Watapita

Just another WordPress site

ජනප්‍රිය ප්‍රවීණ නිලි සංගීතා වීරරත්නගේ ආදරණීය දියණියගේ 13වන උපන්දිනය කළා තරු පිරිවරාගෙන ජයටම සැමරුවේ මෙහෙමයි

අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන අපේ කළා ක්ෂේත්‍රයේ තුල නොමැකෙන නමක් රැන්දූ නිරන්තරයෙන්ම කාගේත් ආදරයට වගේම ගෞරවයට පාත්‍ර වන ආදරණීය සුන්දර රංගන ශිල්පිනියක් තමයි සංගීතා වීරරත්න කියලා කියන්නේ. ඉතින් ඒ වගේම නිරන්තරයෙන්ම සමාජ මාධ්‍ය තුලින් කාගේත් ආදරයට ගෞරවයට පාත්‍ර වන මේ ආදරණීය නිහතමානී රංගන ශිල්පිනියගේ ආදරණීය එකම දියණියගේ 13වන උපන්දිනය පහුගිය දවසක යෙදිලා තිබුණා. ඉතින් මේ අපූරු අවස්ථාව ජයටම සමරන්නත් ඔවුන් අමතක කරලා තිබුනේ නැහැ.

ඉතින් මේ වනවිට කාටත් ආදර්ශයක් සපයමින් සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන සංගීතා 2002 අවුරුද්දේදී තමයි රොෂාන්ත කාරියප්පෙරුම කියන ව්‍යාපාරිකයා සමඟ විවාහ වෙන්නේ. ඒ වගේම සංගීතාගේ සැමියා වන රොෂාන්ත කාරියප්පෙරුම සහ ඔහුගේ වැඩිමහල් සොහොයුරු ප්‍රියන්ත කාරියප්පෙරුම කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ විශාලතම මාධ්‍ය ජාලය වන වොයිස් ඔෆ් ඒෂියා නෙට්වර්ක් පුද්ගලික සමාගමේ හිමිකරුවන්ද වනවා.

ඉතින් ඒ වගේම සංගීතාගේ කළා ගමන ගැන කතා කරද්දී ඇය ගොඩක්ම ජනප්‍රියත්වයක් ලබාගත්තේ 1993 දී එච්.ඩී. ප්‍රේමරත්නගේ සප්ත කන්‍යා චිත්‍රපටයේ කමල් අද්දරාරච්චි සමඟ රඟපෑමෙන් පසුවයි. ඉතින් එම චිත්‍රපටයත් සමඟ අතිවිශාල ප්‍රේක්ෂක ආදරයක් ලබා ගත්ත ඇය එම වසරේ සරසවියේ හොඳම නවක නිලි සම්මානයද දිනා ගත්තා. ඉතින් එතැන් පටන් චිත්‍රපට 50 කට අධික සංඛ්‍යාවකට ඇය රංගනයෙන් දායක වෙලා තියනවා. ඒ අතර රැ දනියෙල් දවල් මිගෙල් වගේ විශාල ජනප්‍රියත්වයක් ලැබුණු චිත්‍රපට රැසක් ඒ අතර වනවා.

කොහොම නමුත් පහුගිය දවසක ජයටම සමරපු සංගීතාගේ ආදරණීය දියණියගේ උපන්දින සාදයට ජනප්‍රිය කළා තරු රැසක් එකතු වෙලා තියනවා අපට දැකගන්න ලැබුණා. ඒත් එක්කම මේ අපූරු උපන්දින සාදයේ සුන්දර අවස්ථා මේ තරම් ලස්සනට කැමරා කාචයට හසුකරගෙන තිබුනේ අපේ රටේ ඡ‍ායාරෑප කරන ක්ෂේත්‍රයේ ඉහල පෙලේ නමක් දිනාගෙන ඉන්න දක්ෂ ජනප්‍රිය ඡායාරූපකරන ආයතනයක් වන Thilina Ben Photography ආයතනය විසිනුයි.

ඉතින් මේ විදිහට පහුගිය දවසක 13වන උපන්දිනය සැමරූ සංගීතාගේ එකම දියණියට අපිත් සුබම සුබ උපන්දිනයක් කියලා සුබ පතන ගමන් මේ ආදරණීය පුංචි කැදැල්ලට හැමදාමත් මේ වගේම ආදරෙන් සතුටෙන් ජීවත් වෙන්න වාසනාව ලැබෙන්න කියලත් අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *