Watapita

Just another WordPress site

අපි දෙන්නම වෙජිටේරියන්, කස්තුරි මගේ ජීවිතේට ආවේ මගේ වාසනාවට, අපි ආදරේ කරන්නේ විවාහ වෙන්නමයි-සංගීත් ප්‍රභූ

අපේ කළා ක්ෂේත්‍රය තුල ඉන්න දක්ෂ ජනප්‍රිය මෙන්ම සම්මානනීය රංගන ශිල්පියෙක් තමයි සංගීත් ප්‍රභූ කියලා කියන්නේ. ඉතින් පහුගිය කාලයේ පුංචි තිරය ඔස්සේ විකාශනය වුනු නාඩගම්කරයෝ ටෙලිනාට්‍යයේ කවඩියාගේ චරිතය හරහාත් ඔහු ඉතාම ජනප්‍රිය වුණා. කොහොම නමුත් ඔහු ගැන මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ වැඩිපුරම කතා බහට ලක්වෙන්නේ ඔහුගේ සහ ජනප්‍රිය සුරූපී නිලි කස්තුරි ජයවර්ධන සමඟ තියෙන ප්‍රේම සම්බන්ධය නිසයි. ඉතින් මේ දිනවලත් පුංචි තිරය ඔස්සේ චරිත කිහිපයක් හරහාම ප්‍රේක්ෂකයින් හමුවට එන ඔහු පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ඔහු දැන් පෙම්වතෙක් වුනත් තවම ඔවුන්ව තේරුම් ගනිමින් ඉන්නවා කියලයි සංගීත් නම් කියන්නේ. ඒ වගේම දැනට ඇය ඇයගේ ගමන යන අතරේ ඔහු ඔහුගේ ගමන යනවාලු තනි තනි විදිහට. ඉතින් කස්තුරි කියන්නේ හොඳ පෙම්වතියක් කියලත් ඔහු කියනවා. ඒ වගේම ඇය වගේ කෙනෙක් ලැබීම ගැන ගොඩක් සතුටුයි කියලයි සංගීත් කියන්නේ. ඒත් එක්කම ඇය ඔහුගේ ජීවිතේට ආවට පස්සේ ඔහු ගොඩක් සාර්ථක වුණා කියලත් සංගීත් කියනවා.

ඉතින් ඔවුන් දෙන්නා යාළුවෝ වගේ කාලයක් ආශ්‍රය කල නිසා ඒ කාලේ නොදැනුවත්වම ආදරේ කරන්න පටන් ගත්තා කියලයි ඔහු කියන්නේ. ඒ වගේම අදටත් මේ දෙන්නම කසාද බඳින්න තමයිලු ආදරේ කරන්නේ. නමුත් ඒකට මේ සුදුසු කාලය නෙමෙයි කියලත් ඔහු කියනවා. ඉතින් ඔවුන් දෙන්නා ජීවිතේ ගොඩනඟා ගනිමින් යන නිසා සුදුසු කාලයේ දි විවාහ වෙනවා කියලත් ඔහු කියනවා. ඒ වගේම මේ දෙන්නම වෙජිටේරියන් කියලයි සංගීත් කියන්නේ. මේ දෙන්න එකතු වෙන්නත් ඒක එක හේතුවක් වුණා කියලත් ඔහු කියනවා. ඉතින් එහෙම ගැළපිම් තියෙන එකත් හොඳයි කියලයි ඔහු අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *