Watapita

Just another WordPress site

චිත්‍රපටය සාරංගගේ වුනාට මට ලැබුනේ පුංචිම පුංචි කොටසක්, අනිත් අයට වගේ නෙමෙයි සාරංග මට සැර කරනවා-දිනක්ෂි ප්‍රියසාද්

සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන්ම කතා බහට ලක්වෙන දක්ෂ ජනප්‍රිය කළා ශිල්පීන් යුවලක් තමයි සාරංග දිසාසේකර වගේම දිනක්ෂි ප්‍රියසාද් කියලා කියන්නේ. ඒ වගේම මේ දෙන්නගෙම රංගන හැකියාවන් එකම නිර්මාණයකින් දකින්න දැන් රසිකයන්ට අවස්ථාව උදා වෙලා තියෙනවා. ඒ ‘යාළුවෝද යාළුයිද’ සිනමා නිර්මාණය හරහා. ඉතින් මේ ගැන වගේම අලුත්ම තොරතුරු ගැන කතා බහ කරන්නත් පහුගිය දවසක පුවත්පතක් විසින් දිනක්ෂිව කතා බහට එකතු කරගෙන තිබුණා.

ඉතින් මේ චිත්‍රපටය රූගත කළේ ගිය අවුරුද්දෙ කියලයි ඇය කියන්නේ. ඒ වගේම මේක සම්ප්‍රදායෙන් ඔබ්බට ගිය වෙනස් විදිහේ නිර්මාණයක් කියලත් ඇය කියනවා. කොහොම නමුත් ගොඩක් වෙලාවට අලුත් පරම්පරාව කියන දෙයක් තමයි එයාලට හරියන විදිහේ චිත්‍රපට හැදෙන්නෙ නැහැ කියන දේ. ඉතින් මේ චිත්‍රපටය විශේෂයෙන්ම ඔවුන් ඉලක්ක කර කරපු නිර්මාණයක් විදිහට හඳුන්වන්න පුළුවන් කියලයි දිනක්ෂි නම් කියන්නේ. ඒ වගේම සාරංග දිනක්ෂි සැබෑ ජීවිතයේ කපල් එක වුණාට මේ චිත්‍රපටයේදී ඔවුන්ට ලැබිලා තියෙන්නේ වෙනස් චරිත දෙකක්. ඉතින් ඇයට ලැබිල තියෙන්නෙ සාමාන්‍ය ජීවිතයේ ඇයගේ චරිතයට වඩා ටිකක් නපුරු චරිතයක් කියලත් දිනක්ෂි කියනවා. ඒ වගේම සාරංගටත් ලැබිල තියෙන්නෙ ටිකක් අමුතු විදිහේ චරිතයක්ලු.

ඒ වගේම සාරංග අලුත් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළා වගේම නිෂ්පාදනය කළෙත් ඔහුමයි. ඉතින් ඒකත් තරුණ පරම්පරාව ඉලක්ක කොට කරපු නිර්මාණයක් වගේම ඉදිරියේදී ඒකත් දැකබලාගන්න පුළුවන් කියලයි දිනක්ෂි කියන්නේ. කොහොම නමුත් සාරංග අධ්‍යක්ෂණය කලාට මේ චිත්‍රපටයේ ඇය පෙනී ඉන්නෙ පුංචි කොටසකට විතරයි. ඉතින් ඒ චරිතය සාරංගට වුවමනා විදිහට ඇයව හසුරුවලා කරගත්තා කියලත් දිනක්ෂි කියනවා. වෙනසකට තියෙන්නෙ අනෙක් නළු නිළියන්ට බොහොම සුහදව කිව්වත් ඇයට සාරංග ටිකක් සැර කරනවාලු.

ඒ වගේම එම චරිතයට සුදුසු කෙනාව මිසක් පවුලේ අය කියල ප්‍රධාන චරිතවලට ගන්න ඕන කියල නීතියකුත් නැහැ කියලයි ඇය කියන්නේ. ඉතින් ඩිරෙක්ටර් කෙනෙක් හැටියට සාරංගට විෂන් එකක් තියෙන නිසා ඒ විෂන් එකට මැවෙන රූප වලට හරියන අයයි තෝරා ගෙන තියෙන්නේ. ඉතින් ඇයගෙත් උදව් ඇතිව සාරංග කාස්ට් කළා කියලත් දිනක්ෂි කියනවා.

ඒ වගේම සාරංගගෙ මුල්ම අධ්‍යක්ෂණයට නතු වුණ ප්‍රධාන නිළිය තමයි ටාෂි කාලිදාස. ඇය පාකිස්තාන් චිත්‍රපටයකටත් රඟපෑමෙන් එකතු වෙලා බොහොම ජනප්‍රිය වුණා. ඉතින් ඇයගේ කුසලතාවන් එක්ක ඔවුන්ට හිතුණාලු ඇය තමයි සුදුසු කෙනා කියලා. ඒ වගේම දිනක්ෂි සාරංග එක්ක යාළු වෙනකොට වගේම ඔවුන් කසාද බඳිනකොටත් සාරංග ගොඩක් ජනප්‍රියයි කියලයි ඇය කියන්නේ. ඉතින් ඔහු තවත් ජනප්‍රිය වෙනවනම් ගොඩක් කැමතියි කියලයි දිනක්ෂි අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *