Watapita

Just another WordPress site

අහම්බෙන් නිලියක් වුනාට මම තාමත් කැමති ගුරුවරියක් වෙන්න, මම තවම පෙම්වතියක් නෙවෙයි-සංජානා විජේනායක

මේ දිනවල ස්වර්ණවාහිනී නාලිකාව ඔස්සේ විකාශනය වන නොනිමි ටෙලිනාට්‍යයේ සමරසිංහ මැඩම්ගේ දුව ෂෙනාලි ලෙසින් ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී නවක රංගන ශිල්පිනියක් තමයි සංජානා විජේනායක කියලා කියන්නේ. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ඇය ඉගෙන ගෙන තියෙන්නේ මහනුවර හිල්වුඩ් විද්‍යාලයෙන්. ඒ වගේම පාසල් යන කාලේ ඇයගේ වැඩිම කැමැත්ත තිබුණේ ගුරුවරියක් වෙන්න කියලයි ඇය නම් කියන්නේ. කොහොම නමුත් රඟපාන්නත් පොඩි අවස්ථාවක් ලැබුණොත් හොඳයි කියලා වගේ අදහසකුත් හිතේ තිබුණා කියලත් ඇය කියනවා. මොකද ගෙදරින් ඇයට නිදහස දීලා තියෙනවාකැමැති දෙයක් කරන්න. ඒ වගේම ඇයගෙ අම්මා තාත්තා දන්නවාලු ඇය කවදාවත් වැරදි තීරණ ගන්නේ නැහැ කියලා. ඉතින් ඇය පාසලේ නිවේදන කටයුතු කරලා තියනවාලු.

ඒ වගේම ඇය ඇයගේ අම්මාගේ සාරි ඇඳගෙන ගුරුවරියක් වගේ පුංචි කාලේ රඟපානවා කියලයි ඇය කියන්නේ. ඉතින් ඇයගේ නැන්දා ගුරුවරියක් නිසා ඒ කාලේ ඉඳලම ගුරුවරියක් වෙන්න තමයිලු ඇය හීන දැක්කේ. කොහොම නමුත් ඇය අදටත් ගුරුවරියක් වෙන්න බලාපොරොත්තුවෙන් වැඩ කරගෙන යනවා කියලත් සංජානා කියනවා. ඉතින් දැනට ඇය කැලණිය විශ්වවිද්‍යාලයේ බාහිර උපාධියේ වැඩ කටයුතු කරගෙන යනවා.

ඒ වගේම නොනිමි කියන්නේ ඇයගේ ප්‍රථම ටෙලි නාට්‍ය. ඉතින් ප්‍රධාන චරිතයක් එක්කම රඟපාන්න ඇයට ඒ අවස්ථාව ලැබීම ගැන ගොඩක් සතුටුයි කියලයි ඇය කියන්නේ. ඒත් එක්කම ප්‍රවීණයන් එක්ක හා හා පුරා කියලා ප්‍රථම වරට රඟපාන්න අවස්ථාව ලැබුණු එක ලොකු වාසනාවක් කියලත් ඇය කියනවා. මොකද ඇයගේ අම්මා විදිහට ඉන්නෙ ප්‍රවීණ රංගනවේදිනියක් වන දිල්හානි අශෝකමාලා.

කොහොම නමුත් ඇය තවම පෙම්වතියක් නෙවෙයිලු. ඉතින් හොඳ තේරුම් ගැනීමක් තියෙන ඇය ගැන ලොකු විශ්වාසයකින් හා අවබෝධයකින් හැමදාටම ඇයත් එක්ක සතුටින් ඉන්න පුළුවන් විදිහෙ කෙනෙක් තමයිලු ඇය හොයන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *