මම දැන් කළා ක්ෂේත්‍රය තුල අවුරුදු 20ක් රඟපානවා, නමුත් නළුවෙක් විදිහට අදටත් මම තෘප්තිමත් නැහැ-සරත් කරුණාරත්න
මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන දිවිතුරා ටෙලිනාට්‍යයේ සමීරගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පියෙක් තමයි සරත් කරුණාරත්න කියලා කියන්නේ. ඒ වගේම උසස් පෙළ ඉවර කරලා ජාතික තරුණ සේවා සභාවේ රංග ශිල්ප ශාලිකාවෙන් රංගනය හදාරලා ඊට පස්සේ ඔහුට රඟපාන්න ලැබෙන චරිත ඔස්සේ සහ පොතපත කියවීමෙන් මෙන්ම නාට්‍ය වැඩමුළුවලට සහභාගීවෙමින් රංගනය ගැන අධ්‍යයනය කරමින් අපේ කලා ක්ෂේත්‍රය තුළ සාර්ථක ගමනක් යන ඔහු පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඔහුගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.
ඉතින් මේ දිනවල වේදිකාව නිසා කාර්යබහුල වෙලා ඉන්නවා කියලයි ඔහු කියන්නේ. ඔහු සම්බන්ධ වුනු අලුත්ම වේදිකා නාට්‍ය තමයි සුජීව ප්‍රියලාල් අධ්‍යක්ෂණය කරන ලද ‘සුකිරි බටිල්ලෝ’ වේදිකා නාට්‍යය. ඒ වගේම ඔහු රංගනයෙන් දායක වුණු ‘බල්ලොත් එක්ක බෑ, චරිතේ හොරු අරන්, රජා මං වහලා’ වගේ නාට්‍යය මේ වෙද්දී දිවයින පුරා වේදිකාවෙන නිසා සති අන්තය වෙන් වෙන්නේ ඒවායෙහි දර්ශනවාරවලට කියලත් ඔහු කියනවා.

ඒ වගේම මේ දවස් වල වැඩිම ප්‍රතිචාර තියෙන්නේ දිවිතුරා හී සමීරට කියලයි සරත් කියන්නේ. ගොඩක් අය ඇයට සමීර කියලාලු කතා කරන්නේ. ඒ වගේම තමයි ඔහුව හමුවුණාමත් ප්‍රේක්ෂකයන් අහන්නේ කෝ ටීනා කියලාලු. ඉතින් දිවිතුරා කියන්නේ වෙනස් විදියේ නාට්‍යයක් නිසා සාමාන්‍යය පෙම් පලහිලව්වකට එහා ගිය කතාවක් නිසා ගොඩක් අය කැමති නාට්‍යයක් බව ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර වලින් තේරෙනවා කියලත් ඔහු කියනවා.

ඒ වගේම ඔහු කළා ක්ෂේත්‍රයට ඇවිත් දැන් වසර 20 ක් සම්පූර්ණයි කියලයි ඔහු කියන්නේ. ඉතින් වේදිකාවට තමයිලු ඔහු මුලසිටම අදටත් ගොඩක්ම ආස වෙලා ඉන්නේ. ඉතින් පුංචි තිරයේ නම් ඔහු නිර්මාණ ගොඩක වැඩ කරලා තියෙනවා වුනාට සිනමාවේ නම් ඔහු නිර්මාණ තුනකට වගේලු රංගනයෙන් දායක වෙලා තියෙන්නේ. නමුත් නළුවෙක් විදියට අද තෘප්තිමත් ද ඇහුවොත් ටෙලි නාට්‍යය කලාවේ අද තියෙන නිර්මාණ වල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් යම් යම් ප්‍රශ්නකාරී තැන් තියෙනවා කියලත් ඔහු කියනවා. මොකද දැන් නිර්මාණවල ගුණාත්මකභාවයට ගොඩක් හානි වෙලා තියෙනවා කියලයි ඔහු අවසාන වශයෙන් පවසලා තිබුනේ.