ෂේත්‍රය තුල ඉන්න දක්ෂ ජනප්‍රිය මෙන්ම කඩවසම් රංගන ශිල්පියෙක් තමයි සංගීත් සතරසිංහ කියලා කියන්නේ. ඒ වගේම ඔහු ගැන මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ අතිශයින් කතා බහට ලක්වෙන්නේ ඔහුගේ සහ ජනප්‍රිය සුරූපී නිලි දිනිති වල්ගමගේ අතර තියෙන ප්‍රේම සම්බන්දය නිසයි. ඉතින් මේ ගැන වගේම ඔහුගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරන්න පහුගිය දවසක පුවත්පතක් විසින් ඔහුව කතා බහට එකතු කරගෙන තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ඔහු ආදරය සහ විවාහය නිසා කාලයකදී ජීවිතයේ විවිධ හැලහැප්පීම්වලට මුහුණ දුන්න කෙනෙක් වුනත් දැන් දිනිති මුණගැහුණාට පස්සේ ඔහුගේජීවිතය ගොඩක් වෙනස් වුණා කියලා සංගීත් කියනවා. ඒ වගේම ඔවුන් ඔවුන්ගේ ආදර කතාව රහසක් විදිහට කිසිම වෙලාවක තියා ගත්තේ නැහැ කියලත් ඔහු කියනවා. ඉතින් දිනී සහ ඔහු ආශ්‍රය කළේ හොඳම යාළුවෝ හැටියට නිසා ඒ විදිහට යාළුවෝ හැටියට ඉද්දී කාලයක් යද්දී නොදැනීම ඔවුන් දෙන්නාට දෙන්නා ආදරේ කරන්න පටන් අරන් තියෙනවා.

ඒ වගේම දෙන්නට දෙන්නා හොඳට තේරුම් ගන්න පුළුවන් වුනු නිසා ඒ තේරුම් ගැනීම නිසා දෙන්නට හොඳ යාළුවෝ වගේම ප්‍රේමවන්තයන් වෙන්නත් පුළුවන් වුණා කියලත් සංගීත් කියනවා. ඒත් එක්කම පහුගිය දවසක සංගීත් දිනිතිට දුන්න ගිෆ්ට් එකක් ගැන වගේම වැලන්ටයින් සප්‍රයිස් එක ගැනත් බොහෝ දෙනෙක් අතරේ කතා බහට ලක්වුණා. ඉතින් දිනී කියන්නේ ස්ථාවර වුණු කෙනෙක් වගේම හොඳට ඉගෙනගෙන රස්සාවක් කරලා තනියම ගොඩනැගුණු කෙනෙක් කියලයි සංගීත් කියන්නේ. ඒ නිසා එයාට කවුරුත් අල්ලගෙන ගොඩ යන්න වුවමනාවක් නැහැ කියලත් සංගීත් කියනවා. හැබැයි සංගීත්ගේ ජීවිතයේ ඔහුට හම්බුණු ගොඩක් අය ඔහුගේ ළඟ රැඳුණේ ඔහුගෙන් දේවල් බලාපොරොත්තුවෙන්ලු. ඉතින් ඔහුගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු නොවී ඔහුව තේරුම් අරගෙන ඔහුට ආදරේ කළේ දිනී විතරයි කියලත් සංගීත් කියනවා.

කොහොම වුණත් දිනීගේ ප්‍රේමවන්තයා හැටියට ඔහු ඔහුගේ යුතුකම් ඉෂ්ට කරනවා කියලයි සංගීත් කියන්නේ. ඉතින් ඇයට තෑග්ගක් දෙන එක surprise කරන එක ඔහුට ලොකු සතුටක් කියලත් සංගීත් කියනවා. ඒ වගේම කෙල්ලෙක් එපා කිව්වත් නැතත් ඒ කෙල්ලව සතුටු කරන්න තරම් කොල්ලෙක්ට ගටක් තියෙන්න ඕනේ කියලයි සංගීත් කියන්නේ. ඒ වගේම දිනිති කියන්නේ හැම වෙලාවකම ඔහුව ඔප දාන්න උත්සාහ කරපු කෙනෙක් කියලත් ඔහු කියනවා. ඉතින් අද ඔහු ඉන්නේ කලින් හිටපු තැන නෙමෙයිලු. මොකද ඔහුගේ ඇඳුම් පැලඳුම්, කතා කරන දේවල්, ඔහු හිතන පතන විදිහ වගේම ඔහුගේ ජීවිතයේ ගොඩක් දේවල් මේ වෙද්දි දිනිති හොඳ තැනකට වෙනස් කරලා තියනවා කියලයි ඔහු කියන්නේ. ඉතින් ඔහුගේ ජීවිතයේ ඔහුට ගොඩක් දේවල් ලැබුණේ දිනිති නිසා කියලයි සංගීත් අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *