සිනමාව කියන්නේ මගේ එක හීනයක්, නමුත් මගේ පෙනුමටයි කතාවටයි ලැබෙන්නේ එකම වගේ චරිත-සංජානා ගමආරච්චි
පුංචි තිරය ඔස්සේ නිරන්තරයෙන්ම ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර රංගන ශිල්පිනියක් තමයි සංජානා ගමආරච්චි කියලා කියන්නේ. ඒ වගේම ඇය මියුසික් වීඩියෝ හරහා මෙන්ම වෙළඳ දැන්වීම් හරහාත් අපට නිරන්තරයෙන්ම දැකගන්න ලැබෙනවා. ඉතින් දක්ෂ නර්ථන ශිල්පිනියක් මෙන්ම නිවේදන ශිල්පිනියක් විදිහටත් කටයුතු කරන ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.
ඉතින් මේ දවස් වල හැමෝම මුහුණ දීලා තියෙන්නේ අතිශය දුෂ්කර කාල වකවානුවකට නිසා අර්බුද ගණනාවකට මැදිවෙලා කලා කටයුතු කරගෙන යන්න සිද්ද වෙලා තියෙනවා කියලයි ඇය කියන්නේ. කොහොම නමුත් ඇය රංගනයෙන් දායක වෙන ටෙලි නාට්‍ය කිහිපයක්ම මේ දිනවල විකාශනය වෙන නිසා ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර ඉතා ඉහළයි සහ හරිම ආදරණීයයි කියලත් ඇය කියනවා.

ඒ වගේම ඇයගේ පෙනුම සහ කතා විලාසය නිසාත් ඇයට ලැබෙන්නේ එකම වගේ චරිතලු. හැබැයි ඇයට ලැබෙන චරිත දඟකාර වුනත් චරිත එකිනෙකට වෙනස් විදිහට සමබරව කරගෙන යෑමේ හැකියාව ඇයට තිබෙන නිසා කොහොමත් එකම චරිතයට කොටු වෙන්න කැමැති නැහැ කියලයි සංජානා නම් කියන්නේ. ඒ වගේම ඇයට රංගනයට එන්න අවස්ථාව ලැබෙන්නේ අවුරුදු කුමාරි තරගය හරහා. ඇය පුංචි කාලේ ඉඳලාම ගොඩක් ආසාවෙන් හිටියාලු කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න. ඉතින් අවුරුදු කුමාරි තරගය නිසා ඒ හීනය සැබෑ කරගන්න හැකියාව ලැබුණා කියලත් ඇය කියනවා.

ඒ වගේම ටෙලි නාට්‍යවලට දායක වුණු මුල් කාලේ ඉඳලම ප්‍රේක්ෂක ජනප්‍රියත්වක්ය ලැබුණා කියලයි ඇය කියන්නේ. ඒත් එක්කම යූ ටියුබ් නාලිකාව පටන් ගත්තට පස්සේ ඒ ජනප්‍රියත්වය තවත් වැඩි වුණා කියලත් ඇය කියනවා. ඉතින් නාලිකාව පටන් අරන් මාස 3ක් වගේ සබ්ස්ක්‍රයිබර්ස්ලා ලක්ෂය සම්පූර්ණ කරලා සිල්වර් බට්න් එකත් ඇයට ලැබුණා. ඒ වගේම ඇය කවදත් කෙලින් ඕනම දෙයක් කතා කරන කෙනෙක් නිසා ඒ දේවල්වලට හොඳ වගේම ඕන තරම් විවේචනත් ඇවිත් තියෙනවාලු.

කොහොම නමුත් ඇය මුලින්ම ආවේ පුංචි තිරයට. ඉතින් සිනමාවට එන එක ඇයට තිබුණු පුංචි හීනයක් නිසා ඒ හීනයත් ඉදිරියේදී සැබෑ වෙන්නවා කියලයි ඇය කියන්නේ. ඒ වගේම ඇය මේ වෙද්දී නිවේදනය, හඬ කැවීම් කරනවා වුනත් ප්‍රධානම දේ රඟපෑම කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.